Author Topic: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae..  (Read 8423 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae..
« on: October 28, 2010, 01:30:49 AM »
Advertisement
හදවත ලියූ දෑ.. (හදවත් ඇත්තෝ වෙනුවෙන් ම ය..)









Unicode/Text Version:
ලියූ පොතක, නොලියූ නමක් වේ නම්, ඒ මා නම යි..
කියූ දෙයක, නොකියූ යමක් වේ නම්, ඒ මා ගැන යි..
ගැයූ කවක, නොගැයූ පෙළක් වේ නම්, ඒ මා නිස යි..
හිතූ හිතක, නොහිතූ දෙයක් වේ නම්, ඒ මා හිතයි..

- චන්න ඊ. කටුවාවලගේ

« Last Edit: October 28, 2010, 02:18:13 AM by WEBMASTER® »
I'm on the way..

Offline ගුරු

  • Administrator
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 88
  • Gender: Male
    • www.sinhalaya.com
Re: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae..
« Reply #1 on: October 28, 2010, 09:57:09 AM »


elm wm` @vbW..

a`s`v v#dQ kmt @m|k wOn\ hwr p`rk\ [email protected]|v`..wv wOn\ hwr p`rk\ kQyvn\d avsryQ!

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae..
« Reply #2 on: October 29, 2010, 10:07:28 PM »
ස්තුතියි ගුරා දිරිගැන්වීමට..

2003 - 2009 යන කාලය අතරතුරේ විටින් විට ලියපු නිර්මාණ එක්ක පිටු සිය ගණනක පොතක් ලීවා.. මං දන්නෙ නෑ ඒක පල කරන්න පිළිවන් වෙයි ද කියල මේ ජීවිත කාලෙ..

ඒත් එහි තියෙන නිර්මාණ වලට තවත් දෑ එක් කරමින්, "ෆැන්ටසි හුයක්" ඔස්සේ මේ විදිහට දිවි ඇති තුරාවට "හදවත් ඇත්තන්ට" කතා කරන්න ඕනෙය කියල හිත කීවා,,

"හදවත ලියූ දෑ.."
නමින් උඹල ඉස්සරහ මේ විදිහට දිග හැරෙන්නේ අන්න ඒ හිතිවිල්ල යි..  :003:

- ආදරණීය වෙබී
« Last Edit: October 29, 2010, 10:14:15 PM by WEBMASTER® »
I'm on the way..

Offline Vikum

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 12
  • real media makes complete human.
Re: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae..
« Reply #3 on: October 29, 2010, 11:01:08 PM »

:54:
« Last Edit: October 30, 2010, 10:11:44 PM by Vikum »

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae.. (31/10/2010)
« Reply #4 on: October 31, 2010, 04:53:28 AM »
2008 වසරේ සැප්තැම්බර් මාසෙ එක් දිනක්..


එදා උදේ වරුවෙ සටන් බිමේ ස්ථාන කිහපයකම ඇවිදල වව්නියාව ආරක්ෂක සේනා මූලස්ථානයට ආවෙ දවල් 1ට විතර.. එතැන හිටි හිතවත් ආරක්ෂක හමුදා මහත්වරු විසින් දුන් කෙටි සංග්‍රහය ඒ කාෂ්ඨක වෙලාව අනුව දිව්‍ය භෝජනයක්..

පස්සෙ හනිකට වව්නියාවෙ ඉඳල අනුරාධපුර බලා එන ගුවන් හමුදා හෙලිකොප්ටරයක් වෙත ගොඩ උනේ අනුරාධපුරෙන් රත්මලානට නියමිත ගුවන් යානයේ කොළඹ එන අටියෙන්.. හෙලිකොප්ටරය ගුවනට ඔසවා මිනිත්තු 5ක් ගමන් කරන්නට ලැබුනේ නෑ.. යානයේ නියමුවාට ලද පණිවිඩයකට අනුව වව්නියාවේ සිට ගුවනින් මිනිත්තු කිහිපයක දුරින් වූ සටන් පවතින ස්ථානයක් වෙත ගොස් එහි "කැෂුවල්ටීස්" (casualties) ගන්න කියලයි පණිවිඩේ.. ඒ කියන්නෙ සටනේ තුවාල ලබා අසාධ්‍ය ව සිටි සොල්දාදුවන් පිරිසක් ගන්න...

මිනිත්තු කිහිපයක ගමනකින් පස්සෙ වෙඩි හඬ ඇහෙන මානයකට (ස්ථානය නිශ්චිත ව දන්නේ නෑ..) අපි මේ ගමන් ගත් ගුවන් හමුදාවේ එම්.අයි17 හෙලිකොප්ටරය පාත් කලා.. ඒත් සමගම රෝගීන් එක්ක ප්‍රථමාධාර ඇඳන් කිහිපයක් ඔසවාගෙන පැමිණි සෙබළ පිරිස් විසින් තුවාල ලත් සිය සහෝදරයින් රැසක් හෙලිකොප්ටරය වෙත නංවන ගමන් අතර යානය ඇතුලේ හිටි ආරක්ෂක හමුදා සෙබළ පිරිස් සහ මම ද එකතු වී තුවාල ලත් "අපේ කොල්ලන්" සඳහා ඉඩ පහසුකම් හදා දුන්නේ උතුරා යන ගෞරවයකින් යුක්තව යි.

දික් අතට දෙපැත්තට මුහුණට මුහුණ ලා පිහිටා ඇති (දුම්රියක මෙන්) වානේ ආසන පැළළි අකුලමින් යානයේ පොලව මත සකසා ගත් ඉඩ පහසුකම් මත අපේ කොල්ලන් එක් දෙන්නාට වැතිරීමට සැළැස් වූවා.. බොහෝ දෙනෙකුගේ අත් පා හෝ, ඒ දෙක ම දැඩි ලෙස විනාශ වී තිබුණා.. මස් වැදලි එල්ලෙමින් තිබ්බත් උං නම් හිටියේ පුදුම දරා ගැනීමක් එක්ක.. කොල්ලන්ගෙන් එකෙක් මහා වේදනාවක් නිසා ඉඳහිට "අම්මේ... අනෙ අම්මේ..." කියා විලාප දෙන හඬ අදටත් මගේ දෙසවනේ රැව් දෙනවා..

කොල්ලන්ට ඉඩ හදා දී, හිටගෙන කැමරාවත් බෙල්ලේ එල්ලා ගත් මං, අතේ තිබ්බ සටහන් පොතයි, දුරකතනයයි එකට උණ්ඩි කර සාක්කුවේ රුවා ගත්තෙ, "උසස් පෙළ ලියන කාලෙ" පුරුද්දට දෝ මන්දා.. ඒ අතරෙ යුද හමුදා ප්‍රථමාධාර ඒකකයෙ සොල්දදුවෙක් අපේ කැෂුවල්ටි කොල්ලන්ට අවශ්‍ය කෙටි ප්‍රතිකාර දෙමින් ඉන්න අතරෙ, මගේ සහයෝගයත් බලාපොරොත්තු උනා.. ඒ මා අසල ම කකුළකට, උදරයට සහ බෙල්ල ප්‍රදේශය දැඩි සේ හානි වෙලා තිබ්බ අපේ කොල්ලෙක්  ගේ අත සහ එහි ගසා තිබූ සේලයින් බෝතලය නොසෙල්වෙන සේ අල්ලා ගෙන යාම වෙනුවෙන්.. ඒ වෙනුවෙන් බිම වැතිරී සිටින මගේ හිතවතා ලඟින් සීරුවට ඉඳගත්තා,.

සමහර විට යානය ගැස්සෙද්දී මගේ සිරුරත් ගැස්සෙන්නේ මට පාලනය කල නොහැකි පරිද්දෙන්.. එවිට බිම වැතිරී සිටින මගේ හිතවතා නගන කෙඳිරිය ඉදිරියේ මා අසරණ වූ වාර ගණන නම් අනන්තයි.. ඒ හැම විටම යානයේ බඳට පිට දී උන් මා ඔහුගේ අත සහ සේලයින් බෝතලය මගේ සිරුරට මනාව ව ග්‍රහණය කරගත්තේ මගේ මිතුරා කෙරෙහි වූ අපමණ ගරුත්වයකින්.. අභිමානයකින්..

පැයකට අඩු කාලයක් තුල අනුරාධපුරයට ලඟා වූ හෙලිකොප්ටර් යානය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය වෙත ගොඩබාමින් තිබුණා..

යුද හමුදා වෛද්‍ය ඒකකයේ මගේ මිතුරා යානයේ තිබූ බඩු බාහිරාදිය, සහ වැතිරී සිටි සෙබළුන් මග හරිමින්, එහෙන් මෙහෙන් අඩිය තබමින් ම ලඟට සීරුවට ලං කලා.. එතෙක් මා දරා සිටි මගේ මිතුරාගේ අත සහ සේලයින් බෝතලය එසේ තියෙද්දී ම පරීක්ෂා කල ඔහු මැළවුණු මුහුණින් යුතු ව..

"වැඩක් නෑ සර්... කොල්ලා ඩෙඩ්.. (මියගිහින්).. අපි හැමෝම මේ වගේ,, ඒත් සෝල්ජර් කෙනෙක් විදිහට "අපේ රට වෙනුවෙන්" මැරෙන එක අපිට ලොකු ආඩම්බරයක්.. මේ යුද්දෙ අපි දිනනව.. ඊට පස්සෙ කවදාක හරි දවසක සර් මේ ටික ලියන්න.." යි පවසා සිටියේ සංවේදී වෙලා තිබ්බ මගේ දෙනෙත දිහා බලාගෙනම යි..


- චන්න ඊ. කටුවාවලගේ..
(31/10/2010)




Image Version:



« Last Edit: October 31, 2010, 06:19:42 AM by WEBMASTER® »
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae..
« Reply #5 on: November 02, 2010, 02:50:33 AM »
Image Version:



Unicode Version:
හිත මගෙ තනි ව ඉඳිනා හැටි මෙසේ යා
ඔබ තව තැනෙක මම අමතක කලේ යා
හිත ඔබ ගැනම වෙහෙසෙන හැටි අගේ යා
ඔබ හිත කිමද මේ හැටි ගල් වගේ යා


- ආදරණීය වෙබී  :033:
« Last Edit: November 02, 2010, 03:16:35 AM by WEBMASTER® »
I'm on the way..

Offline iris

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 124
  • Gender: Female
  • Mage sanda oba ...
Re: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae.. (31/10/2010)
« Reply #6 on: November 07, 2010, 07:18:05 PM »
අපේ රට කොටි හැතිකරෙන් ගලවලා දුන්නට අපි ජීවිතේ ඇති තාක් මේ රණවිරුවන්ට ණයගැති වෙන්න ඕනේ.



"වැඩක් නෑ සර්... කොල්ලා ඩෙඩ්.. (මියගිහින්).. අපි හැමෝම මේ වගේ,, ඒත් සෝල්ජර් කෙනෙක් විදිහට "අපේ රට වෙනුවෙන්" මැරෙන එක අපිට ලොකු ආඩම්බරයක්.. මේ යුද්දෙ අපි දිනනව.. ඊට පස්සෙ කවදාක හරි දවසක සර් මේ ටික ලියන්න.." යි පවසා සිටියේ සංවේදී වෙලා තිබ්බ මගේ දෙනෙත දිහා බලාගෙනම යි..


ඒත් අයියගෙ සටහනේ මේ කොටස විතරක් කැපී පෙනෙන විදියට ලිව්වෙ ඇයි ?
අනික තව ප්‍රශ්නයක් තියෙනව, මේ හමුදා සොයුරා "පස්සෙ දවසක" එයාල ගැන ලියන්න කිව්වේ ?දෙයක් නොකිය කියනව වගේ?

Offline -Ŵ㮜Ħä-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae..
« Reply #7 on: November 08, 2010, 08:27:21 PM »


[email protected]\ a`qrNWy @sbL @sbLQyn\ smM [email protected]\ yEq\{y pvwQn k`Ly wOl ovEn\@g\ qEk, swOt @bq` gnQmQn\ ovEn\ h` @gvR k`Ly, em aw\q#kWmn\ ap h` @bq` @qn a`qrNWy @vbQ [email protected]\.., hqvwQn\m mm obt s\wSwQy pEqmQ......!

[email protected]\m [email protected]\ lk\ m$NQyn\v swOr# uvqErQn\ mEqv` gw\ wQYvQ{ hmEq`v a#wOU @p`[email protected]\ a`qrNWy @sbL @sbLQyn\tw\ [email protected]\ hqpQrQ s\wSwQy sh uw\wm`c`ry iw` @[email protected]\ pEqmQ.......!!!!!

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae.. (31/10/2010)
« Reply #8 on: November 08, 2010, 08:47:55 PM »
මාත් මේ කවුරුහරි ඒක අහනකල්මයි උන්නෙ... අහන්න කලිං ඒක කියන එකෙත් කිසිම ගතියක් නෑ නෙව..?

එද මට එහෙම කිව්ව "ආමි මෙඩිකල් සෝල්ජර්" අද ඉන්නව වෙන්නත් පුළුවං, නැති වෙන්නත් පුළුවං.. ඒත් එය එහෙම කිව්වෙ..

ඒ යුද්දෙ දිනන බවට සෙබළුන් වශයෙන් එයාල තුල දැඩි විස්වාසයක් තිබ්බ නිසා.. ඒ වගේම රට වෙනුවෙන් මැරෙන එක අපේ සෙබළුන්ට කොච්චර අභිමානයක් ද කියලත් ඒ සටහනේ දැක්වෙනව... වැදගත්ම දේ තමයි,, එයා මගෙන් ඉල්ලුවෙ,, "අපි මේ යුද්දෙ දින්නට පස්සෙ කවදක හරි මේක ලියන්න" කියලනෙ..

අපේ රටේ එහෙම යුද්දයක් තිබ්බා,, ඒ වෙනුවෙන් කොල්ලො දහස් ගණන් මැරුණා.. අතපය අහිමි කර ගත්තා... ඒ හැමදේම කලේ අපිට අපේ වර්තමානයත් අනාගතයත් වෙනුවෙන් කියන එක අපේ ගොඩ දෙනෙක් ඉක්මණින්ම අමතක කරන බව මේ බුද්ධිමත් සහෝදරය දැනන් උන්නු නිසාවෙන්...

මේ ලඟදි මට හමුවෙච්චි එක පාහරයෙක් අහනව..
"මැයි 18 වෙනිද පෙරඩ් එක මොකක්ද බොස්..? මල වදයක්නෙ... පාරවල් වහල.... මෙහෙම බැහැනෙ.. මොකක්ද ඔච්චරටම....?" කියල...

මං එයාට විස්තරේ කියාල දුන්න,,,,  :54:
:dft007: ඒ කියල දුන්නු විදිහ නම් මේකෙ ලියන්න බෑ...





අපේ රට කොටි හැතිකරෙන් ගලවලා දුන්නට අපි ජීවිතේ ඇති තාක් මේ රණවිරුවන්ට ණයගැති වෙන්න ඕනේ.



"වැඩක් නෑ සර්... කොල්ලා ඩෙඩ්.. (මියගිහින්).. අපි හැමෝම මේ වගේ,, ඒත් සෝල්ජර් කෙනෙක් විදිහට "අපේ රට වෙනුවෙන්" මැරෙන එක අපිට ලොකු ආඩම්බරයක්.. මේ යුද්දෙ අපි දිනනව.. ඊට පස්සෙ කවදාක හරි දවසක සර් මේ ටික ලියන්න.." යි පවසා සිටියේ සංවේදී වෙලා තිබ්බ මගේ දෙනෙත දිහා බලාගෙනම යි..


ඒත් අයියගෙ සටහනේ මේ කොටස විතරක් කැපී පෙනෙන විදියට ලිව්වෙ ඇයි ?
අනික තව ප්‍රශ්නයක් තියෙනව, මේ හමුදා සොයුරා "පස්සෙ දවසක" එයාල ගැන ලියන්න කිව්වේ ?දෙයක් නොකිය කියනව වගේ?

I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae..
« Reply #9 on: November 08, 2010, 08:58:35 PM »
බොහෝම ස්තුතියි, විකුම්, වර්ෂා...
ඔයාලගෙ නිර්මාණාත්මක ඇගයුම් වලට..

ඒ වගේම තවත් බොහෝ දෙනෙක් නොයෙක් විදි ඔස්සේ කල ඇගයුම් වලටත් පින්..!
අපි විසින් කල යම් සේවයක් මෙහෙම ඔයාලගෙ හද පත්ලෙන් පුංචිම පුංචියට උනත් ඇගයෙනකොට,

ඉහත සිදුවීම් වලට සම්බන්ධ මාධ්‍යවේදියෙක් විදිහට මට දැනෙන්නෙ මං ජීවත් වෙනව කියල.. අපි වගේ අයව එලෙස ජීවත් කරන්න පුළුවං ඔයාලගෙ අවංක ඇගයුම් වලට මිසක් "සම්මාන වලින්" නෙමෙයි..

තවත් අතකින් කියනව නම්, මං විවාහ වෙච්චි දවසෙ ජනාධිපතිතුමාගෙ අත්සනින් එවල තිබ්බ මාව විශ්මයට පත් කල සුබපැතුම දුටුවිට ලද හැඟීම ම තමයි ඔයාලගෙ මේ අවංක ඇගයුම් වලින් ලැබුවෙත්..

- ආදරණීය වෙබී
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae.. (16/11/2010)
« Reply #10 on: November 16, 2010, 02:15:32 AM »
Image Version:







Unicode Version:
සතුටු වැඩි කමට කඳුළක් එක් විණි ද
හඬා වැළපුමට සරි කඳුළ ම නෙව ද
අයුත්තට ම එදිරි ව කට ඇරිය වි ද
තමා හිසට තම අත මිස වෙන කිම ද

සටහන:
අපි අපේ අය වෙනුවෙන්, ලෝකෙ යුක්තිය වෙනුවෙන් කොච්චර කට ඇරියත්, ඕනෙම අභියෝගෙකට පපුව ඉස්සරහට දෙන්න ආවත්,
අපිට දෙයක් වෙච්චි කලට "එකෙක් කටක් අරින්නෙ නෑ... අපිට අපි විතරයි.."
ඒක තවත් ලඝු කරනව නම්,, "මට මං විතරයි.."

අඩු ගානෙ අර අපි කතා කල යුක්තියේ පල ප්‍රයෝජන විඳින එකක්වත් අපි වෙනුවෙන් ඉදිරියට එන්නෙ නෑ.. හැමෝම තමන්ට වාසියක් වෙනව නම්, නැතිනම් තමන්ගෙම කෙනෙක් වෙනුවෙන් විතරයි පෙනී හිටින්නෙ..

එහෙම බැළුවම අපි හෙන පල් මෝඩයො ද කියලත් හිතෙනව..

මොකද දන්නවද?
යුක්තිය සහ සත්‍යය වෙනුවෙන් අපි අපේම අයව උනත් අපිට නැති කර ගත්තු නිසාවෙන්.. (මව පියා හෝ නෑදෑයෝ වුණත්..)

:003: ඉතිං අපි වෙනුවෙන් කටක් අරින්න අපේ එකෙක්වත් ඉතුරු නැති කොට "මට මං විතරක්" වීම කොච්චර නං සාධාරණ ද?



- චන්න ඊ. කටුවාවලගේ
« Last Edit: November 16, 2010, 06:35:44 PM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline Piuminie

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 6
  • Gender: Female
Re: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae..
« Reply #11 on: November 16, 2010, 06:11:23 PM »
 :54: :54: :54: :54: :54: :54: :54: :54:
 :003:Kiyanna wachana naaaa
Niyamaiiiii...............!!!!!!!!!!!!

Offline iris

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 124
  • Gender: Female
  • Mage sanda oba ...
Re: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae..
« Reply #12 on: November 19, 2010, 08:07:14 PM »
මේ හුයත් ඉස්සරහට ගෙනියමු... ආසයි අයියගෙ මේ වගේ තවත් අත්දැකීම් ගැන විස්තර දැනගන්න ..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae..
« Reply #13 on: March 20, 2011, 03:00:06 AM »
සුනාමිය..
ඔබට වගේම මටත් කිසිදා අමතක නොවන අත්දැකීමක්.. බොහෝ කාලෙකට පස්සෙ සුනාමිය ගැන මිනිස්සු කතාවෙන වකවානුවක් මේක.. ඒ නිසයි මේ කෙටි සටහන එක් කරන්ට හිතුවෙ..

2004 දෙසැම්බර් විසි හත් වෙනිදා ( ඒ කියන්නෙ ලංකාවට සුනාමිය ඇවිත් දවසකට පස්සෙ ) සිංහලයා මධ්‍ය කණ්ඩායමට සම්බන්ධ අපේ හිතවතුන් කැටිව වාර්තාමය කටයුතු වෙනුවෙන් ගාළු ප්‍රදේශයට යන්නට තීරණය කලා.. සිංහලයා චැට් එකේ ගිනි, පූසා, දමා, ඩි-පර්ල් සහ මම ඒ ගමන ගියේ අපේ පූසා ( අමිල )ගේ අළුත්ම කාර් එකෙන්.. යන අතරමග සුපිරි වෙළඳසැල් වලට රිංගූ අපි හැකි තරම් අතේ තියෙන මුදලට වතුර බෝතල්, කිරිපිටි, කෑම වර්ග වගේ අත්‍යවශ්‍ය දෑ වලින් කාරයේ ඩිකිය පුරවාගත්තා.. සුනාමිය විසින් අපේ මිනිස්සු කොච්චර නම් අසරණ කරල තියෙනවද කියල එදා අපි අපේ ඇස් වලින් ම දැක ගත්තා.. සමූහ මිනී වළවල් වල සැතපෙමින් උන්නු අපේම මිනිස්සු ගැන මතකය එදා වගේම අදටත් හිතේ දෙංකාර දෙනවා.. එසේ සංවේදී වෙච්චි අපේ වාර්තාමය කටයුතු නිමවල ආපහු කොළඹට ආවෙ පහුවදා එළිය වැටුනටත් පස්සෙ..

ඒ ඇවිල්ලත් පැය කිහිපයකින් කොළඹ රූපවාහිනී සංස්ථා භූමියට ඒමටැයි මගේ මාධ්‍ය හිතවතුන් දන්වා එවාල තිබුණු නිසාවෙන්, හනික ඒ වෙත ගියේ තනියම.. ඒ රූපවාහිනී සංස්ථා සේවක පිරිස විසින් සංවිධානය කරල තිබ්බ "හදිසි ආධාර එකතු කිරීමේ" කටයුතු වෙනුවෙන් සහභාගි වෙන්ට හිතාන..

තුම්මුල්ල හංදියේ ලක්සල ගාව ඉඳල ඇවිදන් එන ගමන් එක් තැනකදි මා පස්සෙන් ඇවිත් වයසක අම්ම කෙනෙක් මට කතා කලා..

"පුතේ, පුතේ, රූපවාහිනිය පැත්තෙන් ද යන්නෙ..?"
"ආ ඔව් ඇන්ටි..මං යන්නෙත් එහෙට තමා.." යනුවෙන් මං උත්තර දුන්නා.

"අනේ රත්තරං පුතේ, මට පුළුවං විදිහෙං මේ කෑම පාර්සලේ මං උදේ හැදුවෙ.. අනේ මේක කොහොමහරි අර අසරණ වෙච්චි කාට හරි ලැබෙන්න සළස්වන්න.. රූපවාහිනියෙ එකතු කරන ආධාර එක්කම මේකත් යවන්න මයෙ පුතේ.." යි කියා උන්නා..

ඒත් එක්කම ඉතාමත් හැඟීම්බර වෙච්චි මේ අම්මගෙ ඇස් දෙකෙන් කඳුළු රූරා වැටෙන්න වුනා..

"මං ටීවී එකේ දැක්ක. අනේ පව් දරු පැටව් එහෙමත් ගොඩාක් මැරිල, තවත් ගොඩ දෙනෙක් අනාථයිලු නේ ද? පව් අසරණ මිනිස්සු. ජීවිතේ පුරාම හම්බ කරපුව මුහුදට ගහගෙන ගිහින්.. අපේ රටේ මිනිස්සුනෙ පුතේ.. අනික මමත් අම්ම කෙනෙක්.." යි කියගෙන ගියේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන..

"හරි ඇන්ටි, ඕක දෙන්න.. මං දෙන්නම් මේක.. ඇන්ටිට ගොඩාක් පින්..." කියල කෑම පර්සලේ ගත්තට මොකෝ මං දැනන් උන්න ඒ කෑම පාර්සලේ ආධාර විදිහට අර අහිංසකයො අතට යන වෙලාවෙ කන්න ලැබෙන්නෙ නැති විත්තිය.. මොකද කෑම පර්සලේ නරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසාමයි මං ඒ කෑම පාර්සලේ පාරෙ ඉන්න යචකයෙකුට දීල අර අම්මට පින් පැතුවෙ.. (මං හිතන්නෙ ඒක මට පවක් වෙන එකක් නෑ..)

මෙතන මම මතු කරන්න උත්සාහ දරන්නෙ, අපේ රටේ මිනිස්සු අතරෙ තාමත් වැඩි දෙනෙක් ඉන්නව "අනුන්ගෙ දුක වේදනාව තමන්ගෙ කරගෙන ජීවත් වෙන ඈයො.." කියන කාරණේ. තව කෙනෙක්ගෙ වේදනාව වෙනුවෙන් තමන්ගෙ ඇහැට කඳුලක් උනනව නම්, ඒ මිනිස්සු කොච්චර නම් මනුස්සකමින් පොහොසත් ද?

හිතේ කරුණාව උතුරන අර අම්මා පිලිබඳ මේ කතාන්තරය මගෙ හිතේ මෙච්චර දුරට පැලපදියම් වෙලා තියෙන්නෙ ඒකයි.

- චන්න ඊ.කටුවාවලගේ



පසු සටහන්:
එදා අපි ඒ කාළකණ්නි සුනාමිය වාර්තා කලේ මේ විදිහට..
http://www.sinhalaya.com/nimnaya/index.php/topic,5009.0.html


« Last Edit: March 20, 2011, 03:07:23 AM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae.. (02/06/2011)
« Reply #14 on: July 02, 2011, 01:32:15 AM »
Unicode Version:

යමෙක් අන් හැඟුම් ගරු කර,
අන් සතුට වෙනුවෙන් ම කැප වී නම්,
ආත්මීය ඇසුරක වර්ගඵලය එය ම වේ.
ඒ ආදරය යි.

- ආදරණීය "මම"




Image Version:

« Last Edit: July 02, 2011, 01:52:19 AM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae..
« Reply #15 on: July 08, 2011, 11:25:59 AM »
hadavathata danena vidiyata liyanna puluvan une kohomada?


NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: හදවත ලියූ දෑ.. HaDaWaThA LiYu Dae..
« Reply #16 on: July 10, 2011, 03:05:58 PM »
සැබෑ ප්‍රේමය නම්,
සෙනෙහස පැතීම නොවේ..

එනම්,
ණයගැතියාගෙන් ණයහිමියා පතන දේ මෙනි..

ලැබේ නම් සෙනෙහසක්,
එහි තරම නොතකා පුදන ස්නේහය ම ප්‍රේමය යි..

ඒ,
ලද ප්‍රේමයෙන් සෑහෙන්නෙක් මිහිපිට නැති නිසයි.
පෙරළා ලැබෙන දෑ නොතකා කරන ප්‍රේමය වටින්නේ ය,

එම ප්‍රේමය වෙනුවෙන් හෙළන කඳුළු, ගැහැට තමන් වෙනුවෙන් නොවේ.
අනෙකා වෙනුවෙන් ය.
පරාර්ථය මිස ආත්මාර්ථය එහි නොවේ.
නියම ප්‍රේමය එයයි.

- ආදරණීය මම





Image Version:

I'm on the way..