Author Topic: කුළුඳුළේ ආදරය...  (Read 3163 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
කුළුඳුළේ ආදරය...
« on: September 20, 2011, 06:34:36 PM »
Advertisement
මිහිරැති මියුරු සත්සර වැය වුනා  නැගී 
සමණළ් තටු පවන් සැලුවා සෙමින්  සැලී 
දහසක් හීන පිරි රෑ නිදි දුවත්  නැතී
හදවත සිහිළ හොරු අරගෙන ගියා  වැනී 

ගොම්මන් කලට පෑ ඉර රැස් වගේ  ඉතින් 
අමුතුයි හරිම අමුතුයි හිත හැඟුම්  ඉතින් 
රෑ තරු නැගුන මුළු අහසක් පුරා  පිටින් 
නෙත් දුවගියා තරු නෙත් සොයනවා රිසින් 

හමනා මල් සුවඳ මනමාලයි  බෝම 
හිත ළඟ නැවතිලා අමතයි සිතු සේම 
සීතල සුළඟ මල් මකරන්දය   ගේන 
හදවත කිති කැවූ හැටි පවසනු  කෝම


 :043: :043: :043: :043: :021: :021: :043: :043: :043: :043:
Chan.. :dft012:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: කුළුඳුළේ ආදරය...
« Reply #1 on: September 20, 2011, 07:24:58 PM »
නෙත රැඳි නින්ද හොරු අරගෙන ගොස්  ඇතුවා
රෑ නොව දහවලෙත් නුඹ සිහිනෙන්          දුටුවා
බැලු බැලු හැම තැනම නුඹ මට ඉඟි       මැරුවා
මට නොදැනීම කුළුඳුල් පෙම අත          වැනුවා

....මුතූ....


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
Re: කුළුඳුළේ ආදරය...
« Reply #2 on: September 20, 2011, 07:37:23 PM »
හිත චංචලයි බෑ එකතැන්   කරගන්න
දුවනවා එහේ මෙහෙ බෑ නතු  කරගන්න  
බෑ වැඩපලක් කරනට හිත  සරසන්න 
විදියක් කියනු අම්මට මෙය  සඟවන්න


 :dft001: :dft001: :dft001: :dft001:

Chan.. :dft012:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: කුළුඳුළේ ආදරය...
« Reply #3 on: September 20, 2011, 11:45:01 PM »
ඉර හඳ දෙකම දැන්නම් හරි          හැඩකාරයි
හමනා සුලඟ ගත දැවටෙන විට            සීතයි
ගයනා කුරුළු ගී ගැයුවෙත් පෙම       ගැනමයි
දැන්නම් මගේ හිත හොඳටම          මනමාලයි

ගත සිත දෙකට මගෙ නිවනක්          නැතුවාය
ඔබ සිහිනොවෙන එක මොහොතක්   නැතුවාය
ඇස් ඇරගෙනත් ඔබ සිහිනෙන්            දුටුවාය
වෙනසක් දැනිල අම්මා දොස්           නැගුවායා

....මුතූ..


Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
Re: කුළුඳුළේ ආදරය...
« Reply #4 on: September 21, 2011, 01:32:08 PM »
විහඟකු ඇවිත් ගේ ළඟ සුරුවම් බෑවා  
මදනළ ඇවිත් මට පෙම් රහසක් කීවා 
මට නොදැනීම සිහිනෙක මා තනි වූවා 
ගෙට ගොස් වැඩක් කරපන් අම්මා කීවා

 :dft005: :dft005: :dft005: :dft005:

Chan.. :dft012:

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: කුළුඳුළේ ආදරය...
« Reply #5 on: September 21, 2011, 02:40:09 PM »
නුබට කලින්  නුබෙ අම්මා උපන්නා
හඬනා විට ඔබ ඇය එය දැනගන්නා
කාටත් හොරා ඔය පෙම මෝරන්නා
ඔබටත් කලින් එය අම්මා දැන උන්නා
 
  :55: :55:

Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
Re: කුළුඳුළේ ආදරය...
« Reply #6 on: September 26, 2011, 01:48:30 PM »
ගැහෙන මුත් ගත මේ සීතලට
හිරිවැටෙන මුත් හිතම කෝඩෙට
ගුලි නොවී තනිවම උණුසුමට
එන්න හිතෙනවා නුඹේ තුරුලට

නුඹට තුරුළුව අනන්තයටම
ඇවිද යන්නට හිතෙනවා මට
එහෙත් අම්මා පොඩි කාලෙ සිට
දුන්නු ඔවදන් සිහිවෙනවා මට

වැස්ස නුඹ වැහැපන් ඉතින්...
මං එන්නෙ නෑ තෙමෙන්නට...


 :dft011: :dft011: :dft011: :dft011: :dft011:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: කුළුඳුළේ ආදරය...
« Reply #7 on: September 26, 2011, 02:29:41 PM »
අම්මා දුන්නු ඔවදන් අරගෙන                      සිතට
හැදෙනා එක පුතෙක් දුටුවත් වටී                    මට
තිබෙනා මුත් බොහෝ හැඟුමන් වද දෙන        හිතට
නොයෙනා එක හොඳයි අම්මගෙ ලොවෙන්       පිට

.....මුතූ..... :54: :54: :54: :54: :045: :045: :045: :045:



muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
Re: කුළුඳුළේ ආදරය...
« Reply #8 on: October 07, 2011, 02:43:02 PM »
අපමණ හැඟුම් නැගුනත් පෙම්බර       හිතට  
මම නෑ යන්නෙ මගෙ අම්මගෙ ලොවෙන් පිට  
ආදර සොයුරි මුතු ස්තුති නුඹ            කවට  
මම සුදු දුවයි පුතු නොව අම්මට         සිටින

 :003: :003: :003: :021: :021: :021: :dft009: :dft009: :dft009:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: කුළුඳුළේ ආදරය...
« Reply #9 on: October 07, 2011, 05:26:47 PM »
අපමණ හැඟුම් නැගුනත් පෙම්බර       හිතට 
මම නෑ යන්නෙ මගෙ අම්මගෙ ලොවෙන් පිට 
ආදර සොයුරි මුතු ස්තුති නුඹ            කවට 
මම සුදු දුවයි පුතු නොව අම්මට         සිටින

 :003: :003: :003: :021: :021: :021: :dft009: :dft009: :dft009:
අපමන හැඟුම් නැගුනත් පෙම්බර            හිතට
මම නෑ යන්නෙ මගෙ අම්මගෙ ලොවෙන්  පිට
ආදර සොයුරි මුත් ස්තුති නුඹ                 කවට
මම සුදු දුවයි පුතු නොව සිටිනා            අම්මට
ඔයාගෙ කවිය මේ වගෙ පොඩි වෙනසක් කලානම් එලිසමය රැක ගන්න තිබුනා.එලිසමය සමග ලියන කවි වල අවසානය දක්වා එලිසමය රැක ගත්තම ලස්සනයි නේද.මමත් ප්‍රවීණ නෙවි ඉගෙන ගන්න කොට දැනුන දෙයක් මට හිතුනා ඔයාටත් කියන්න එ ගැන.....

....මුතූ.... 

muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
Re: කුළුඳුළේ ආදරය...
« Reply #10 on: October 07, 2011, 05:55:56 PM »
ගොඩාක් ස්තූතියි මුතු, හිතවත් උපදෙසට.... :003: