Author Topic: මගේ වස්තුව  (Read 2181 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline IRC_Kaputa

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 1
  • Gender: Male
මගේ වස්තුව
« on: August 23, 2011, 11:41:27 PM »
Advertisement
මම හුගක් ඉස්සර ඉදන් මේකෙ හිටියෙ. දැනට චැට් එකෙත් සමහරු දැකලා ඇති. කවි පන්තියක් ලියන්න හිතුනා. හැබැයි මේවා මගේ නිර්මාණ එහෙම නෙවේ. මටත් චුට්ටක් විතර කවි ලියන්න හැකියාවක් තියෙනවා. පස්සෙ ලියන්න ඉතුරු කරලා මේ ටික ලියන්නම්. කට්ටියට රස විදින්න පුලුවන් වෙයි කියලා හිතනවා.

මේ කවි ටික ගියේ 2010-05-09 දින ටූ රොඩ්නීස් කියලා සිරසෙ ගිය වැඩසටහනේ......... නැතුව මගේ අදහස්වත් නිර්මාණයක්වත් නෙවේ.


මගේ වස්තුව




නින්දට යද්දි මට සිහිවී ඔබේ                    වත
කවියක් ලියන්නට කියනවා මගේ             අත
වැදිලා ඇති නමුත් මා හට හතේ                හත
ඔබ හැර වස්තුවක් මාගේ හිතේ                 නැත

වෙමි අන්ධයෙක් ඔබ පිදු ආලේ                නමින
යමි ඔබ කර තබා දෙසකට මට                 කියන
බොමි පෙම් රසය ඉස්මුරුතට එන             පමණ
වෙමි ඇඹලයා ඔබෙ පැණි හැලියට             වැටුන

ඔබ දෙස බලා ඉන්නට ඉඩ දෙන                වාද
නළලින් පටන් අරගෙන දක්වා                  පාද
පිට උඩ තබාගෙන කරමින්                      සංවාද
නුඹ ගෙනියන්න මට ආසයි හා                 නේද

නින්දට යද්දි ඔබ සිහිවී මට                      රෑට
කොට්ටය බදා උම්මා දෙමි මම                  ඊට
හදවත රිදුම් දෙයි පවසන්නේ                    කාට
ප්‍රතිකාරයක් ඇත්තෙත් ඔබ ළග                 ඊට

කුණුවල ගාව ඇති කොට්ටන් ගහ               යටට
එනවද සුදෝ හරියට දහයයි                     තිහට
දාගෙන මොනවා හරි පට පට ගා                බඩට
මයි නේම් ඉස් ඛාන් බලමුද අපි               එකට