Author Topic: Sri Lankawe "kulubadu"-By Chef  (Read 11556 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Sri Lankawe "kulubadu"-By Chef
« on: November 10, 2011, 01:51:19 PM »
Advertisement
කාලෙකින් එන්නත් බැරි වුනා.ඉතින් අද මට හිතුනා " කුළු බඩු" ගැන යමක් කියන්න.
මේ කුළු බඩු අපේ ඉවුම් පිහුම් වලට නැතුවම බැරි අංගයක්.ආසියාතික රට වල මෙම කුළු බඩු වර්ග බහුලවම යොදා ගන්නවා.කුළු බඩු වර්ග නම් දුරු වර්ග,මිරිස් වර්ග,කහ,අබ,එනසාල් (කරදමුංගු ),කුරුඳු, සදික්කා වසාවසී ආදී වර්ගයි.මෙවයෙන් අහාර රසවත් කර ගන්නව වගේම මෙවායේ ඇති එන්සයිම වර්ග විවිද ආහාර වර්ග වල ඇති විටමින් වර්ග හා එන්සයිම එක්ව ක්රියා කාරී වී අහාර ජීර්න පද්දතියේ මනා ක්රියාකාරිත්වයක් ද ඇති කරනවා.එ නිසාම මෙම කුළු බඩු නැතිවම බැරි දෙයක් ලෙසට පත් වී ඇත.
අප රටේ පිලියෙල කරන ව්යාංජන වල ප්රදානම අංගය වන්නේ මෙම කුළු බඩු වලින් තනන කුඩු වර්ග සහ තලප වර්ගයි. අපේ රටේ ව්යාංජන වලට යොදන "තුන පහ" යනු මෙම කුළු බඩු වලින් සැදුනකි.නොයෙකුත් රටවල ඒ ඒ රට වලට ආවේණික වූ නම් වර්ග වලින් මෙම කුළු බඩු වර්ග හඳුන්වයි.
කොයි කවුරුත් "තුන පහ" කීවට එහි අඩංගු ද්රව්ය නම් දන්නෙ නැතිව ඇති.ඉතින් අපි බලමු මෙම තුන පහ හැදිලා තියෙන්නෙ මොනවයින්ද කියල. 
සූදූරූ,මාදුරු,කොත්තමල්ලි එක් වර්ගයක් ලෙසත් (මෙය තුන යනුවෙන් හැඳින් වෙයි )
එයටම කහ, මිරිස්, ගම්මිරිස් සහ අබ යන කුළු බඩු සතරත් එක් වෙයි( මෙම කුළු බඩු වර්ග 4ත් ඉහත දුරු මිශ්රනයත් එකතු වූ විට "පහ" යන්නෙන් හැන්දින්වෙයි )
ඉතින් මේ ආකාරයට තමයි මෙම "තුන පහ" විග්රහ වෙන්නේ. අතීතයේ සිටි කාන්තාවෝ මෙම තුන පහ වර්ග වෙනම අඹරාගෙන ව්යාංජන වලට යෙදූවා.නමුත් වර්තමානයේ මිනිසුන්ගෙ කාර්ය බහුලත්වය නිසා මෙම කුලු බඩු "කුඩු" වශයෙන් වෙලඳ පොලට ඇවිත් තියෙනවා.නමුත් මෙම වෙලඳ පොලෙහි ඇති "තුන පහ" වර්ග නම් ඉහත අකාරයන සැදුනු එවා නම් නොවෙයි. මෙවායේ ඉහත් දැක්වූ කුළු බඩු වර්ග වලට අමතරව වෙනත් කුළු බඩු වර්ග ද යොදා ඇත.ඒවා නම් රම්පෙ, කරපිංචා කරදමුංගු කරාබුනැටි,කුරුඳු ආදියයී. ඉතින් මෙම වෙලඳ පොලේ ඇති "තුන පහ" වර්ග යෙදීමෙන් ඇතැම් ආහාර වල රසයද වෙනස් වෙනවා.
මෙම "තුන" නිවැරදිව සාදා ගන්නේ මෙහෙමයි.

කොත්තමල්ලි ග්රැම් 500
සූදුරු ග්රැම් 250
මාදුරු ග්රැම් 50

ඉහත ද්රව්ය හොඳින් සෝදා ගරා (ඇතම් විට වැලි ගල් අදිය ඇති බැවින්)මද පවනේ වෙලා ගෙන කොටා ගෙන හොඳින් වැසෙන භාජනයකට දමා අසුරා ගන්න.

ඇතැම් අය මෙවා කබලේ බැද කොටා ගනියි. එසේ කිරීමෙන් මේවායේ ඇති ගුණය විනාශ වෙයි.මෙම තුන පහ වර්ග සෑදීමේදි සුලු වශයෙන් තනා ගැනීමට වග බලා ගන්න.එලෙසම ඉතා කෙටි කලක් ඇතුලත මෙවා පවිච්චි කිරීමටද වග බලා ගන්න. මෙවායේ ගුණය රසය ඉක්මනින්ම නැතිවී යන බැවින්. 

මත්ස්ය මාංශ අදිය පිලියෙල කිරීමෙදී "බැදපු තුන පහ" "මස් කරි පවුඩර්" ආදිය නම් වලින් සැදුන කුලු බඩු වර්ගයක් දමයි.මෙම කුළු බඩු යොදන්නේ අහාරය පිස ලිප නිවූ පසුය.මන්දයත් මෙය මුලින් කබලේ බැද ඇති බැවිනි.       
 
මෙම "බැදපු තුන පහ" "මස් කරි පවුඩර්" සකස් කරන අකාරය

කොත්තමල්ලි ග්රෑම් 50
සූදුරු ග්රෑම් 25
මාදුරු ග්රෑම් 5
කරදමුන්ගු( එනසාල්) කරල් 5ක්
කරබුනැටි කරල් 5
කුරුඳු පොත්තක්
කරපින්ච ඉත්තක් පමණ
සහල් තේ හැඳි 2ක් පමණ

භාජනයක් ලිප තබා මදගින්දරේ තබා සහල් දමා තරම්ක් දුබුරු පැහැවන තුරු බැද අනිකුත් දුරුවර්ග ද දමා තරමක් දුඹුරු පැහැවන තුරු බැදගන්න.අනවශ්ය ලෙස බදින්න එපා. රස්නය තිබියදිම මෙම මිශ්රනය ඇඹරුම් යන්ත්රයකින් හෝ වංගෙඩියකින් සිහින්වෙන්නට කොටා ගන්න.පසුව මෙය සුලන් නොවදින සේ අසුරා ගන්න.මතක තබා ගන්න මෙවා සෑදීමේදී සුලු වශයෙන් සාදාගන්න.මෙය මස් මාලූ අදිය මිරිසට පිලියෙල කිරීමේ දී යොදා ගත හැක.

ශ්රි ලංකාවේ නොයෙකුත් වර්ගයේ කුළු බඩු වර්ග ඇත.එවා යොදා ගන්නෙ කෙසේද යන්න ඉදිරියේදී ඉඩ ලද විටක මෙහි පල කරන්නම්.   
 


     

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: Sri Lankawe "kulubadu"-By Chef
« Reply #1 on: November 15, 2011, 01:21:51 PM »
ඉන්දියාව ද අපේ රටේ මෙන් කුළු බඩු යොදා අහාර වර්ග පිලියෙළ කරන රටකි. ඔවුන් යොදන කුළු බඩු වලට පොදුවේ කියන්නෙ "මසාලා" නමිනි.ඉතින් ශ්‍රී ලංකාවෙත් මේ මසලා වර්ග නොහොත් ඉන්දියාවේ කුළු බඩු වර්ග ප්‍රසිද්ධ වෙලා.එසේ ප්‍රසිද්ධ මසාලා වර්ගයක් තමයි " ගරම් මසාලා". මෙය සුවඳ දෙන රසකාරකයක් විදිහටයි අහාරල වලට එක් කරන්නේ.
අද ඉදිරිපත්කරන "ගරම් මසාලා" වට්ටෝරුව පොතකින් උපුටා ගත්තකි.බොහෝ තැන්වල මෙම "ගරම් මසාලා" සාදන ආකාරය නොයෙකුත් ආකාරයට දක්වා තියෙනවා. 

අවශ්‍ය ද්‍රව්‍ය

කරදමුංගු ග්‍රෑම් 10
කුරුඳු ග්‍රෑම් 10
කරාබුනැටි ග්‍රෑම් 10
කලු කරදමුංගු ග්‍රෑම් 10 (මෙය ඉන්දියාවේ ඇති කුළු බඩු වර්ගයකි.සපයා ගත නොහැකිනම් මෙය මෙම මසලා වලට නොදැම්මාට ප්‍රශ්නයක් නැත.)
සූදුරු ග්‍රෑම් 50
සාදික්කා මද 1/2ක් පමණ
කලු දුරු ග්‍රෑම් 5
වසාවාසී පොතු 5ක් පමණ

ඉහත ද්‍රව්‍ය ගෙන පවනේ වේලා යාන්තමට කබලෙහි රත් කර ඇඹරුම් යන්ත්‍රයක් ආධාරයෙන් සිහින්වෙන්න අඹරා ගෙන සුලන් නොවදින සේ අසුරාගන්න.   
 
මෙසේ සකස් කරගත් ගරම් මසාලා මත්ස්‍ය මාංශ පිලියෙල කරන විට යොදා ගත හැක.මෙය මෙම අහාර පිසූ පසු ලිප ද නිවූ පසූ තේ හැඳි 1/4ක් පමන ගෙන ව්‍යාංජයට උඩින් ඉස ගන්න.මෙයින් ප්‍රණීත රසයක් මෙන්ම ප්‍රණීත සුවඳක් ද ගෙන දෙයි.