Author Topic: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef  (Read 10787 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« on: April 27, 2011, 12:51:30 PM »
Noyekuth denata Muluthan geta giyama noyekuth prashana tiyenna puluwan punchi punchi dewal Gana e gana man danna de Oyalata ada me tread eken kiyala denna sudaanam :) Oyalatath mathuwena gatalu tiyenawa nam ahanna :)

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #1 on: April 29, 2011, 11:12:19 AM »
mata edineda api uyana kama jaathi uyanna kiyala denna ..wenas vidiyata ikmanata and rasata....
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: Mulu Than Geta awashya punchi Punchi upades - By Chef
« Reply #2 on: April 29, 2011, 01:24:37 PM »
හොඳයි නිමලි මිතුරිය එය මා ඉටුකරන්නම්.  :003:

කෙනෙක්ව උයන්න පිහන්න පුරුදු කරන්න ඔනී පුන්චී කාලයේදීමයි. මවක් ,,,ගෘහණියක්,, වුනාම ඒ කාර්ය්‍ය තම කුඩා දූ පුතුන්ට උගන්වනවා නම් තමයි හොඳ.මුලු තැන් ගේ යනු අනතුරු බහුල තැනක් වැඩිහිටියන් එදිනෙදා පාවිච්චි කරන පිහි,කැඩෙන බිඳෙන භාජන,හා නොයෙකුත් තරමක අනතුරු දායක ආම්පන්න වර්ග වලින් පිරුන තැනක්. ඉතින් සමහර ගෘහණියන් තම කුඩා දූ පුතුන් මුලු තැන් ගෙට වද්ද ගන්නේ නැත්තේ ඒ නිසාම වෙන්න ඇති. නමුත් මවක ගේ අධීක්ෂනය යටතේ කුඩා දූ පුතුන් හට සුලු සුලු ක්‍රියාකරම් උගන්වනවා නම් ගොඩාක් හොඳයි.
ලූනූ සුද්ද කිරීම, පලාවර්ග තේරීම, තමන් ගෙනා එලවලු බෑගය අස් කිරීම සඳහා කුඩා දූපුතුන්ගෙන් උදව් ගැනීම වැනි කාර්ය්‍යයන් පුන්චි දුවා දරුවන්ට නිවාඩු වෙලාවකට උගන්වන්න.මෙම කාර්ය්‍යන් නම් පුන්චි දරුවන්ට විනෝදය ගෙන දෙන්නක්.එහෙම උනොත් පුන්චි ඈයන්ට එලවලු වර්ග හා කුලු බඩු වර්ග ගැන දැනුමක් ඉබේම ලැබෙනවා වගේම  කවදා හෝ වැඩිහිටි වූ දිනෙක මුලු තැන්ගෙය අරුම පුදුම තැනක් නම් නොවෙනවා සත්තයි.
මගේ මුත්තණුවන් එලවළු ගොවියෙක්.මිත්තණිය සිටි කාලයේ ඇය මාත් එක්ක එලවළු කොරටුවට ගියහම එලවලු නෙලන්න දෙන්නෙ මට..මෙය මට මහත් විනෝදය ගෙන දෙන ක්‍රියාවක් උනා වගේම ගමේ වැවෙන එලවලු වර්ග ගැන හොඳ දැනුමකුත් ලැබුනා.
මවකට පුලුවන්නම් තම දුව පුතාව එලවළු පොලට රැගෙන යන්න එය ගොඩාක් වටිනවා පුන්චි අයගේ දැනුම වර්ධනයට.පොලේ ඇති එලවළු වර්ග ගැන කියල දෙන්න ඔවුන්ට. පොඩි අය කවදත් කුතුහලයෙන් පිරුණ අය හින්දා ඒවට ඔවුන් හොඳින් කන් දෙනවා. හැබැයි අමතක කරන්න එපා එහෙම පුන්චි කෙනෙක් ආවොත් එලවළු වර්ග මිලදීගෙන ගෙදර යනකොට එයාට පුන්චි කඩචෝරුවක් අරන්දෙන්න. මොකද එලවළු තෝරනකම් බලන් ඉන්න පුන්චි එකාට එය පොඩි දිරි දීමක් වෙනවා. :dft012:   
ඉතින් ඔයාලටත් ඉන්න පුන්චි දුවා දරුවන්ට තමන්ට හැකි පමන මෙවා කියල දෙන්න.(එහෙම උනොත් ඔවුන් වැඩිහිටි වූ දිනක ඒ අය තම සැමියාගෙන්,,බිරිඳ ගෙන් අනිවාර්යෙන් පැසසුම් ලබන්නෙක් වෙනවා. :011:)   

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #3 on: May 12, 2011, 12:40:17 PM »
ගොඩාක් ගෘහණියන් මුහුන දෙන ගැටලුවක් වෙන්නේ තමන් හදන කැම බීම නරක් වෙන එක..ඉතින් ඒකට නොයෙකුත් පිලියම් තියෙනවා. කෑම බීම හදනකොට පිරිසිදු කම බොහොම වැදගත්. "කැරපොත්තන්ට,මීයන්ට හා අනිකුත් කෘමියන්ට දිව්‍ය ලෝකයක් වෙන තැනක් තමයි "මුලුතැන් ගේ" කියන්නේ :dft005:. ඉතින් ඉවුම් පිහුම් කරල ඉවර උනාට පස්සෙ මුලුතැන් ගේ නිතරම පිරිසිදු කර ගැනීම හරිම වැදගත්. :003:

ඉවුම් පිහුම් සඳහා යොදා ගන්නා භාජන, හැඳි ආදියෙ තැවරුන ඉඳුල් හොඳින් සෝදා පිරිසිදු කර හොඳින් වියලා ගැනීමෙන් තමන් උයන කෑම බීම නරක් නොවී තියා ගන්න පුලුවන්.කිසි විටක තෙතමනය සහිත භාජන වල ඉවුම් පිහුම් කරන්න එපා.

තවත් කාරණයක් තමයි මේ ව්‍යාංජන නරක් වීමට බලපාන, එකම හැන්ද ව්‍යාංජන කීපයක්ම හැඳි ගාන්න ගන්න එක.එක් එක් ව්‍යාංජනය සඳහා හැඳි වෙනම පාවිච්චි කරන්න. 

තවත් කාරණාවක් තමයි මෙ ව්‍යාංජන නරක්වෙන්න බලපාන, ව්‍යාංජන බාගෙට උතුරවා ගන්න එක. බාගෙට උතුරවා ගන්න ව්‍යාංජන ඉක්මනින්ම නරක් වෙන්න බලනව.
මේ නිසා ව්‍යාංජන හොඳින් උතුරවා ගන්න

ගමන් බිමන් යන විට,තම වැඩ පොලට, කැම බීම ආදිය ගෙනියන්නේ නම් එවා හොඳින් උතුරවා පිරිසිදුව පිස ගැනීම වැදගත්.

අමු සම්බෝල වර්ග තම බත් මුලට එකතු කරන්නෙ නම් වෙනම ම ඔතා ගන්න.

සමහරු නරක් වුන තැම්බුන රතු ලූනූ, බී ලූනූ ආදිය සුද්ද පවිත්‍ර කර අහාර වලට යොදා ගන්නවා මන් දැකල තියෙනව.එහෙම දමා පිලියෙල කරගත් අහාර ඉක්මනින්ම නරක් වෙන්න බලනවා. ඒ නිසා කිසි විටක එලෙස යන්තමින් හෝ නරක් වුන එලවලු පලතුරු සෝදා පවිච්චි කරන්න නම් එපා කියල මන් කියන්න කමතියි. 

තමන් පිලියෙල කරන මාළු පිනි හොඳින් පියනකින් වසා ලෙඩ රෝග බෝ කරන මැස්සන්ගෙන් බේරා ගැනීම ඉතාම වැදගත් කාරණාවක් .(මා කුඩා කල එසේ පියනකින් වසා නොතැබීම හෙතුවෙන් මවගෙන් ලද "ගුටිය" ට හේතූ සෙව් විට ලද පිලිතුර මෙයයි :55: ).   

මොන දේ උනත් "පිරිසිදු කම" වැඩගත්ම අංගයක් මේ ඉවුම් පිහුම් කරද්දි.එහෙම උනොත් තමන් කන කෑම වේල ප්‍රණීතව අහාර ගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම තමන්ගෙ ශරීර සෞකය්‍යට ද බොහොම වටිනවා.  :dft012:       
     
« Last Edit: July 07, 2011, 02:28:30 PM by Chef »

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #4 on: July 06, 2011, 04:09:30 PM »
 :036:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline -ŴăśĦ-

  • While there is life there is hope
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 596
  • Gender: Female
  • If I know what love is,it is b'coz of you
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #5 on: July 07, 2011, 11:48:10 AM »
මම කිව්වා බඳින්න කලින් පොඩ්ඩක කෑම ජාති හදන්න ඉගෙන ගන්න කියලා..:57:

:011:  :55:  :011:

:036:
« Last Edit: July 07, 2011, 11:51:06 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

  • While there is life there is hope
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 596
  • Gender: Female
  • If I know what love is,it is b'coz of you
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #6 on: July 07, 2011, 12:21:34 PM »
ඇත්තටම චෙෆ් ඔයාගේ කතාවට මම එකඟයි... :54:
පිරිසිදු කම තමයි මුළුතැන් ගෙදර ප්‍රධානම අංගය..  :048:
අපිට කැමති, අපිට පුරුදු විදියට මොන යම් හෝ කෑම ජාති හදන්න පුළුවන් උනත් එතන පිරිසිදු කම නැත්නම් ඒ කෑමෙනුත් වැඩක් නෑනේ.. :020:
උයන පිහන කටයුතු වලදී එය කරන්නේ ගැහැණියෙක්ද, පිරිමියෙක්ද කියන දේ වැදගත් නූනට මේ දෙගොල්ලන්ටම පිරිසිදුකම ඉතා වැදගත් කියනදේ නම් මතකේ තබා ගන්නනම ඕන.. :57:

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #7 on: July 08, 2011, 10:36:03 AM »
ammo meyala danna jathii__________mata dan thiyana prashne thama kolapata elavalu uyanna giyama thambena eka kochchara vathura adu kalath velavakata niyama rasa dannenne naa ee ai?
 :49:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline -ŴăśĦ-

  • While there is life there is hope
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 596
  • Gender: Female
  • If I know what love is,it is b'coz of you
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #8 on: July 08, 2011, 11:30:39 AM »
අපි එහෙමයි..  :dft012: අපි දැන් බොන්නේ කිරිත් එක්ක සමහන් දාලනේ...   :011:
ඉතින් අපි ගොඩාක් දන්නවා  :005:  :015:  :005:

මදගින්නේ උයන්න අක්කා..., එහෙම නැත්නම් එළවළු වර්ගය අන්තිමේටම එකතු කරන්න පුළුවන් විදියේ ව්‍යාංජනයක් නම් ඒ එළවළු අන්තිමේටම එකතු කරන්න. එතකොට හරියයි..  :54:
බලමු අපි චෙෆ්ගෙනුත් හොඳ උපදෙසක් ගන්න..  :003:

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #9 on: July 09, 2011, 03:43:41 PM »
ammo meyala danna jathii__________mata dan thiyana prashne thama kolapata elavalu uyanna giyama thambena eka kochchara vathura adu kalath velavakata niyama rasa dannenne naa ee ai?
 :49:

hithadara Nimali mithuriya > Kolapata elawalu Witarak nemey Onima Deyak Uyanakota Anaashaya Lesa Thambanna epa ...ikmanata thambena elawalu minithhtu 10 k 15 k Pamana thamba Gaththama hondatama athi  :045: diya Gathiya athi elawalu thamba Ganeemedi wathura puluwan tharam aduwen danna  :dft012:
thawa ekak thamay itin "wathuren" thambana kota wyanjana kohomath rasa aduy  :011: eka hinda thamay "diya kiri walin" thambenna arinna kiyanne  :dft012: 

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #10 on: July 09, 2011, 03:52:56 PM »

මදගින්නේ උයන්න අක්කා..., එහෙම නැත්නම් එළවළු වර්ගය අන්තිමේටම එකතු කරන්න පුළුවන් විදියේ ව්‍යාංජනයක් නම් ඒ එළවළු අන්තිමේටම එකතු කරන්න. එතකොට හරියයි..  :54:
බලමු අපි චෙෆ්ගෙනුත් හොඳ උපදෙසක් ගන්න..  :003:


Oya Kiyana deth hari warsha Mithuriya  :045: diya gathiya athi elawalu warga pisina kota nam man wathura danne nathuwa aduma gindareee poddak thambenna thiyala(diya gathiya athi elawalu wala wathura ibema hadena nisa) ekasaren Pol kiri dala uthurawala Gannawa  :dft012: ethakota kiri rasa tiyenawa wagema elawalu wala rasath rakenawa  :dft012:   

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #11 on: September 03, 2011, 02:08:44 PM »
තරමක කාර්ය බහුල වුන නිසා මේ පැත්තෙ එන්නත් බැරි උනා..

ඉතින් මේ අය "ප්‍රෙෂර් කුකරය" ගැන කතා කරනව දැකල මට හිතුන ඒ ගැන මන් දන්න යමක් කියන්නත්...

"ප්රෙ ෂර් කුකරය" අද සෑම ගෙදරකම පාහේ දකින්න ලැබෙන උපකරණයක්.මෙකෙන් වැඩ ගන්න හරිම ලෙසියි වගේම හරිම පහසුයි කාලයත් ඉතුරු වෙනවා සැහෙන්න.
මෙම භාජනයේ සෑදෙන සම්පින්ඩනය වුන වාෂ්පයෙන් තමයි මෙම ආහාර ඉක්මනටම තැම්බෙන්නෙ.නටන වතුරට වඩා වාෂ්පයේ රස්නය වැඩිහින්දා තමයි ඒ භාජනයේන් පිසින ආහාර ඉක්මනින්ම තැම්බෙන්නෙ...
තම්බා ගන්න වෙලා යන ධාන්යන,අර්තාපල් අල, පොලොස්, අඹරැල්ලා ආදිය දේ ඉක්මනින්ම හා මෘදුව තම්බා ගන්න පුලුවන්.
කඩල > පෙගෙන්නට දමා ගත් කඩල ටික ප්රෙ ෂර් කුකරයට දමා කඩල වැසෙන්නට පමනක් වතුර දමා පියනෙන් වසා මද ගින්දරේ තම්බා ගන්න.
කඩල තැම්බෙන විට ප්රෙ ෂර් කුකරයෙන් විසිල් හඬක් නගියි.පලවන විසිල් හඬින් පසු මිනිත්තු 20 ක් පමන වේලා තම්බා ගැනීම ප්ර මානවත්.(කඩල තැම්බෙන විට සුවඳක් ද එනවා).පසුව ලිප නිවා පිටවන හුමාලය හොඳටම පිට වුන පසු භාජනය ද නිවෙන්න දෙන්න. එ විට පියන කරකවා ඇරිය හැක. රස්නය තියෙන විට ඵියන ඇරිය නොහැක.
මෙහිදී හුමාලය සම්පූර්නයෙන්ම පිට වෙනතුරු බලා සිටිය නොහැකිනම් පැතලි ලී පතුරක් පියනේ උඩ අති කුඩා මූඩිය යටින් තබා තරමක් උඩට උස්සන්න එවිට හුමාලය ඉක්මනින්ම පිට වුන පසු පියන ඇරිය හැක.ණමුත් මෙම ක්රිමය අනුගමනය කරන විටදී බොහොමත්ම පරිස්සම් විය යුතුයි.මොකද එම හුමාලය අධික රස්නයෙන් යුතු නිසා තම මුහුන හෝ අත පිලිස්සිය හැකි බැවින්.           

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #12 on: September 03, 2011, 08:04:37 PM »
pressure cooker eke visil sadde 3nparak ahunama neda arinna one ? :49:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #13 on: September 04, 2011, 12:28:10 PM »
pressure cooker eke visil sadde 3nparak ahunama neda arinna one ? :49:

ehema Kiyala Wisheshyak ne nimali Mithuriya   :dft012: palaweni wisl saddayen passe winadi 15 th 20 th Athara kalayak thamba ganeema Pramanawath  :045: Meya Ahara anuwa wenas wenna Puluwan..
ahara thambenakota suwandak enawa ethakota danaganna Puluwan ahara thambila kiyala ..
Baajanaya Hondata Nimunata passe Arinna  :dft012: Rasnaya Tiyeddi nam arinna Kohomatawath Be  :001:
hadissinam itin Ara man Kiwwa "trick" Pawishi karala arinna Puluwan  :55: eth parisam wenna :003: 

Offline -ŴăśĦ-

  • While there is life there is hope
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 596
  • Gender: Female
  • If I know what love is,it is b'coz of you
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #14 on: September 05, 2011, 12:47:23 PM »
හොඳටම sure ද 3 පාරක්ම කියලා නිම් අක්කේ...  :011:  :dft012:  :011:

pressure cooker eke visil sadde 3nparak ahunama neda arinna one ? :49:

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #15 on: October 09, 2011, 06:06:59 PM »
මේ ලඟක දී මට පුන්චි ඇබැද්දියක් වුනා :dft005: ..අහාරයක් පිලියෙල කිරීමේදී කම්මැලි කමට එම අහාරයට කෙලින්ම "බිත්තර" දමන්න ගිහින්. එ බිත්තරය යාන්තමට "කොට්ට" වෙලා තිබුනා. නමුත් මගේ වාසනාවට  එය හොද තත්වයේ පැවතුන නිසා අහාරය අහක දමන්න සිද්ද වුනේ නෑ. :dft012:     
ඉතින් මට ඔයලට පුන්චි උපදෙසක් දෙන්න හිතුන මේ හින්දා
කිසිම දවසක "බිත්තර" කෙලින්ම අහාරයකට එකතු කරන්න එපා. බිත්තරය වෙනම භාජනයකට කඩා දමා
හොඳ තත්වයේ පවතියී නම් ආහාරයට එකතු කරන්න  :003:
විශේෂයෙන්ම "කේක්" වර්ග පිලියෙල කරන අවස්ථාවල දී බිත්තර එම මිශ්‍රනයට කෙලින්ම එකතු කරන්න එපා.වෙනත් භාජනයකට දමා පරීක්ෂා කර බලා පාවිච්චියට ගන්න.  :003:  එහෙම නොවුනොත් මහන්සි වෙලා පිලියෙල කරන අහාරය ඉවත දමන්න සිද්ද වේවී.  :dft006:
 

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #16 on: May 11, 2012, 11:18:49 AM »

අද නම් ඉතින් අවේ උපදෙසක් දෙන්න නම් නෙමෙයි..ඒත් පොඩි අත්හදා බැලීමක් ඔයලටත් කියන්නයි.. :dft012:

මෙ දවස් වල පලතුරු වාරේ හින්ද ද කොහෙද නොයෙකුත් පලතුරු පිරිලා .."අලි පේර" ,,,"අලි ගැට පේර" එහෙමත් නැතිනම් "බටර් ෆෘට්" සුලභ වෙලා මේ දවස් වල..
ඉතින් අපි සාම්ප්‍රදායකව මේ අලිපේර කද්දි නම් කිරි පිටි හැන්දක් සිනී හැන්දක් දාලා කලවම් කරල නේ කන්නේ..
ඉතින් මගේ අත්හදා බැලීම නම් " කිතුල් පැණි" ත් එක්ක මේ "අලි පේර" කන එක...
මෙහෙමයි හදන්නේ
අලි පේර මදය සූරගෙන එකට "කිතුල් පැණි" ටිකක් දාන්න.
මෙයටම ලුනු බින්දුවක් දෙකක් දාන්නත් ඕනි.(වැඩියෙන් නම් දාන්න එපා ඔන්න..ලුනු කුඩු දානවනම් ඇඟිලි තුඩු වලින් අල්ලන්න ප්‍රමාණය හොඳටම ඇති.)
ඉහත සියල්ල කලවම් කරගෙන රස විඳින්න.. :dft011:

හැබැයි හොඳ වර්ගයේ "කිතුල් පැණි" විය යුතුමයි... :003:
මෙහිදී කිරි පිටි හෝ කිරි වර්ග නොදමන්න..(එහෙම වුනොත් රසයේ වෙනසක් සිදු වේවී)
     
අත්හදා බලල අපිටත් කියන්නකෝ.. :dft012:

   

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #17 on: May 17, 2012, 01:09:27 PM »
mage ammooooo pressure cooker eka nam harima bayanakali
Bageta vahala thava podden mama marenava
eka hinda mathaka athuva pressure cooker eka hodata lock unata passe lipe thiyaganna :013:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: Mulu Than Geta awashya punchi Punchi upades- By Chef
« Reply #18 on: May 24, 2012, 01:07:57 PM »
mage ammooooo pressure cooker eka nam harima bayanakali
Bageta vahala thava podden mama marenava
eka hinda mathaka athuva pressure cooker eka hodata lock unata passe lipe thiyaganna :013:

Nimali mithuriya Bohoma sthuthiy  :003:.. Min passe Parissam wenna .. :003: