ආදරණීය සොයුරු සොයුරියනි,අද ජීවිතයට යමක් තුලින් මම ඔබ සමග බෙදා ගනීමට සූදානම් වන්නේ ලෝකයේ උතුම්ම රට වන ජීවත් වන උතුම්ම ජන කොට්ඨාශය වන අපි තුලට රිංගන පරගැති සිරිත් නිසාවෙන් අප තුලින් ගිලිහෙන්න උත්සහා දරන එක කරුනක් පිළිබඳවයි.
අපේ ජාතියේ නෑකම ආදී කාලයේ සිටම ඉතාම ඕන කමින් පාවිච්චි කල දෙයක්.අම්මා,තාත්තා යන පිරිසිදු වචන දෙකට අමතරව අයියා,අක්කා,නංගි,මල්ලි,නැන්දා,මාමා,ආච්චි,සීයා යන මේ වචන නෑ කමේ කිට්ටුම අය විය.මේ වචන මේ ආකාරයෙන් පාවිච්චි කිරීමේදී පුදුමාකාර බැඳීමක් ඒ වචනතුල තිබෙන බව දැනෙනවා නේද?
ඒත් අද අම්මා,තාත්තා මමා,ඩැඩා වෙලා,නැන්දා මාමා අංකල් ආන්ටි වෙලා.හිතන්න අපට පාරෙ හමුවෙන ඕනම තරාතිරමක පුද්ගලයෙකුට ආන්ටි අංකල් යන වචන පවිච්චි කරන්න පුලුවන්.එහෙනම් අපි අපේම නැන්දට මාමාට සලකන්නෙත් ඒ සැලකිල්ලම නේද?
අනික් කනගාටුම කරුනනම් අපි විවාහ වීමෙන් පසුවන සිදුවන කරුනකි.සාමාන්‍යයෙන් අපි විවාහ වීමෙන් පසු දෙදෙනා දෙදෙනෙක් නොවෙන බව අපි දන්නා කරුනකි.එය හුදෙක්ම වචනයට පමනක් සීමා වුවකද?නැත වචනයේ පරිසමාප්ථ අර්ථමයෙන්ම සැබෑවකි.මුලින්ම සිතෙන් බැඳෙන අපි විවාහ වීමෙන් පසු ගතින්ද බැඳෙන්නෙමු.එසේනම් සැමියාගේ මව බිරිඳටද බිරිඳගේ මව සැමියාටද මව වියයුතු නොවේද?අවාසනාව අද එ නෑකමද බැහරවෙමින් පවතින බව දන්නවද?නෑ කම බෑනා ලේලී උනාට ඒ නෑකම ඒ විදියට කවදාවත් දෙමපියො කියනවද?එයාලා කටපුරා දුවේ පුතේ කියද්දි ඒ දෙමවු පියන්ට අම්මේ තාත්තෙ කියන්න දිව නොනැමෙන දරුවො අංකල් ආන්ටි කියන අයුරු ඔබ දැක තිබෙනවාද?මොනතරම් කනගාටුද මේ කරුනු.පරගැත්තන්ගෙ පර වචනවලින් අපේ අහිංසක දෙමවුපියො මොනතරම් දුක් විඳිනවා ඇතිද?
ඒ වගේම අය්යා අක්කා නංගි මල්ලී මේ වචන වලට අර්ථ එන්නෙ එක මවු කුස ඉපදීමෙන් පමනක් නොවන බව අපි අමතක නොකල යුත්තක්.කවුරුන් හෝ මල්ලි කීවොත් මල්ලියෙක්ගෙ නියම්කර ගුනාංග අපි සතු වියයුතු බව අද ජීවත් වන සමහර මල්ලිලාට අමතක වන හටි හරිම කනගාටුදයකයි.මේ උදාහරනයක් පමනයි.අනික් නෑකම් ද එසේමයි.මේ හැම කරුණක්ම මහ පොලවේ පයගසා සිටගනීමට අකමැතිඅ අතලොස්සක් ජනයාගේ පහත් ක්‍රියාවන් බව මතක් කරන්නෙමු.එසේම අද ගලනා පුංචි දිය පහරෙන් හෙට වැවක් පිරිය හකි නිසා අපි ඒ ගැන සැලකිලි මත් විය යුතු නොවේද?කරුණු එසේ නම් පරගැත්තන්ගෙන් ආ පරගැති සිරිත් පන්නා දැමීමට අපි වගබලා ගමු.
මඟ හොඳට තිබේනම් දෑසත් හොඳට පෙනෙනම්.......කිම බැදිවල යන්නේ මංමුලාවුවකු සේ.
ඔබේ ආදරණීය අරලියමල(මුතූ)