මේකයි..
"තමන්ගෙ රට, ඉතිහාසය, භාෂාව, සංස්කෘතිය ගැන වැටහීමක් නැති නූගත් මිනිස්සු පිටරටවලට ගියාම, ඒ ඒ රටවල් වල දේවල් කෙලින් ම තම තමන්ගෙ ජීවිත වලට ආදේශ කර ගන්නව,, ඕකට මං කියන්නෙ සංස්කෘතික අවජාතකත්වය කියල..
"යම් තැනක රික්තයක් (හිඩැසක්) තියෙනව නම් ඒක කොහොම හරි පිරෙන්න ඕනෑ.. ඒ වගේම තමයි දේශීය චින්තනයක් නැති මේ නූගත් මොල වලට පිරෙන්නෙ අර දහ ජරා සංස්කෘතීන්.." දේශීය චින්තයෙන් සහ දැනුමින් පරිපූර්ණ වෙච්චි එකා ලෝකෙ කොහේ ගියත් හිංගලයෙක්.. අන්න ඒකයි අනන්‍යතාවය.. ඒක අපිට විතරක් නෙමේ, දෙමල මුස්ලිම්, ජපන්, චීන, උස්බෙකිස්ථාන්, බලුකිස්ථන් හැම මනුස්සයටම අදාල වෙන දෙයක්..
අපි කොහේ ගියත් අපි අපිමයි,, අපි එංගලන්තෙ, ඕස්ට්‍රේලියාවෙ, ප්‍රංශෙ, ඇමරිකාවෙ ගියාට අපි සුද්දො වෙන්නෙ නෑ.. අපි මැරෙන්නෙ ලාංකිකයො විදිහට.. අනික ඒ රටවල උං අපිව උංගෙ සමාජෙ කියල සියයට සීයක් පිලිගන්නෙත් නෑ.. පේනවනෙ අර මයිකල් ජැක්සන්...? හම සුදු කරගත්තත්, අන්තිමට මළේ කල්ලෙක් විදිහට,,, ඇමරිකානු සමාජය ඌව සුද්දෙක් විදිහට පිලිගත්තෙ නෑ හම සුදු කර ගත්ත කියල..
ඕව මොනද අප්පා..
මේ ලඟදි මගේ හොඳම යාළුවෙක් එංගලන්තෙ අර "විලියම්-කේට්" මගුල බලන්ඩ ගිහින් පොර කකා, ඒකෙ පොටෝ දාල මූනුපොතේ.. මං ඉතින් එයැයිට කියැව්ව "උඹල මේ නාස්තිකර ගමනක්නෙ ගිහින් තියෙන්නෙ, විලියම් කේට් මගුල කියන්නෙ මේ ලෝකෙ කලකණ්නිම මගුල... රටේ ජනතාවගෙ මුදලින් මගුල් කනව,, ඒ වගේමයි විලියම්-කේට්ගෙ මගුලෙන් අපිට ඇති පලේ මොකදෑ..? අපි සුද්දගෙං නිදහස් වෙලා දැං කොච්චර කල්ද? තාමත් එංගලන්තෙ මුස්පේන්තු පරයින්ගෙ මගුල් අපේ මගුල් කොරගෙන..." කියල..
හප්පේ... බලන්ට එපායැ මට පෙන්නාපු රස්නෙ තරම.. මං හිතුව ඒත් මේ කේට්ගෙ හරි විලියම්ගෙ හරි දුර නෑයෙක් දෝ මන්ද කියාල..
තවපාරක්, මං දන්න අඳුනන තවත් මිතුරියක් ලන්ඩනයෙ කෞතුකාගරෙක තිබ්බ "එලිසබෙත් මහා රාජිණීන් වහ්න්සෙගෙ" ඉටි පිලිමයක් ලඟ හරි උජාරුවට පොටෝ එකක් අරන් මූනු පොතේ දාල.. (ලන්ඩන් කෞතුකාගාරෙ කියන්නෙ අපේ රටෙන් හොරකම් කොරාපු පුරාවස්තු ගොඩක් තියෙන තැනක්..) ඒ වගේ එකක් ලඟ පොටෝ එකක් ගත්ත නං කමක් නෑ.. ඒත් අර පට්ට ගෑනි එක්කල....?
මං ඒත් ඇහුව... "ඔය පට්ට ගෑනි එක්ක පොටෝ ගන්ට මොකට ගියාද ........ ?" කියාල.. ඒ සහෝදරිත් මා එක්ක තරහ වෙලා පලච්චි දැං.. මේ අපි අපි නිසා නෙමේ.. අර කොහෙවත් ඉන්න වැඩකට නැති කාලකණ්නි මැහැල්ලක් නිසා..( අපේ ආච්චි කෙනෙක් නං කය්යක්, ගාථාවක් හරි දන්නව.. මුං එහෙමෙයි?)
අර අනගාරික ධර්මපාල තුමා කියැව්වෙ ඇත්ත..
"කවදාක හරි සුද්දො මේ රට දාල යයි.. ඒත් උං යන්නෙ කළු සුද්දො රැහැක් බෝ කොරල.."
බැනුම් අහන්ට, ගුටි කන්ට, අවලාද අහන්ට හරි, මේ සටහන පුළුවං තරම් යවපල්ලා.. එකෙක් හරි හැදෙයි.. අනිත් උංට සොරි..
- චන්න ඊ. කටුවාවලගේ
මෙවන් විත්ති බෝහෝමයි..
අපි අපේ අත්දැකීම් විදිහට ඉස්සරහට වෙනම හුයක ඒව පල කොරමු.. මං පටං ගන්නම් ඉස්සරහට..