විවෘත සංවාද - open discussions > සිංහලයා පුවත් ඒජන්සිය | sinhalaya news agency

United we Stand !

(1/1)

Asha Nanayakkara:
එක්සත් ජාතින්ගේ සංගමයේ මහ ලේකම් බෑන් කි මූන් මහතා විසින් පත්කල "උපදේශක මණ්ඩලය" විසින් ශ්‍රී ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් නිකුත් කල වාර්තාව පිළිබඳව ඔබ සියළු දෙනා දැනුවත්.
තිස්වසරක ත්‍රස්තවාදී පිළිලය මුළුමනින්ම තුරන් කල අප රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස ලේබල් කරන්නට කොටි හිතවාදී ජාත්‍යන්තර බලවේග සහ ඊනියා මානව හිමිකම් සංගම් දත කන්නේ ඔවුන් සුරතල් කල කොටි ත්‍රස්තයින් ලොවෙන් තුරන් වූ නිසා මිස සත්‍ය වශයෙන්ම මානව හිමිකම් පිළිබඳව ඔවුන්ට ඇති කැක්කුමකින් නොවන බව බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින් වන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.

මවුබිමේ ස්වෛරීභාවයට හෝ කීර්තිනාමයට හානි කිරීමට තතනන සියළු කුප්‍රකට බලවේග වලට එරෙහිව අප සිංහලයා පුවත් හරහා ඔබව නිරතුරුවම දැනුවත් කරන්නට සූදානම්.

කොටි ත්‍රස්තයින් සිදුකල මහා මිනිස් ඝාතන පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය චෝදනා නගන බෑන් කී මූන් ගේ මේ "පෞද්ගලික කමිටුව" පිළිබඳව ඔබේ අදහසත් එක් කරන්න. මවුබිමට එරෙහි බලවේග පරාජය කරන්නට එක් වන්න.

ඒ සඳහා "ෆේස් බුක්" සාමූහික ජාලයේ පවතින සිංහලයා පුවත් හී අනු සංස්කරණයට පහත යොමුවෙන් පිවිසෙන්න.

http://www.facebook.com/pages/SINHALAYA-News-Agency/279993786111


Image Version:

Navigation

[0] Message Index

Go to full version