අන්‍යෝන්‍ය උදව් - help center > ඉවුම් පිහුම් - the kitchen

Mulu Than Geta awashya punchi Punchi upades- By Chef

(1/4) > >>

Chef:
Noyekuth denata Muluthan geta giyama noyekuth prashana tiyenna puluwan punchi punchi dewal Gana e gana man danna de Oyalata ada me tread eken kiyala denna sudaanam :) Oyalatath mathuwena gatalu tiyenawa nam ahanna :)

NIMALI:
mata edineda api uyana kama jaathi uyanna kiyala denna ..wenas vidiyata ikmanata and rasata....

Chef:
හොඳයි නිමලි මිතුරිය එය මා ඉටුකරන්නම්.  :003:

කෙනෙක්ව උයන්න පිහන්න පුරුදු කරන්න ඔනී පුන්චී කාලයේදීමයි. මවක් ,,,ගෘහණියක්,, වුනාම ඒ කාර්ය්‍ය තම කුඩා දූ පුතුන්ට උගන්වනවා නම් තමයි හොඳ.මුලු තැන් ගේ යනු අනතුරු බහුල තැනක් වැඩිහිටියන් එදිනෙදා පාවිච්චි කරන පිහි,කැඩෙන බිඳෙන භාජන,හා නොයෙකුත් තරමක අනතුරු දායක ආම්පන්න වර්ග වලින් පිරුන තැනක්. ඉතින් සමහර ගෘහණියන් තම කුඩා දූ පුතුන් මුලු තැන් ගෙට වද්ද ගන්නේ නැත්තේ ඒ නිසාම වෙන්න ඇති. නමුත් මවක ගේ අධීක්ෂනය යටතේ කුඩා දූ පුතුන් හට සුලු සුලු ක්‍රියාකරම් උගන්වනවා නම් ගොඩාක් හොඳයි.
ලූනූ සුද්ද කිරීම, පලාවර්ග තේරීම, තමන් ගෙනා එලවලු බෑගය අස් කිරීම සඳහා කුඩා දූපුතුන්ගෙන් උදව් ගැනීම වැනි කාර්ය්‍යයන් පුන්චි දුවා දරුවන්ට නිවාඩු වෙලාවකට උගන්වන්න.මෙම කාර්ය්‍යන් නම් පුන්චි දරුවන්ට විනෝදය ගෙන දෙන්නක්.එහෙම උනොත් පුන්චි ඈයන්ට එලවලු වර්ග හා කුලු බඩු වර්ග ගැන දැනුමක් ඉබේම ලැබෙනවා වගේම  කවදා හෝ වැඩිහිටි වූ දිනෙක මුලු තැන්ගෙය අරුම පුදුම තැනක් නම් නොවෙනවා සත්තයි.
මගේ මුත්තණුවන් එලවළු ගොවියෙක්.මිත්තණිය සිටි කාලයේ ඇය මාත් එක්ක එලවළු කොරටුවට ගියහම එලවලු නෙලන්න දෙන්නෙ මට..මෙය මට මහත් විනෝදය ගෙන දෙන ක්‍රියාවක් උනා වගේම ගමේ වැවෙන එලවලු වර්ග ගැන හොඳ දැනුමකුත් ලැබුනා.
මවකට පුලුවන්නම් තම දුව පුතාව එලවළු පොලට රැගෙන යන්න එය ගොඩාක් වටිනවා පුන්චි අයගේ දැනුම වර්ධනයට.පොලේ ඇති එලවළු වර්ග ගැන කියල දෙන්න ඔවුන්ට. පොඩි අය කවදත් කුතුහලයෙන් පිරුණ අය හින්දා ඒවට ඔවුන් හොඳින් කන් දෙනවා. හැබැයි අමතක කරන්න එපා එහෙම පුන්චි කෙනෙක් ආවොත් එලවළු වර්ග මිලදීගෙන ගෙදර යනකොට එයාට පුන්චි කඩචෝරුවක් අරන්දෙන්න. මොකද එලවළු තෝරනකම් බලන් ඉන්න පුන්චි එකාට එය පොඩි දිරි දීමක් වෙනවා. :dft012:   
ඉතින් ඔයාලටත් ඉන්න පුන්චි දුවා දරුවන්ට තමන්ට හැකි පමන මෙවා කියල දෙන්න.(එහෙම උනොත් ඔවුන් වැඩිහිටි වූ දිනක ඒ අය තම සැමියාගෙන්,,බිරිඳ ගෙන් අනිවාර්යෙන් පැසසුම් ලබන්නෙක් වෙනවා. :011:)   

Chef:
ගොඩාක් ගෘහණියන් මුහුන දෙන ගැටලුවක් වෙන්නේ තමන් හදන කැම බීම නරක් වෙන එක..ඉතින් ඒකට නොයෙකුත් පිලියම් තියෙනවා. කෑම බීම හදනකොට පිරිසිදු කම බොහොම වැදගත්. "කැරපොත්තන්ට,මීයන්ට හා අනිකුත් කෘමියන්ට දිව්‍ය ලෝකයක් වෙන තැනක් තමයි "මුලුතැන් ගේ" කියන්නේ :dft005:. ඉතින් ඉවුම් පිහුම් කරල ඉවර උනාට පස්සෙ මුලුතැන් ගේ නිතරම පිරිසිදු කර ගැනීම හරිම වැදගත්. :003:

ඉවුම් පිහුම් සඳහා යොදා ගන්නා භාජන, හැඳි ආදියෙ තැවරුන ඉඳුල් හොඳින් සෝදා පිරිසිදු කර හොඳින් වියලා ගැනීමෙන් තමන් උයන කෑම බීම නරක් නොවී තියා ගන්න පුලුවන්.කිසි විටක තෙතමනය සහිත භාජන වල ඉවුම් පිහුම් කරන්න එපා.

තවත් කාරණයක් තමයි මේ ව්‍යාංජන නරක් වීමට බලපාන, එකම හැන්ද ව්‍යාංජන කීපයක්ම හැඳි ගාන්න ගන්න එක.එක් එක් ව්‍යාංජනය සඳහා හැඳි වෙනම පාවිච්චි කරන්න. 

තවත් කාරණාවක් තමයි මෙ ව්‍යාංජන නරක්වෙන්න බලපාන, ව්‍යාංජන බාගෙට උතුරවා ගන්න එක. බාගෙට උතුරවා ගන්න ව්‍යාංජන ඉක්මනින්ම නරක් වෙන්න බලනව.
මේ නිසා ව්‍යාංජන හොඳින් උතුරවා ගන්න

ගමන් බිමන් යන විට,තම වැඩ පොලට, කැම බීම ආදිය ගෙනියන්නේ නම් එවා හොඳින් උතුරවා පිරිසිදුව පිස ගැනීම වැදගත්.

අමු සම්බෝල වර්ග තම බත් මුලට එකතු කරන්නෙ නම් වෙනම ම ඔතා ගන්න.

සමහරු නරක් වුන තැම්බුන රතු ලූනූ, බී ලූනූ ආදිය සුද්ද පවිත්‍ර කර අහාර වලට යොදා ගන්නවා මන් දැකල තියෙනව.එහෙම දමා පිලියෙල කරගත් අහාර ඉක්මනින්ම නරක් වෙන්න බලනවා. ඒ නිසා කිසි විටක එලෙස යන්තමින් හෝ නරක් වුන එලවලු පලතුරු සෝදා පවිච්චි කරන්න නම් එපා කියල මන් කියන්න කමතියි. 

තමන් පිලියෙල කරන මාළු පිනි හොඳින් පියනකින් වසා ලෙඩ රෝග බෝ කරන මැස්සන්ගෙන් බේරා ගැනීම ඉතාම වැදගත් කාරණාවක් .(මා කුඩා කල එසේ පියනකින් වසා නොතැබීම හෙතුවෙන් මවගෙන් ලද "ගුටිය" ට හේතූ සෙව් විට ලද පිලිතුර මෙයයි :55: ).   

මොන දේ උනත් "පිරිසිදු කම" වැඩගත්ම අංගයක් මේ ඉවුම් පිහුම් කරද්දි.එහෙම උනොත් තමන් කන කෑම වේල ප්‍රණීතව අහාර ගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම තමන්ගෙ ශරීර සෞකය්‍යට ද බොහොම වටිනවා.  :dft012:       
     

NIMALI:
 :036:

Navigation

[0] Message Index

[#] Next page

Go to full version