සරා සඳට පෙම් කරන්න මම හැමදා පැතුවා
අහස් වලා තලේ රැදී පුන්සඳ මම දුටුවා
අමාවකට අදුරු වෙලා පුන්සඳ එලි මැකුනා
හීන මැවූ අසරන හිත තනිකමකින් වෙලුනා
ජීවිතේම පෙම යදින්න හිතේ ඉමක් ඇතුවා
සරා සඳේ සොදුරු බවම හිත හැමදා පැතුවා
වලා වලින් මිදී දිනක මා ලග තනි කෙරුවා
අහිමි වුනත් ඈතින් හිඳ පෙම් කරන්න සිතුවා
වලා යහන වටකරගෙන පිපිලා හැඩකෙරුවා
සුමුදු සුවය හෙමින් සැරේ හදවෙත දිගු කෙරුවා
දෙනෙත් පියා තුරුල් කරන් සුමුදු සුවය වින්දා
ජීවිතේම මගේ වෙලා මගෙ හිත සැනසෙවුනා