Author Topic: ජීවිතයට යමක්  (Read 12870 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
ජීවිතයට යමක්
« on: March 25, 2011, 05:38:53 PM »
Advertisement
  වපුරන දේ නෙලාගන්න සිදුවෙන බව දන්නවාද???????????????

අසාධරනයේබීජ වපුරා සාධාරනයේ ඵල බලපොරොත්තු නොවන්න................
අයුතුකම් වපුරා යුතුකමේ ඵල බලාපොරොත්තු විය හැකිද?.............
වංකකමේ පැල සිටවු කල අවංක කමේ ඵල නොලැබේ.................
අසත්‍ය වැපුරූ කල ඵලයද අසත්‍යයම වේ.....................
වැරද්දේ පැල සිටවු ඔබ නිවැරැද්දේ ඵල බලපොරොත්තු වන්නේ කෙලෙසද?........
නරක නමැති ගසේ හොඳ නමැති ඵල කිසිදිනක හට නොගනී...........
අයහපත වපුරා යහපත් ඵල ඉල්ලීම තරම් මොඩ කමක් තවත් නැත........

නමුත් අපි එක දෙයක් අමතක නොකල යුතුව ඇත.එනම් අපි වපුරන්නේ එක් බීජයක් වුවද ඵල සිය දහස් ගනනින් ලැබෙන බව.අපි වැපිරිය යුත්තේ කුමන බීජයද යන්න අපි තීරනය කල යුතුව ඇත්තේ එක් බීජයකින් අසීමිත ඵල ලැබෙන බව දන්න හෙයිනි.
සධාරනයට සධරනයද.......යුතුකමට යුතුකමද.........අවංකකමට අවංකකමද.......
නිවරැද්දට නිවරැද්දද.....හොඳට හොඳද.......සත්‍යයට සත්‍යයද.......යහපතට යහපතද......හිමිවනවා නොඅනුමනය...........
මෙයින් ඔබ කුමක් වපුරුවද කොපමන ඵල ලැබුනද එයින් කිසිවෙකුටත් හානියක් නැත.එසේ නම් සෑම මොහොතකම අපි සුදුසු දේ පමනක් කිරීමට උත්සුක වෙමු.එයින් හොඳ ඵල නෙලා ගමු...................

(මඟ හොඳට තිබේනම් දෑසත් හොඳට පෙනේ නම් .........කිම බැදිවල යන්නේ මංමුලා වුවකුසේ.......)

            අදරණීය ඔබේ....අරලියාමල(මුතූ)
 

                                                                                                 
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ජීවිතයට යමක්
« Reply #1 on: April 05, 2011, 02:47:43 PM »
ආදරණීය සොයුරු සොයුරියනි,අද ජීවිතයට යමක් තුලින් මම ඔබ සමග බෙදා ගනීමට සූදානම් වන්නේ ලෝකයේ උතුම්ම රට වන ජීවත් වන උතුම්ම ජන කොට්ඨාශය වන අපි තුලට රිංගන පරගැති සිරිත් නිසාවෙන් අප තුලින් ගිලිහෙන්න උත්සහා දරන එක කරුනක් පිළිබඳවයි.
                        අපේ ජාතියේ නෑකම ආදී කාලයේ සිටම ඉතාම ඕන කමින් පාවිච්චි කල දෙයක්.අම්මා,තාත්තා යන පිරිසිදු වචන දෙකට අමතරව අයියා,අක්කා,නංගි,මල්ලි,නැන්දා,මාමා,ආච්චි,සීයා යන මේ වචන නෑ කමේ කිට්ටුම අය විය.මේ වචන මේ ආකාරයෙන් පාවිච්චි කිරීමේදී පුදුමාකාර බැඳීමක් ඒ වචනතුල තිබෙන බව දැනෙනවා නේද?
       ඒත් අද අම්මා,තාත්තා මමා,ඩැඩා වෙලා,නැන්දා මාමා අංකල් ආන්ටි වෙලා.හිතන්න අපට පාරෙ හමුවෙන ඕනම තරාතිරමක පුද්ගලයෙකුට ආන්ටි අංකල් යන වචන පවිච්චි කරන්න පුලුවන්.එහෙනම් අපි අපේම නැන්දට මාමාට සලකන්නෙත් ඒ සැලකිල්ලම නේද?
                       අනික් කනගාටුම කරුනනම් අපි විවාහ වීමෙන් පසුවන සිදුවන කරුනකි.සාමාන්‍යයෙන් අපි විවාහ වීමෙන් පසු දෙදෙනා දෙදෙනෙක් නොවෙන බව අපි දන්නා කරුනකි.එය හුදෙක්ම වචනයට පමනක් සීමා වුවකද?නැත වචනයේ පරිසමාප්ථ අර්ථමයෙන්ම සැබෑවකි.මුලින්ම සිතෙන් බැඳෙන අපි විවාහ වීමෙන් පසු ගතින්ද බැඳෙන්නෙමු.එසේනම් සැමියාගේ මව බිරිඳටද බිරිඳගේ මව සැමියාටද මව වියයුතු නොවේද?අවාසනාව අද එ නෑකමද බැහරවෙමින් පවතින බව දන්නවද?නෑ කම බෑනා ලේලී උනාට ඒ නෑකම ඒ විදියට කවදාවත් දෙමපියො කියනවද?එයාලා කටපුරා දුවේ පුතේ කියද්දි ඒ දෙමවු පියන්ට අම්මේ තාත්තෙ කියන්න දිව නොනැමෙන දරුවො අංකල් ආන්ටි කියන අයුරු ඔබ දැක තිබෙනවාද?මොනතරම් කනගාටුද මේ කරුනු.පරගැත්තන්ගෙ පර වචනවලින් අපේ අහිංසක දෙමවුපියො මොනතරම් දුක් විඳිනවා ඇතිද?
        ඒ වගේම අය්යා අක්කා නංගි මල්ලී මේ වචන වලට අර්ථ එන්නෙ එක මවු කුස ඉපදීමෙන් පමනක් නොවන බව අපි අමතක නොකල යුත්තක්.කවුරුන් හෝ මල්ලි කීවොත් මල්ලියෙක්ගෙ නියම්කර ගුනාංග අපි සතු වියයුතු බව අද ජීවත් වන සමහර මල්ලිලාට  අමතක වන හටි හරිම කනගාටුදයකයි.මේ උදාහරනයක් පමනයි.අනික් නෑකම් ද එසේමයි.මේ හැම කරුණක්ම මහ පොලවේ පයගසා සිටගනීමට අකමැතිඅ අතලොස්සක් ජනයාගේ පහත් ක්‍රියාවන් බව මතක් කරන්නෙමු.එසේම අද ගලනා පුංචි දිය පහරෙන් හෙට වැවක් පිරිය හකි නිසා අපි ඒ ගැන සැලකිලි මත් විය යුතු නොවේද?කරුණු එසේ නම් පරගැත්තන්ගෙන් ආ පරගැති සිරිත් පන්නා දැමීමට අපි වගබලා ගමු.


 මඟ හොඳට තිබේනම් දෑසත් හොඳට පෙනෙනම්.......කිම බැදිවල යන්නේ මංමුලාවුවකු සේ.

           ඔබේ ආදරණීය අරලියමල(මුතූ)
     
               
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ජීවිතයට යමක්
« Reply #2 on: April 06, 2011, 08:17:02 PM »
 :54: niyamai :045: :54:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ජීවිතයට යමක්
« Reply #3 on: April 07, 2011, 04:57:47 PM »
bohoma sthuthi malliya
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ජීවිතයට යමක්
« Reply #4 on: April 07, 2011, 07:43:28 PM »
ඉංගිරිසිය කථා කරලා
ඉංගිරිසිය ඉගෙන ගන්න
පුංචි එක ඉස් ඉස්සෙල්ලා
සිංහල පොලවට අඩිය ගහලා.............
මුනුපරා පිළිගන්න මග බලා සිටි
අච්චි අම්ම්යි....සීයයි....
පැටියව ආදරයෙන් සිපගත්තා...........
අනේ ඇයි මේ වයසක දෙන්නම
අස් දෙකේ කඳුළු පුරවන්..............
එයා කකුල් අල්ලලා වඳින්න දන්නෙ නෑ
ආච්චි අම්මේ......සීයේ...............
ඉංගිරිසියෙ ඒව නැනේ...............

ආච්චියේ හව් ආර් යු කීව
පුංචි පුතේ ඇයි මේ................
පුංචි උඹේ ඇස් වල කඳුළු
ආච්චිට ඉංගිරිසි නොතේරෙන බව
නොදන්නවද?.........උඹ......
ආන්ටි අංකල් හව් ආර් යු කීවත්....
පිලිතුරු නෑනේද?....................

යැකී..ඩර්ටි ...අයි කාන්ට් ඊට්..
පුංචි එකා පුංචි කලබලයක
ආච්චි අම්මිගෙ සිංහල කෑම දැකලා
උඹ කවදත් කලා නැනේ පුතේ........

මමා ඩැඩා  අයි වෝන්ට් ගෝ බැක්
නාඩා ඉඳින් මගේ පුතේ.............
සිංහලකම අමතක කොට
පරගැත්තන්ට ආවඩනා
මහවුන්ගේ පාපයටයි.......
අද උඹ වන්දිගෙවන්නේ...............

 ආදරණිය ඔබේ අරලියමල (මුතූ)

 

 
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ජීවිතයට යමක්
« Reply #5 on: April 10, 2011, 12:28:28 AM »
රත්තරන් පුතේ කියලා සිප ගත්තාම
ග්‍රෑන්ඩ් මා හව් ආර් යු..කියලා
අත දුන්න පොඩි එකා
සීයට නොවැන්දට ...ඔයාට දුකයිද

මට නොවැන්දට සීයටවත් වැඳපන්
කීවෙ ඒ නිසාද..ආච්චි අම්මේ..
අනේ එයාට තේරුනේ නැනේ කිවු දේ
ඒකනේ එයා බලන් ඉන්නේ......

සිංහල කිරි පොවා..සිංහල ගති කියා දී
සිංහල කමෙන් පිරිපුන්ව
ඔයාම හැදූ ඔයාගෙ දියනිය
අද ඔබ දෙපා නොවැන්ද කොට......

පිටි කිරි සූප්පුවෙන් බී හැදුන
මේ පොඩි එකා වරදිලාවත් වදින්නෙ නෑ
අනේ තවත් බලන් ඉඳලා දුක් වෙන්න එපා
ඒ අපේ අවාසනාව........................................

          මුතූ








 
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline dagaya

  • EaSt oR wEsT DaGayA iS tHe BeSt
  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 128
  • Gender: Male
Re: ජීවිතයට යමක්
« Reply #6 on: April 10, 2011, 10:21:45 AM »
අත්දැකීම් ද?

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ජීවිතයට යමක්
« Reply #7 on: April 10, 2011, 05:40:35 PM »
නෑ මල්ලියා දකින දෙවල්.
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ජීවිතයට යමක්
« Reply #8 on: April 17, 2011, 12:32:34 AM »
මතකය අමතකව යන අපෙ තුරුණු              වියේ
අමතක නොකොට රැක ගත යුතු යමක්         තියේ
ඇති දැඩි කිරීමට අප රජ පැටවු                 ලෙසේ
දුක් විඳි මවු පියන් රැක ගත යුතුව                 තියේ

ගුණ දම් පිරුනු දරුවන් ඇති ලක්            දෙරනේ
මහළුමඩම් විය යුතුදැයි සිතනු                   අනේ
කොතෙකුත් දහම් ඇසුවත් අපෙ දූ            පුතුනේ
අමතක උනා නොවැ මවු පිය ගුණ           වරුනේ

හිරු කුමරුනේ පෙර ලෙස ඔබ              පායන්න
සඳ කුමරියේ සිසිලස ගෙන              හිනැහෙන්න
දූදරුවනේ හොඳ හැටි මෙය                  අහගන්න
මවු පිය වරුන් පණ මෙන් ඔබෙ රැක          ගන්න


       ආදරණීය ඔබේ මුතු (අරලියමල)




Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline nisansala welipitiya

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 112
  • Gender: Female
  • jeewithaya adaraneeya kapakireemaki
Re: ජීවිතයට යමක්
« Reply #9 on: April 18, 2011, 12:21:33 PM »
ganna hama husmakinma wenakekuge hadaka nagena susumaka unusuma windiya hakinam.. nihada susumaka thaewarunu ownge aathmaya owntada nohagena paridi kiyawiya hakinam...own ayadinnata pera own wenuwen kala hakidaa kondesi wirahithawa nirlobweewa kala hakinam wedanaawa pamanak ithiri kara own palaagiyadaa  niramisawama own wenuwen subapathiya hakinam sabawinma apa jeewath wana bawa harda shakshiyata awankawama pasak karagatha hakiya

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ජීවිතයට යමක්
« Reply #10 on: April 24, 2011, 12:51:57 AM »
විඳින්න ලැබුන ජීවිතය විඳවන අපි එය විඳින්න උත්සහා ගනිමුද?

    ලෝකයේ ජීවත්වන සතුන් අතරින් උසස්ම සත්වයා වන අපි අපේ ජීවිත ගෙවන්නේ කොයි ආකරයෙන්ද කියලා හොයල බැලුවොත්,අපි වැඩි දෙනෙක් ජීවිතය විඳිනවා කියල හිතන් විඳවනවා කීවොත් පිලිගන්නවද?ඇයි මම එහෙම කියන්නෙ.ලද දෙයින් සතුටුවිය නොහැකි වීම...අණුකරනය කිරීම..පමනට වඩා සිතීම...අවශ්‍ය අනවශ්‍ය යන කරුණු හරි හැටි අවබෝධ කරනොගෙන ජීවත් වීම වැනි කරුණු නිසාවෙන් අපි අපේ ජීවිත විඳවනවා යැයි පැවසිය හකිය.

       අපි අපේ සමාජය දිහා දෑස් විවර කර බැලුවහොත්,ජීවිතය විඳවන අයට ඕනෑ තරම් උදාහරන සොය ගත හැකි බව ඔබට පෙනේවි.විශේශයෙන්ම අනුන් කරන දේ හැකියව ඇතත් නැතත් කිරීමට අපේ සමජයේ බොහො දෙනෙක් උත්සහා දරති.එයින් බොහො සේ අපහසුතාවලටද මුහුන දෙති.අල්ලපු ගෙදරට විශාල ප්‍රමාණයේ රූපවහිනි යන්ත්‍රයක් ගෙන ආවහොත්,හැකියව නොමැති වුවද අපිටත් ඊට වඩා විශාල ප්‍රමාණයේ රූපවහිනියක් අවශ්‍යම නොවන්නේද?අපි සතු කුඩා යන්ත්‍රයෙන් කෙරෙන්නෙත් එකම ක්‍රියාව බවත්,කල නොහැකිදේ කිරීමෙන් අපි අමාරුවේ වැටෙන බවත් සිතීමට අපි මැලි වන්නේය.කෙසේ හෝ කෑම බීම අඩු කර හෝ නැතිනම් ණයක් වී හෝ අපි අපේ ආශාව ඉෂ්ඨ කර ගන්නෙමු.අවසනයේ ණය ගෙවා ගන්න බරිව දුක්ව්ඳින්නෙමු.
මේ එක උදාහරනයක් පමනි.අනෙක් ක්‍රියවන්ද එසෙම බව අපි අපි ගැන විමසූ කල අපිට පසක් වේ.එ වගේම අපි සමහර අවස්ථා වලදී අපිට අන් අයට සමාන වීමට හැකියව නොලද තැන එය අපේ අවාසනාව යැයි පවසා සිතින් දුක් විඳින්නෙමු.එසේම සමහර විට අපේ දරුවන්ගේ සිත්වලටද එම අදසහ රිංගවන්නිය.උදාහරනයක් ලෙස දරුවකුට තමන්ට හැකි අයුරින් අලුත් ඇඳුමක් ගෙනවිත් දෙන මව ඒගැන සතුටින් පසු නොවෙන දරුවා පැමින "අම්මා අල්ලපු ගෙදර ලමය ගොඩාක් ලස්සන,ගොඩාක් වටින ඇඳුමක් ඇඳන් අවේයැයි" පැවසුව හොත්,"ඔව් පුතා ඒළමයි වාසනා වන්තයි.මේක අපේ අවසනාව" යැයි කලකිරීමෙන් පවසන මව දුටු දරුවද තම අවාසනාව ගැන සිතමින් පසු තැවෙන්නෙය.එහෙත් ඒ මව ඒ දරුවට "අනේ පුතේ ඔයාට ඔහොම හරි ලැබුනා ඔය වාසන වන්තයි,කන්න බොන්නවත් නැතිව දුක්  විඳින දරුවො අද ලෝකෙ කොච්චර ඉන්නවද"කිය ඒ මවට පැවසීමට හැකියව තිබුනේ නම් ඒ දරුවා බොහෝම ලස්සනට ලද දෙයින් සතුටු වීමේ පාඩම ඉගෙන ගන්න අතර අන් අයගේ දුක ගැන කම්පා වීමටද ඉගෙන ගන්නෙය.එහෙත් අර අවාසනව ගැන කථා කල විට වාසනව හිමියැයි කියන දරුවාට ඊර්ශ‍යා කිරීමටද පෙලෙඹෙන්නෙය.බලන්න අපි නොදැනුවත්වම අපි විඳවන අපේ ජීවිතය දරුවන්ටද විඳවන්න හුරු කරන්නේය.

              එසේම අපි අපේ ජීවිත විඳවන තවත් එක පැහදිලි කරුනක් වන්නේ අසීමිත ආසාවන්ගෙන් අපේ හිත් පුරවා ගැනීමයි.අපි ගොඩාක් උඩක සිට වැටුන හොත් දැනෙන වේදනාව වැඩි බව අපි කවුරුත් දන්නා කරුනකි.එසේම අපේ බලපොරොත්තු අසීමිත වි ඒවා ඉශ්ඨ කරගැනීමට නොහැකි වූ විට අපිට දැනෙන වේදනව එලෙසම වැඩිවන්නෙය.

      කරුණු එසේනම් අපි කලයුත්තේ කුමක්ද.අපි ලද මේ ලස්සන ජීවිතය සතුටින් ගෙවීමටනම් ලද දෙයින් සතුටු වෙමින් ,අනුකරන වලට හෝ අන් අයට සමාන වීමට උත්සහ නොදරා අපිට අවැසි දේ පමනක් ගැන සිත් යොමු කරමින්,සැහල්ලු සරල ජීවිතයක් ගත කිරීමට උතසහ ගනිමු.අපේ දුදරුවන්ටද ඒ පඩම අපි තුලින් ඉගෙන ගැනීමට ඉඩ සලස්වමු.එසේ නැතිනම් සමහර අවස්ථවල කුඩ දරුවන් තම අවස්‍යථා සපුරා ගැනීමට සොරු මංකොල්ල කරුවන්ද විය හැක.අපි ගන්නා යහපත් තීරන අපේ දරුවන්ගේ මුළු ජීවිතයම යහපත් කිරීමට බොහෝ දුරට හැකියව ඇත...........


(මඟ හොඳට තිබේනම්....දෑසත් හොඳට පෙනේනම් කිම බදිවල යන්නේ....මංමුලවුවකු සේ.)

           ඔබේ ආදරණීය මුතු.....(අරලියමල)   
 
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ජීවිතයට යමක්
« Reply #11 on: May 01, 2011, 12:35:17 AM »
ප්‍රමාදය පසු තැවිල්ලට හේතුවේ,නමුත් පසු තැවිල්ල අපේ ජයග්‍රහනයට උපකාර වේ..........     
          මම මෙහෙම කීවාම ලොකු ප්‍රස්නයක් මතු උනාද?කොහොමද එහෙම වෙන්නෙ කියල.ඒක වෙන්නෙ මෙන්න මේ කරුණු නිසයි,සමහර අවස්ථා වලදී අපි ගන්නා සමහර තීරණ හෝ සමහර ක්‍රියාවන් වරදි සහගත ඒව විය හැක.ඒවායේ විපාකද බොහෝ සේ භයානක විය හැක.නමුත් එම තීරණයේ හෝ ක්‍රියාවේ ප්‍රථිඵල ලැබීමට පෙර අපිට එහි බරපතල කම වැටහුනොත් අපි ඒ තීරණය හෝ ක්‍රියාව සම්බන්ධයෙන් බොහෝ සේ පසුතැවිලි විය යුතුයි.නැතහොත් එහි ප්‍රථිඵලය ලැබුනු පසු හෝ එසේ විය යුතුයි.එසේ අපිට පසු තැවිලි විය හැකිනම් නැවත වතාවක් එම වරද අපි අතින් සිදුවන්නේ නැත.එසේම නැවත එම ආකරයේ වරදකට සිත පෙලඹිමට ඇති ඉඩ කඩද ඇහිරෙන්නේය.එසේම නැවත අපි ගන්නා සෑම තීරණයකදීම හෝ කරණ සෑම ක්‍රියවකදීම ඒ පිලිඹඳ නැවත නැවත සිතා එහි ප්‍රථිඵල ගැනද විමසීමට අප සිත් උනන්දු වන්නේ අපි නොදැනුවත්මයි.
                      එසේ එක තැනකදි සිදුවන එක් වරදක් සම්බන්ධයෙන් අපේ පසුතැවිල්ලේ ප්‍රමාණය අනුව අපේ ඉදිරිය අපි නොදැනුවත්වම යහපත් ලෙස හැඩ ගැසී ඇත්නම් අපි ජයග්‍රහනය ලද්දෝ නොවන්නෙමුද?ඒනිසාවෙනි මා පවසන්නේ ප්‍රමාදය පසුතැවිල්ලට හේතු උවද,පසු තැවිල්ල ජයග්‍රහණයට උපකාර වන බව.එමෙන්ම එම පසුතැවිල්ල  තුලින් නැවත ප්‍රමාද වීමටද ඉඩ නොදේ.........


              මුතු

(මඟ හොඳට තිබේනම්.....දෑසත් හොඳට පෙනේනම්....කිම බැදිවල යන්නේ මංමුලා වුවකුසේ...)       
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..
Re: ජීවිතයට යමක්
« Reply #12 on: May 01, 2011, 01:40:33 AM »
hedena ewunta nam me kata kotiyak watinawa.. :027:
digatama liyanna... good work..

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: ජීවිතයට යමක්
« Reply #13 on: May 01, 2011, 11:54:27 AM »
ප්‍රමාදය පසු තැවිල්ලට හේතුවේ,නමුත් පසු තැවිල්ල අපේ ජයග්‍රහනයට උපකාර වේ..........     
                       මුතු

(මඟ හොඳට තිබේනම්.....දෑසත් හොඳට පෙනේනම්....කිම බැදිවල යන්නේ මංමුලා වුවකුසේ...)       


meka nam Godaaak Honda deyak  :003:weradi wenawa wagema pasuthawenawa wageema ayeth e Weradda karanna belabenne ne kawuruth :) eka nam Habama Jayagrahanayak  :dft012:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ජීවිතයට යමක්
« Reply #14 on: May 01, 2011, 02:51:06 PM »
බොහොමත්ම ස්තුතියි,මල්ලි new_born සහ නංගි සූටික්කි.ඔයාලගෙ ප්‍රතිචාර මගේ ඉදිරිගමනට ලොකු ශක්තියක්.බුදුසරණයි.

           මුතු
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ජීවිතයට යමක්
« Reply #15 on: May 14, 2011, 09:58:35 PM »





muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....





muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ජීවිතයට යමක්
« Reply #17 on: June 16, 2011, 01:38:23 AM »














Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)