Author Topic: ලං.වි.ම ට මුක්කු ගැසීම හෙවත් මාරයාට අත වැනීම.  (Read 5109 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..
Advertisement
 :022: :046: :046: :046:

menna real image... :026: :026: :026:











ඔක්කොම විස්තරේ ලියන්න වෙලාවක් නෑ දැන්.. රෑ වෙලා ඉඩක් ලැබුනොත් බලමු..   :54:

Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..
මේ දර්ශනය මගේ නෙත ගැටුනෙ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැ.නු.ප ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහ නෙළුබෑව ග්‍රාම නිලධාරී වසමේ 10 ඇල කියන හරියේ තියෙන අතුරු පාරකදි. මේ කරලා තියෙන වැඩ එකක්වත් ලංවිම මහත්තුරු කරපුවා නම් නෙමෙයි. ගමේ මිනිස්සු එකතු වෙලා කරපු දේවල්.හැබයි මේ හැම දේකටම වැරදිනම් මේ කිව්ව ලංවිම මහත් හොරුම තමයි.
අප්‍රේල් මැද හරියෙ මෙහෙට හොදටම වැහල පස බුරුල් වෙලා මේ කණු සියල්ලම පාරට පාත් වෙලා තිබිල තියෙන්නෙ. දවස් දෙකක් විතර විදුලිය තිබිලත් නෑ. මංඩලෙන් හදන්න එන්නැති පාර ගමේ මිනිස්සු එකතු වෙලා කණු ටික මේ විදියට කෙලින් කරල.හැබැයි ඒ ගමනාගමන කටයුතු කරගන්න අදහසින් විතරයි. ඊට පස්සෙ මංඩලේ මහත්තුරු ඇවිත් බලල හදිසි ඒව හදලා ඇවිත් හදනකම් ඔහොම තිබිච්චදෙන් කියල සැපයුම ලබා දීල යන්න ගිහින්.

තවමත් කණු එසේමයි. ඒ බව මේ පාරේ යන එන ඕනෙම කෙනෙකුට තවමත් (2011-05-10) දකින්න තියෙනව.
කොන්ක්‍රීට් කණු වලට මුක්කු තියන්න ගෙදර වහලෙ ගහන්න ගෙනාපු පොල් ලී ටික දුන්නු ආච්චිගේ කතාවකින් විස්තරේ අවසන් කරමි.
"පුතේ අන්තිමේටම මට වහලෙ ගහන්න අළුතින් පරාල ගේන්න වෙයි වගේ. ඇයි ඉතින් මේවට ගහල තියලා ඇද උනාම ඕවගෙන් වහල ගහන්න බෑ ඕවා ලිපට දාන්න කියලා බාස් පුතාලා කියනවනේ."

කිව්වට කරන් නැත්තන් ඒ මිනිස්සු කාට කියන්නද.. ?
ඒ උනාට අපි කන පරිප්පු ඇටෙන් සීනි ඇටෙන් පවා ඇරගෙන ගෙවන්නෙ මේ කියන මහත් හොරුන්ට නේද කියලා හිතෙද්දි නම් හිතට හුගක් අමාරුයි.
                                                           මම අළුත උපන් එකා.
ගිහින් බලනවානම් මෙන්න පාර 8.277322;80.410824

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
දෙයියො දනියි... මේවා දැක්කම අපිට අපි ගැනම දුකයි අළුත් ළමයෝ....... :dft008: :013:
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..
දෙයියො දනියි... මේවා දැක්කම අපිට අපි ගැනම දුකයි අළුත් ළමයෝ....... :dft008: :013:
අළුත උපන් එකාට අනුරාධපුර විදුලි ඉන්ජිනේරු වරයා දුරකතනය ඔස්සේ මේ දැන් (2011-05-11 ප.ව. 2:20) ප්‍රකාශ කළේ තමන් මෙ පිළිබදව දැනුවත් බවත් වහාම නඩත්තු කටයුතු සදහා යොමු වන බවත් ය.
අළුත උපන් එකා හොයලා බලනවා මොකද වෙන්නෙ කියලා.. :54:

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
සිංහලයා පුවත් ඒජන්සිය එක්ක එදිනෙදා සහයෝගයෙන් වැඩකරන තවත් කාණ්ඩයක් තමා චම්පික ඇමතිතුමාගෙ මාධ්‍ය අංශය..
අපි මේ සටහන කෙලින්ම එතනට දෙන්නම්..

ඒ වගේමයි,
නොයෙක් හරසුන් දෑ වෙනුවට මෙවන් ආකාරයේ සටහන් අපිත් එක්ක බෙදා හදා ගත්තාට "අළුත උපන් එකා" ට තුති.

ස්තුතියි.!
I'm on the way..

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
දෙයියො දනියි... මේවා දැක්කම අපිට අපි ගැනම දුකයි අළුත් ළමයෝ....... :dft008: :013:
අළුත උපන් එකාට අනුරාධපුර විදුලි ඉන්ජිනේරු වරයා දුරකතනය ඔස්සේ මේ දැන් (2011-05-11 ප.ව. 2:20) ප්‍රකාශ කළේ තමන් මෙ පිළිබදව දැනුවත් බවත් වහාම නඩත්තු කටයුතු සදහා යොමු වන බවත් ය.
අළුත උපන් එකා හොයලා බලනවා මොකද වෙන්නෙ කියලා.. :54:



 :54:  :54:  :54:  :54:  :047:
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..
මෙම  වාර්තාව කියවූ, ඉන්පසු ඒ වෙනුවෙන් ඇගේ ලේ රත් කරගත්තු, ඉනුත් පසුව ඒ වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගත්තු, විශේෂයෙන් වෙබී අයියා වගේ සියළු දෙනාටම ස්තූතියි..

මංඩලේ කට්ටිය අද උදේ ඉදලම මහන්සි වෙලා හවස හතර විතර වෙනකොට හැම දේම යථා තත්වයට පත් කරන්න කටයුතු කළා කියලා ආරංචි වුනා. හොයලා බැළුවම කතාව ඇත්ත.

වෙන්න තිබුනු මාරක අනතුරක් වළක්වගන්න පහුවෙලා හරි දායකත්වය ලබා දුන් සැමට එම ගම් වාසීන් වෙනුවෙන් අළුත උපන් එකා මෙසේ ස්තූතිය පුද කර සිටිනවා..

(වැඩේ ඉක්මන් උනේ අළුත උපන් එකා නිසා කියලා දැනෙද්දි හිතට ටිකාක් විතර ආඩම්බරයි. හැබැයි ඒක අහිංසක එකක් හොදේ...)
                                                                              මම අළුත උපන් එකා...

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
අදාල පිළිසකරකිරීම් නිම කලාය කියල විදුලිබල මණ්ඩලේ මහත්තුරු විසින් සිංහලයා පුවත් ඒජන්සිය වෙත නිල වශයෙනුත් දැනුම් දීමක් කලා. අදාළ සිදුවීම පිළිබඳ සිය අවධානය යොමු කරමින් කඩිනම් ක්‍රියාමාර්ග ගත් ලංවිම සේවක මඩුල්ලටත් අපේ ප්‍රණාමය හිමි වෙනවා..

ස්තුතියි!




« Last Edit: May 24, 2011, 12:24:58 PM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..
මේ වගේ හැම ලාංකිකයම එකා වගේ හැම තැනදිම ඉන්නවනම් රට හදන එක කජ්ජක් නෙමෙයි සහෝ...
දුන්නු සහයෝගයට නැවතත් ස්තූතියි... :54:

                               මම අළුත උපන් එකා...

Offline lahirumudiyansey

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 1
  • Gender: Male
හැමෝම ඔය වගේ උන නම් මේක ලස්සන රටක් වෙනවා.

Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..
හැමෝම ඔය වගේ උන නම් මේක ලස්සන රටක් වෙනවා.
සිංහල ගතිය පෙන්නගෙන නිම්නයට ආපු උඹව මං සාදරයෙන් පිළිගන්නවා... අපිට බුක්ති විදින්න නැති උනත් කමක් නෑ ලංකාවෙ මතු ඉපදෙන එකෙක්ට හරි ඒ විදියට රට දකින්න තියෙන එක තමා මගෙනම් එකම බලාපොරොත්තුව... මට නම් මගෙ පණත් හරි... මේ රටත් හරි... අපි අනික් උන් වත් ඒ විදියටම පෙළ ගස්සමු... කෝටු  කෑලි තියලා තමා සහෝ, දර මිටියක් බදින්නේ... අපි කොහොම හරි රට හදමු කොල්ලෝ... බැරි නෑ... අපිට පුලුවන්... බෑමයි කියපු දේවල් අපි කරේ ඔය.... දිගටම සිංහලයට ගොඩ වෙයන්.....