Author Topic: මේ කඳුළැලි මගෙ විතරක්මද?  (Read 3090 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
මේ කඳුළැලි මගෙ විතරක්මද?
« on: September 21, 2011, 07:11:40 PM »
Advertisement
මුතු කඳුළු බිංදු ඇමිණූවත් නෙත් අද්දර හිඳ
මං පැළඳුවාද මොහොතක් වත් එය නුඹ ගෙල වට
නුඹ ඇවිත් ගියත් හදිස්සියෙන් සිත් මල් යායට
මං බලන් හිටියා තව සැරයක් ඒයයි අද හෙට

දුක වුනත් කිමද දී යන්නට නුඹ එනවානම්
ඉහිරුණත් මොකද කැඩී බිඳී ඒ මගෙ හිත නම්
මද පවන වගේ යළි මගෙ ලෝකෙට කර එබිකම්
නුඹ ඇවිත් යන්න යළි නාවත් දුක විඳ ගන්නම්

නෑ නින්ද විරසකයි මා එක්කල නිදි දෙව්දුව
මහමෙරක් බරයි ගැස්සෙන හිත් මඩලට සෙනෙහස
මා හඞා වැළපුනත් කවුරුත් නැති තනි යාමෙක
මට කියාදෙන්න මේ කඳුළැලි මගෙ විතරක්මද