"අවිගත්තෝ අවියෙන් නැසෙති"මේ අපි කවුරුත් හොඳට අසා පුරුදු බුදු වදනකි.මෙය සැබෑවක් කිරීමට තවත් එක නිදසුනක් එක් කරමින් පසුගිය 19 වන දින ලිබියා ජනාධිපති කර්නල් ගඩාෆි ද මරුමුවට පත් කලේය.සදාම් හුසේන්,ප්‍රභාකරන්,බින්ලාඩන් මෙන්ම ගඩාෆිද මිය ගියේ ජනතාව බුරුතු පිටින් ඝාතනය කිරීමෙන් පසුවය.ත්‍රස්ත ක්‍රියාවන් මෙන්ම ජනතා හිතවාදී ක්‍රියාවන් සිදුකලවුන් මේ අතර විය.අරමුණ කුමක් වුවද සිදු වූයේ මිනිස් ඝාතන නම් විපාකය මෙයම වන්නේය.කනකැස්බෑවා විය සිදුරින් අහස බලනවා තරම් දුර්ලභ කාර්යක් ලෙස මනුෂ්‍යත්වය ලැබීම බුදුන් වහන්සේ දේශනා කොට ඇත.මෙසේ දුෂ්කරව ලබාගන්නා මනුෂ්‍ය ආත්මය මිනිසුන් විසින්ම විනාශ කරන්නේ මොනතරම් පහත් විදියටද .කිසිම අරුතක් නැති සුළුතරහ මරහා බෙරා ගැනීමටදමනුෂ්‍ය ඝාතන කිරීමට අද මිනිසුන් පෙළෙඹෙති.මනුෂ්‍යයින්ට මනුෂ්‍යත්වයේ අගය දැනෙන දින කවදා උදාවේදෝ....බුදුහාමුදුරුවනේ.......