කිව්වත් වගේ මේක හරිම රස කෑමක් චෙෆ් ... මම මේක හදන්නේ මීට වඩා වෙනස් විදියකට...
පොල් කිරි වෙනුවට මං එකතු කරන්නේ තක්කාලි පේස්ට් එක,, තක්කාලි තම්බලා, ඇට අයින් කරලා පේස්ට් එක අරන් ඒක පොඩ්ඩක් උයනවා ලිපේ තලාගත් ඉඟුරු, සුදු ලූණු, තුනපහ, කහ, ලුණු, වෙළඳ පොලේ ගන්න තියෙන ගරම් මසාලා එහෙම එකතු කරලා... (පනීර් ඉන්දියානු කෑමක් නිසා ගරම් මසාලා වලින් ඒ ඉන්දියානු රස එනවා,, හැබැයි ගරම් මසාලා දාන්න ඕනේ බොහොම පොඩ්ඩයි, පනීර් ග්රෑම් 250කට තේ හැඳි බාගයක් වගේ)
හොද්ද උකු වේගෙන එනකොට බැදගත්තු පනීර් ඒකට එකතු කරලා ලිපේ තියල පොඩ්ඩක් කලවම් කරන්න... තක්කාලි පේස්ට් එක පනීර් කෑලි වල හොඳින් දැවටෙන්න...
හැබැයි ඊට කලින් පනීර් ටික සීසන් කරගන්න ඕනේ...
පනීර් වලට තලාගත් ඉඟුරු, සුදු ලූණු, තුනපහ එක්ක ගරම් මසාලාත් එකතු කරලා මිශ්ර කරලා ටිකක් තියන්න. (අපි කියන්නේ තුනපහ අතගාලා තියනවා කියලා,,, )
මිනිත්තු 10-15ක් වගෙ තියලා පස්සෙ තුනපහ එක්කම පනිර් ටිකක් බැදලා ගන්න,,,