සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge > කෙටිකතා | short stories from the web

මවකගේ සහ පුතෙකුගේ කතාව

(1/1)

@[email protected]:
"මට මගේ දරුවා බලන්න පුලුවන් ද?"
අලුතෙන් මව් පදවිය ලැබූ තරුණ අම්මා ආසාවෙන් ඇහුවා. හෙදියක් පැමින රෙදි වලින් ඔතා තිබූ දරුවා ඇය අතට දුන් අතර තරුණ මව ඉතා ආශාවෙන් රෙදි කඩ අයින් කලේ අලුත ඉපදුන තමන්ගේ කුලුදුල් දරුවාගේ මුහුණ බැලීමටයි.
නමුත් දරුවාගේ මුහුණ දුටු ඇයට වේදනාවෙන් කෑ ගැසුනා...අසල සිටි වෛද්‍යවරයා කිසිත් නොකී අතර ඔහු අසල වූ ජනේලයෙන් හිස් අහස දෙස බලාගෙන සිටියා.දරුවාට උපතින්ම භාහිර කන් දෙකක් පිහිටා තිබුනේ නෑ!!!

කාළය ගත වීමේදී දරුවාගේ කන් ඇසීමේ දුර්වලතාවයක් නොමැති බව ප්‍රත්‍යක්‍ෂ වූ නමුත් කන් දෙක පිහිටා නොමැති නිසා දරුවාගේ මද විරූපී ගතියක් පෙනුනා. බොහෝ දින වල පාසල් අවසන් වී නිවසට ආ පසු මවගේ තුරුලට යන දරුවා ඔහුට පාසලේ අනෙක් දරුවන් ගෙන් විදින්නට සිදු වන නොයෙකුත් අඩන්තේට්ටම් මවට පවසමින් හැඩුවා.

කාලය ගත වුනා. දරුවා නව යොවුන් තරුණයෙක් වුනා.ඉතා ප්‍රියමනාප දරුවෙකු වූ ඔහු පාසලේදී අනෙක් ළමුන් අතර ජනප්‍රිය චරිතයක් වුනා. මොහු සාහිත්‍යකරණයට විශේෂ දක්‍ෂකම් පෑ අතර මව තව තවත් ඔහුව ඒ සදහා දිරිමත් කලා. භාහිර කන් පිහිටා නොමැති ඔහුගේ අනාගතය ගැන බිය වූ මව සහ පියා දිනක් ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයා මුන ගැසීමට ගිය අතර දරුවා වෙනුවෙන් කල හැකි කිසිවක්ම නැත්දැයි ඔහුගෙන් විමසා සිටියා.

"දරුවට තමන්ගේ කන් දෙක පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් හොයා ගන්න පුලුවන් උනොත් ඒ කන් දෙක දරුවට බද්ධ කිරීමට හැකි බව මම විශ්වාස කරනවා මහත්මයා" වෛද්‍යවරයා පිලිතුරු දුන්නා.

එතැන් පටන් දරුවාගේ දෙමව්පියන් දරුවාට තමන්ගේ කන් දෙක පරිත්‍යාග කිරීමට කැමති කෙනෙක් සෙවීමට ගොඩක් මහන්සි ගත්තා. නමුත් කවුද කැමති තමන්ගේ කන් දෙක තරුණ දරුවෙක්ට පරිත්‍යාග කරන්න. මේ විදියට වසර දෙකක්ම ගෙවිලා ගියා. හදිසියේම දිනක් දරුවාට කතා කල පියා
"පුතා ඔයා අද රෝහලට යනවා,අම්මටයි මටයි පුලුවන් වුනා පුතාට තමන්ගේ කන් දෙක පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් හොයා ගන්න,හැබැයි ඒ පුද්ගලයා කැමති නෑ එයා කවුද කියලා පුතා දැන ගන්නවට,ඒ නිසා ඒක රහසක්"

ශල්‍යකර්මය සාර්ථකව නිම වුනා...අලුත් හැඩකාර තරුණයෙක් රෝහලෙන් පිට වී නිවසට පැමිනියා.කලින් දක්‍ෂ සිසුවෙක් වූ ඔහු ශල්‍යකර්මයෙන් පසු අති දක්‍ෂයෙක් බවට පත් වුනා. මුහුන දුන් විහාග සියල්ලෙන්ම අති විශිෂ්ඨ ලෙස සමත් වූ ඔහුට රජයේ ඉහල රැකියාවක් ලැබුනා. පියකරු තරුණියක් හා විවාහ වූ ඔහු තම මව්පියන් සහ බිරිද සමග ඉතා සාර්ථක ජීවිතයක් ගත කලා.

"තාත්තේ මට කන් දෙක පරිත්‍යාග කරපු කෙනාව මම දැන් ගන්නම ඕනි...එයා මට කරපු පරිත්‍යාගය වෙනුවෙන් මම එයාට කලගුන සලකන්න ඕනි" ඔහු නිතරම ඔහුගේ පියාට කරදර කලා. නමුත් පියා කෙදිනකවත් ඔහුට ඒ පුද්ගලයා ගැන කිව්වේ නෑ,ඔහුගේ නම හෙලි නොකරන බවට ඔහුට වූ පොරොන් දුව මතක් කරමින් පියා මග හැරියා.

කාලය ගෙවී ගියා...පුතෙකුට තම ජීවිතයේ මුහුන දීමට සිදුවන අදුරුම දිනයක් පැමිනියා...මවගේ නිසල සිරුර අසල ඔහු පියා සමග තනි වුනා.
අත පහලට ගෙන ගිය පියා සෙමින් මවගේ ඝනව වැවී තිබුන කෙස් කලඹ පැත්තකට කලා,මවගේ භාහිර කන් පෙති නැති බව පුතා දුටුවේ එවිටයි.

"පුතාට බද්ධ කරන්න තමන් ගේ කන් දෙක පරිත්‍යාග කරන්න කවුරුත් කැමති වෙයි කියලා අම්මා හිතුවේ නෑ,අම්මා කන් දෙක ඒ මොහොතෙම දෙන්න කැමති උනත් ඒ බව පුතා දැන ගන්නවට අකමැති නිසා කන් නැති බව නොපෙනෙන්න අම්මා කොණ්ඩේ වවන්න පටන් ගත්තා,ඒකට අවුරුදු දෙකක්ම ගිය නිසයි පුතාගේ ඔපරේෂන් එක අවුරුදු දෙකක් ප්‍රමාද වුනේ" පියා හඩමින් පැවසුවා.

මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.
ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...

araliyamala:
හරිම වටිනා ඔවදනක් xyz..... බොහොම ස්තූති ඔයාට අපි සමග මෙවැනි වටිනා දේ බෙදා ගන්නවට.....දිගටම ලියන්න......සුබ පැතුම්... 

muthu

NIMALI:
demaupiyange adaree tharam vatina adarayak daruvekta vena kohenvath labenne naaa____

Navigation

[0] Message Index

Go to full version