Author Topic: 2011 පොසොන් එකට අනුරාධපුරේ එන්නද හිතන් ඉන්නේ….(abou  (Read 3900 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..
Advertisement
එහෙනම් මේ ටික ප්‍රයෝජනවත් වෙයි සමහරවිට….

01).භාවිතා කිරීමට සුදුසුම මාර්ගයක් තෝරා ගන්න.
මේ දිනවල රටේ සෑම තැනකම වාගේම අනුරාධපුරයට පිවිසීමට ඇති ප්‍රධාන මාර්ගයනුත් පිළිසකර කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ අතරින් කුරුණෑගල-පාදෙනිය හරහා අනුරාධපුර දක්වා දිවෙන මාර්ගයත්, පුත්තලම-නොච්චියාගම හරහා අනුරාධපුර දක්වා දිවෙන මාර්ගයත් විශේෂයි. මෙකී මාර්ග දෙකෙහිම බොහෝ ස්ථාන තවමත් ඇත්තේ තනි පෙළ මං තීරු (one way) ආකාරයෙනුයි. එබැවින් මෙකී මාර්ගයන් වල ගමනාගමනයේ යෙදීම තරමක වෙහෙසකාරී අත්දැකීමක් වනු නොඅනුමානයි. මාගේ පුද්ගළික අදහස නම් මෙවර පොසොන් වන්දනාව සදහා කොළඹ සිට පැමිනෙන්නේ නම් ඒ සදහා සුදුසුම මාර්ගය කොළඹ-කුරුණෑගල-දඹුල්ල-කැකිරාව-මරදන්කඩවල හරහා අනුරාධපුරයට හෝ නැතිනම් ගල්කුලම මාර්ග බාධකය අසලින් මිහින්තලයට වැටී ඇති මාර්ගය ඔස්සේ මිහින්තලය කරා යෑම වඩාත්ම සුදුසු මාර්ගය බවයි. එකී මාර්ගය තරමක දුරින් වැඩි වුවත් ඔබගේ අපතේ යන කාලය හා සැසදීමේදී එය එතරම් නොවැදගත් කරුණක් වනු ඇති.

02).රියදුරන් ඉවසිළිමත් වන්න.
තවමත් අනුරාධපුර අවට සිටින ගැමි ජනතාව බහුළ වශයෙන්ම පොසොන් වන්දනාව සදහා භාවිතා කරන්නේ ට්‍රේලරය සහිත රෝද දෙකේ අත් ට්‍රැක්ටරයයි. මෙය අනෙකුත් රියදුරන්ගේ නොමද කෝපයට බදුන්වන කාරණයක් වුවද ඒ සදහා තහංචි පැනවීමක්ද සිදුකල නොහැක. කළහැකි එකම දෙය වන්නේ ඔවුන්ටද මාර්ගය භාවිතා කිරීමට ඉඩ හසර ලබා දෙමින් අපද මාර්ගය භාවිතා කිරීමයි. සමහර විට ඔබගේ අනවශ්‍ය නොඉවිසිලිමත් කම නිසා ඔබට මුළු දවසින්ම හෝ ඒ සදහා වන්දි ගෙවීමට සිදු විය හැක. එබැවින් මාර්ගය පරිහරණයේදී හැකි පමණ ඉවසිලිමත් වන්නට කාරුණික වන්න. එය අනෙකුත් රියදුරන්ටද මගීන්ටද පදිකයින්ටද රථ වාහන හැසිරවීමේ නියුතු පොලිස් නිළධාරීන්ටද මනා පිටිවහලක් වනු නොඅනුමානය.

03). මත් පැන් මත් ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින්න.
ඔබ රැගෙන එන සියලුම ගමන් මළු හා පැමිනෙන වාහනය මනා පරීක්ෂාවකට සෑම ප්‍රධාන මාර්ගයකදීම ලක් කෙරේ. එහිදී සොයාගන්නා මත් පැන් බෝතල් නැවත ලබා නොදී රදවා ගන්නා බැවින් ඔබගේ මුදල අපතේ යාම අනිවාර්ය බව සදහන් කළ යුතුමයි. (ඒවට වෙනදේ කියන්න ඕනෙ නෑනේ. :015:)

04).ආහාරය සදහා ද්‍රව්‍ය රැගෙන ඒමට පෙර දෙවරක් සිතන්න.
පොසොන් යනු තනිකරම දන්සැල් වලින් පිරී ඇති උත්සවයකි. නගර වැසියෝ මෙන්ම පිටස්තර පුද්ගලයින්ද අනුරාධපුරයට පැමින මේ දින දෙකේදී දන්සැල් දීම සුලභව සිදු වන ක්‍රියාවකි. උදයේ තේ පානයේ සිටම සිසිල් බීම, කැද, කඩල, මුං ඇට, පාන් වැනි සැහැල්ලු ආහාර මෙන්ම දවාලට, රාත්‍රියට බත් හා වයංජන හෝ ෆ්‍රයිඩ් රයිස් දන්සැල්ද, කොත්තු හෝ ආප්ප දන්සැල්ද ඊටත් අමතරව කෑමෙන් පසු අතුරුපස සදහා අයිස් ක්‍රීම් දන්සැල්ද ඕනෑ තරම් මේ දින දෙකේ ඇති බැවින් අමතර ආහාර රැගෙන ඒම ගැන දෙවරක් සිතන්න..

05). තමන්ගේ වාරය එනතෙක් ඉවසන්න.
දන්සැල් ගැන කතා කිරීමේදී මතක් කළ යුතුම කාරණයක් ලෙසින් මා දකින්නේ නියමිත පරිදි පෝළිමේ ගොස් ආහාරය ලබා ගැනීමට මිනිසුන්ගෙ ඇති අකැමැත්තයි. ඔබද ඒ අසමජ්ජාති වැඩේ කිරීමට කිසිවිටෙක ඉදිරිපත් නොවන්නැයි මා කාරුණිකව ඉල්ලා සිටින අතරම එවැනි ක්‍රියාවක් ඔබගේ දෑස් ඉදිරිපිට සිදුවීමට යන්නේ නම් එයට විරුද්ධව හඩ නැගීමට තරම් ධෛරමත් වන ලෙසටද ඉල්ලා සිටිමි. එසේම පූජා නගරයෙන් පිටත ඇති දන්සැලකට ගොඩවදිනවා නම් තමන් ගමන් ගන්නා වාහනය හැකි තරම් පාරෙන් ඉවතට කර නැවැත්වීමට රියැදුරු මහතාණන්ව දැනුවත් කිරීමටද කාරුනික වන්න.

06).ස්නානය සදහා සුදුසුම ස්ථානය තෝරා ගන්න.
පොසොන් වන්දනාවට අනුරාධපුරයට පැමිනෙන බොහෝ අයවලුන් වැව් වල දිය නෑමට රුචි වෙති. මේ සදහා සුදුසුම ස්ථාන මොනවාදැයි දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මගින් පුළුල් වැඩ පිළිවෙලක් සියලුම නෑමට සුදුසු වැව් ආසන්නයේ යෙදවීමට කටයුතු කර තිබෙනු ඔබට ඇස ගැටෙනු ඇත. කරුණාකර එවැනි ස්ථානයන් පමනක්ම දිය නෑම සදහා භාවිතා කරන්න. එවැනි තැන්වල සෑම විටම පාහේ ජීවිතාරක්ෂක සංගමයේ සාමාජිකයකු රැදී සිටින බැවින් ඔබට වඩා සුරක්ෂිත බවක්ද හැගෙනු ඇති. කරුණු කාරණා කෙසේ වෙතත් ජලයේදී තමන්ගේ ආරක්ෂාව ගැන තමාම වඩා හොදින් සැළකිළිමත් වන්න..

07). හැකි නම් මිහින්තලා වන්දනාවට රාත්‍රිය භාවිතා කරන්න.
මක් නිසාද යත්, රාතියේ මැවෙන සුන්දරත්වය අති චමත්කාර ජනක එකක් බැවිනි. කෙසේ වතුදු ආරාධනා ගල මස්තකයට නැගීමේදී වයසක දෙමාපියන් හා කාන්තාවන් ඒ පිළිබදව දෙවරක් සිතන්නේනම් මැනවි.(මෙම දින දෙකේදී පවතින අධික තද බදය නිසාවෙන් සමහර කාන්තාවන්ට අප්‍රිය ජනක අත් දැකීම් වලට මුහුන දීමට සිදුවූ බව මා අනන්තවත් අසා ඇත්තෙමි.) නමුත් මාගෙ පුද්ගලික අදහස නම් මිහින්තලාවට ගොස් ආරාධනා ගලට නොනැගීම යනු, ශ්‍රී පාදය වන්දනා කර ගාන්ඨාරය නාද නොකර පැමිනීම වැනි වැඩකි.

08).පාරිභෝගිකයන් වශයෙන් කල්පනාකාරී වන්න.
ඔබට අවැසි බොහෝ දේ පොසොන් කඩපිළ් වල නිතැතින්ම ඇස ගැටෙනු ඇත. සමහර විට ඔබ ඒවා මිලදී ගන්නවා වෙන්නටද පුලුවන. නමුත් දුටු පමනින් මිලදී ගැනීමට පෙර වෙනත් ස්ථානයකත් මිල ගණන් සංසන්දනය කිරීමට සැළකිලිමත් වන්න. මන්ද, එකම වෙළද භාන්ඩය විවිධ මිල ගණන් යටතේ ඔබට මුණ ගැසෙනු නොඅනුමාන බැවිනි. ඔබ සාප්පු සවාරියක් සදහා පමණක්ම පොසොන් කඩපිල් යොදා ගන්නවා නම් ඒ සදහා සුදුසුම වන්නේ පොසොන් සතියේ හතර වන හා පස් වන දිනයන්ය. නමුත් මෙකී වෙලද සැල් වලින් මිලට ගන්නා භාණ්ඩයේ තත්වය පිලිබදව බරපතල වූ ගැටළු පැන නගින අවස්තාවන්ද එමට බැව් මතකයේ රදවා ගන්න.

09). මේ ගැනත් සිතන්න.
* නඩයක් වශයෙන්  හැකිතාක් එකටම ගමන් කරන්න.
* අතරමං වීමක් සිදුවුවහොත් හැකි ඉක්ක්මණින් පොලිස් මුර පොලකට හෝ මහජන සම්බන්ධතා කුටියකට ඒ බව පවසන්න. නිතරම ශබ්ධ විකාශන යන්ත්‍ර මගින් තමාගේ නම / සොයන අයගේ නම  කියවෙනවාදැයි විමසිලිමත් වන්න.
* මුදල් පසුම්බිය නිතරම ආරක්ෂා කර ගන්න.
* දරුවන් වඩාගෙන යෑමට හෝ අත නොහැර සිටීමට වග බලා ගන්න.
* තමන් පැමිනි වාහනය නවත්වන රථ ගාලේ නම එයින් පිටවීමට පෙර මතකයේ රදවා ගන්න.
* පරිසරයේ මතු පැවැත්ම ගැන සිහි බුද්ධියෙන් සිතන්න.


ඔබ සැමට ප්‍රීතිමත් පොසොන් සැනකෙළියක මිහිර අත් විදීමට ලැබේවා..

                                                              මං අළුත උපන් එකා…

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
හරිම ප්‍රයෝජනවත් තොරතුරු ටිකක්..
දිගටම ලියපං මලේ..
I'm on the way..