Author Topic: දෙමුහුන් වාහන | Hybrid Vehicles  (Read 4938 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
දෙමුහුන් වාහන | Hybrid Vehicles
« on: March 12, 2011, 10:47:17 AM »
Advertisement




දෙමුහුන් වාහන වලට ඒ නම ලැබිල තියෙන්නේ ඒ වාහන ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට වෙනස් ශක්ති ප්‍රභව දෙකක් හෝ ඊට වැඩි ගණනක් (uses two or more distinct power sources) මගින් නිසා..


මේ මෑතකදී ශ්‍රී ලංකා රජය විසින් දෙමුහුන් වාහන ආනයන බදු අඩු කල නිසා මේ දිනවල මහා මාර්ග වල ඔබ කොතෙකුත් දැකලා ඇති TOYOTA PRIUS වර්ගයේ දෙමුහුන් වාහන.

මේ කියන්නේ හදන්නේ දෙමුහුන් වාහන පිළිබඳව කෙටි විස්තරයකුත්, ඒවා අපේ රටට කොයි තරම් ගැලපෙනවද කියලත්....

දෙමුහුන් වාහන ක්‍රියාත්මක වෙන්න එකිනෙකට වෙනස් ශක්ති ප්‍රභව දෙකක් හෝ වැඩි ගණනක් යොදාගන්නවා. වඩාත් සුලභව හාවිතා වෙන්නේ අභ්‍යන්තර ඉන්ධන දහනය වන එන්ජිමක් සහ විද්‍යුත් මෝටර එකක් හෝ වැඩි ගණනක් (an internal combustion engine and one or more electric motors.) සහිත දෙමුහුන් වාහන.

ඊට අමතරව දෙමුහුන් වාහන වල භාවිතා වන තවත් ශක්ති ප්‍රභව කිහිපයක් පහත සඳහන්.

> සම්පීඩිත වායු (Compressed air)
> වාහනයේ පිටතින් හෝ ඇතුළති පවතින නැවත ආරෝපණය කල හැකි ශක්තිය ගබඩා කෙරෙන පද්ධතියක් (On-board or out-board rechargeable energy storage system)
> ගල් අඟුරු, දැව හෝ වෙනත් ඝන දාහක (Coal, wood or other solid combustibles)
> සුළං බලය (Wind)
> සූර්ය තාපය (Solar)
> විද්‍යුතය (Electricity)
> පෙට්‍රල් හෝ ඩීසල් (Petrol or Diesel fuel)


ලංකාවට දැනට ගෙන්වන TOYOTA PRIUS දෙමුහුන් වාහන වල ඇත්තේ පෙට්‍රල් දහනය වන එන්ජිමක් සහ විද්‍යුත් මෝටරයක්. මේ ක්‍රම දෙකෙන්ම නිපදවන ශක්තිය වාහනය ගමන් කිරීමට යොදාගන්නේ හුවමාරු ක්‍රමයටයි. ඒ කියන්නේ එක විටක පෙට්‍රල් එන්ජිමෙන් නිපදවන ශක්තිය යොදාගන්නවා, තවත් විටෙක වාහනය ගමන් කරන්නේ විද්‍යුත් මෝටරයේ බැටරියෙන් නිපදවන ශක්තියෙන්.
විද්‍යුත් මෝටරයේ බැටරියේ ආරෝපණය අඩු වූ විටක එය නැවත ආරෝපණය වීමත් ස්වයංක්‍රීයව සිදුවෙනවා. (electric motor can act as a generator charging the batteries)

වාහනය සාමාන්‍ය විදියට ගමන් කරන්න යෙදෙන ප්‍රාථමික ශක්ති ප්‍රභවය ඉන්ධන දහන එන්ජිම වුනත්, යම්කිසි විටෙක වැඩිපුර ශක්තිය අවශ්‍ය වුනොත් විද්‍යුත් එන්ජිම ඒ සඳහා යෙදවෙනවා.. නමුත් බොහෝ වෙලාවට මෝටර් රථය ගමන් කරන්නේ විද්‍යුත් මෝටරයේ බැටරියෙන් නිපදවන ශක්තියෙන්...

නමුත් කොයි මොහොතේ කුමන එන්ජිමද යොදාගන්නේ කියන තීරණය ගන්නේ අපි නොවෙයි. මෝටර් රථය තුල ඇති විද්‍යුත් පරිපථය මගිනුයි මේ එන්ජිම සහ විද්‍යුත් මෝටරය පාලනය වන්නේ. (Electric circuit decides when to use the motor or the engine)
රථයේ ඉදිරිපස පුවරුවේ දිස්වන කිසියම් දර්ශක තිරයක් මගින් අපිට දැන ගන්න පුළුවන් ඒ ඒ අවස්ථාවලදී ක්‍රියා කරන්නේ බැටරියද, එන්ජිමද යන වග.

මේ වාහන දැනට ලංකාවට ගෙන්වන්නේ පෞද්ගලික වාහන ආනයනකරුවන්.. අපේ රටේ තිබෙන ලොව සුපතල වාහන නිපදවන ආයතන වල ශාඛාවන් තවමත් මේ වාහන ගෙන්වන්නේ නැත්තේ හේතු කිහිපයක් නිසා..

මේ දෙමුහුන් වාහන ජපානයෙන් ගෙන්වන නැවත අළුත්වැඩියා කල වාහන. ඒවා නිපදවා තියෙන්නේ ජපානයේ පරිසර තත්වයන්ට අනුව මිසක් ලංකාවේ පරිසර තත්වයන්ට අනුව නොවෙයි.

එසේම, මෙම වාහන අළුත්වැඩියා කරන්න පහසුකම් තවම ලංකාවේ නැහැ. ඒ වාහනයේ විද්‍යුත් මෝටරයේ බැටරිය වසර තුන හතරක් පාවිච්චි කරන්න පුළුවන් උනත් අළුත්වැඩියාවක් ආවොත් ඉතින් ජපානෙටම ආපහු යවන්නයි වෙන්නේ..

තවත් දෙයක්; මේ විද්‍යුත් මෝටරයේ බැටරි කාලය අවසන් වුනාම ඒවා නිකම්ම ඉවත දමන්න බැහැ. ප්‍රතිචක්‍රීකරණයක් හෝ නියමිත ක්‍රමයට බැහැර කල යුතුයි. නැත්නම් එයින් සෞඛ්‍යයට අහිතකර තත්වයන් පවා ඇති වෙන්න පුළුවන්..

නමුත් මේ බැටරි ප්‍රතිචක්‍රීකරණය කරන්නවත්, නියමිත ක්‍රමයට බැහැර කරන්නටවත් අවශ්‍ය පහසුකම් දැනට ලංකාවේ නැහැ.

වසර 2014දි වගේ නම් ලංකාවේ පරිසර තත්වයන්ට ගැලපෙන සහ අනෙකුත් පහසුකම් සහිතව මේ දෙමුහුන් වාහන නිපදවන්න ජපානයෙන් ගෙන්වන්න පුළුවන් වේවිලු...



සිංහලයා ෆැන්ටසි නිම්නය වෙනුවෙන් මං,
ආශා නානායක්කාර



Image Version:


« Last Edit: March 12, 2011, 11:09:50 AM by Asha Nanayakkara »

Offline dagaya

  • EaSt oR wEsT DaGayA iS tHe BeSt
  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 128
  • Gender: Male
Re: දෙමුහුන් වාහන | Hybrid Vehicles
« Reply #1 on: April 10, 2011, 10:30:58 AM »
මේකේ එක දෙයකට මට එකග වෙන්න බෑ. මේ වාහන අලුත් වැඩීයා කරන්න පහසුකම ලංකාවේ නෑ කියන එක.

පහසුකම තියෙනවා, ඒත් ඒකට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ඒකට සරිලන දැනුම නැතිකම, ඒත් දැන් ඒ දැනුම තියෙනවා, මොකද අපේ රටේ කාර්මිකයන් එහෙට යවලා පුහුනුව ලබලා තියෙන්නේ. (ජපානෙට). දැනට උනත් සීමිත පිරිසක් තමයි ඒකට ඉන්නේ, ඒති ඉදිරියේදි ඒක සැහෙන ප්‍රමානෙකින් වැඩි වෙයි,

මොකද ලංකාවෙ මිනිස්සු දක්ෂයි