Author Topic: LED / LCD Televisions  (Read 3199 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
LED / LCD Televisions
« on: March 09, 2011, 12:25:32 AM »
Advertisement
වෙළඳ පොළට ආපු අළුත්ම පැතලි තිර (flat screen) රූපවාහිනි වර්ගය වන LED/ LCD පැතලි තිර රූපවාහිනි ගැනයි මේ සටහන....



පොදුවේ ගත්තොත් LCD (Liquid Crystal Display) සහ LED. රූපවාහිනී දෙවර්ගයේ ඒතරම් වෙනසක් නැහැ.

මේ රූපවාහිනි සමග LED යෙදුම භාවිතා වෙන්නේ නවීන පැතලි තිර රූපවාහිනී වල ඒවායේ පසු ආලෝකනය (backlighting) නැමැති තාක්ෂණය සම්බන්ධයෙන්.
අපි ඒ ගැන මෙහෙම තේරුම් ගනිමු.


පරණ තාලේ රූපවාහිනී (CRT - Cathode Ray Tube) වල කිසියම් රූපයක් තිරය මත දර්ශනය කෙරෙන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් (electron beam) භාවිතයෙන්. කැතෝඩ් කිරණ නලයක් (මෙය රික්තයකි- vaccum tube ) තුලින් මතුවන මේ ඉලෙක්ට්‍රෝන කදම්බය "ෆොස්ෆර්" (phosphors) නැත්නම් ප්‍රකාශද පේළි රැසක් වරකට එක් පේලිය බැගින් ගෙන පරිලෝකනය (scan) කරමින් තමයි තිරය මත රූපය මතුකරන්නේ. (produce an image)

නමුත් LCD රූපවාහිනි වල තිරය මත රූප මතුකරන්නේ "පසු ආලෝකනය" (backlighting) නම් වන ක්‍රියාවලියක් / ක්‍රමයක් මගින්.
(මේ ක්‍රමයට "පසු ආලෝකනය" (backlighting) කියල නම් යෙදිලා තියෙන්නෙ LCD රූපවාහිනි වල ආලෝකය මතු කෙරෙන්නේ තිරය පිටුපසින් හෝ තිරයේ පැත්තකින් වීම නිසයි.  from the side or back of the display panel)

LCD රූපවාහිනි වල ඇති LCD චිපයන් (chips) හෝ පික්සල (pixels) තමන් විසින්ම ආලෝකය නිපදවන්නේ නැති නිසා තමයි මේ "පසු ආලෝකනය" නම් වන ක්‍රමය යොදාගන්නේ. මෙහිදී තිරය මත රූපය නිර්මාණය කරන්නේ රූපයේ නිර්මාණික අවශ්‍යතා අනුව කිසියම් ශීඝ්‍රතාවයකින් පත්තුවන සහ නිවෙන පික්සල මගින්. (pixels turned off or on at a specific refresh rate.)

LED / LCD රූපවාහිනි වල ඇති වෙනස තමයි ඒවායේ පසු ආලෝකනය LED යොදා ගැනීම. (LCD රූපවාහිනි වල යොදාගත්තේ ෆ්ලොරසන්ට් වර්ගයේ පසු ආලෝකන )

මේක තමයි LED / LCD රූපවාහිනී තුල තිබෙන වෙනස...

LCD රූපවාහිනි වලට වඩා මේ අළුත් LED රූපවාහිනී වල වාසිත් නැතුවා නොවෙයි.

> අඩු බලශක්ති පරිභෝජනය (Lower power consumption)

> සාමාන්‍ය LCD රූපවාහිනී වල මෙන් පසු ආලෝකනයට රසදිය යොදා නොගැනීම

> වඩා සංතුලනය වූ වර්ණ සන්තෘප්තිය (More balanced color saturation)

> තිරය පිටුපස පැතිරී යන ලෙස LED පිහිටුවා ඇති (LEDs are placed behind the entire surface of the screen) රූපවාහිනී වල අඳුරු දර්ශන වලදී ආලෝකය කාන්දුවීමක් ඇත්තේම නැති තරම් (little or no light leakage in dark scenes)




සිංහලයා ෆැන්ටසි නිම්නය වෙනුවෙන් මං,
ආශා නානායක්කාර



Image Version:

« Last Edit: March 09, 2011, 12:34:45 AM by Asha Nanayakkara »