අහසින් නුරා වැහි ඇද වැටී
මගෙ හිතත් ඒ වැස්සෙන් තෙමී
නුඹ අදත් ඒ දෝ සිත සිතා
මගෙ සිතත් ඉන්නවා මග බලා........
සඳ එළිය, කලුවර රෑ මැකී
මගෙ හිතේ සෙවනැලි දුරු වෙවී
නුඹ අදත් පායාවී සිතා
මග බලන් ඉමි මම නිදිවරා.........
මල් සුවඳ හා හද මුසු වෙවී
මගෙ හදේ ආලය සුවඳ දී
නුඹෙ හිතේ ආදරේ මට කියා
මා තියාගන්න නුඹ ළග සදා......