ආදර මාවත - lovers' lane > ආදරෙන් මං... | i am in love

නිවී සැනසෙමි නුබගෙ මත්තේ...

(1/2) > >>

@[email protected]:
රදාගෙන පෙම හිතක් පතුලේ.....
සිහින මැවුවා ලොවට රහසේ......
පිපුනු ඔය මල ඈත අහසේ.....
හිනැහුනා මට තාම සිහිවේ...

දුරින් සුපිපී සුවද විහිදේ...
සුවද විදිනට බිගුන් කැරකේ...
අහිංසක පෙම හදේ රැවුදේ..
කියා ගන්නට බැරිව ලතැවේ...

නුරාගික පෙම හදේ පිබිදේ..
ජීවිතේටම නුඹව සිහිවේ...
පුදා පෙම මම ලොවට රහසේ...
නිවී සැනසෙමි නුබගෙ මත්තේ...

Nandana:
නුරාගික පෙම ලොවට රහසේ
කරන එකනම් හොදයි මිතුරේ
හදේ ඇති දේ ඇයට සිතුසේ
පැවසුවොත් හොද නේද මිහිරේ...? :032:

යදින්නට පෙර ඇගේ සෙනෙහේ...
විමසපන් මේ කරුන රහසේ...
නිවී සැනසුනු නමුදු මත්තේ....
අයිතිකරුවෙක් සිටිද ඇයගේ....?   :49:

@[email protected]:
පරසතු මලක් වී තිබුනා රහසේම
හද පෙම් කරයි තාමත් අර පෙරසේම
යදිනු නොහැක විලංගු ලා ඇත බෝම
සිහින කලුවරයි හැමදා වේවිද එහෙම

එක්ටැම් ගෙයක සිර කෙරුවත් චිත්‍රාව
පෙම් පලදාව දැරුවා ඇය රහසේම
මා හිත මඩලෙ හැමදා රජවන අරුම
නුරාගික පෙමට නැතිවද පෙම උරුම

හිත ඇති කලට පත කවදත් කුඩා නැතී
ඉවසන දනා රුපු යුදයට ජයත් ගනී
මේ හැම වදන් කිව්වේ නම් නිකන් නොවී
පෙම් සුව විදිමි මගෙ කරගෙන කවද හරී

Nandana:
වැරදියි මිතුර වැරදියි නුඹෙ සිතුවිල්ල...
හිතුවට නොකියා ඉන්නට නැහැ හිත මෙල්ල...
ඇදහස නුඹේ තහනම් ගහේ ගෙඩි කන්න...
කෙළවර වෙන්නේ හිමි වී මහ දුක් ගින්න.... :037:

මට සිතෙනා පරිදි පෙම් කළ ළද නුඹගේ...
වෙන දීගෙක ගොස් ඇති වී වගෙ ශෝකේ...
අන්සතු ළදක් හට නොකරන් නුඹෙ ප්‍රේමේ....
වැරදියි නම් සමාවන්න  මා සිතු දේ.... :dft001:

නුරා පහස කොයි ළදගෙත් එක වාගේ...
වෙනස් වෙන්නේ ඇය ගෙන දෙන සහයෝගේ...
පෙම කියන්නේ එය පමණක් නොවෙ රාළේ...
විමසාපන් හද මඩලෙන් එය සොයුරේ....    :49:

නුරා පෙමෙන් එම පහසම ඕනම නම්...
මුදල් ගෙවන ළදකට නුඹ පෙම් කරපන්..
එය බැරි නම් තරහ නොවී මෙය අසපන්..
මම එන්නම් පව් නෑ නුඹ මට ඇ**න්.... :dft012:

තනිකරම විහිලුවක් විතරයි.. :005: තරහා ගන්න එපා මචෝ....  :014:ඔහොම ඒව ලියන එක අවුල් නම් කියන්න... :001:. කවියෙන් වහෙන් ඔරො කියන දේවල් මේකෙ ලිව්වට කමක් නෑ නේද..?  :dft008:මේ ටිකනම් බොක්කෙන් කියන්නේ... අපිව අට ඇරලා වෙන කෙනෙක් ගාවට ගිය කෙනෙක්ගේ පහස ලබනවට වඩා ඔය මන් කියල තියෙන දේ කරන එකත් හොදයි බන්... :032:

Nandana:
සමහර දේ දුටුවා FUN කතා වල...
දුටු හින්දා ලිව්වා දේ අසoවර...
සමා වෙන්න සැම දෙන මට කමා කර....
මුතු අක්කියේ තුති කෙරුවට නෙත් විවර... :009:

එක්ස් වයි ඉසෙඩ් කිව්වට නම නැහැ දන්නේ....
හිත රිදෙන්න නෙවෙ මම මේ කවි බැන්දේ....
ආල වැඩුව ළද නුඹගේ පෙර බාලේ...
වෙන්ව ගියා නම් හැරපන් ඒ ආලේ.... :54:

අන් සතු ළදක් වෙත බැල්මන් හෙළනු එපා..
ඉහිරුණු කිරට හඩලා වැළපෙන්න එපා..
නැහැදුණු විලස සිතුවිලි නුඹ සිතනු එපා..
බිදෙන බදුන් බිදුනට දුක් වෙන්න එපා... :048:

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය...
කීවට මොකද නරකට එය නැහැ උරුම...
අණුවන දනා මෙන් නොසිතා ඒ කරුන...
කඩනු එපා අනුනගෙ පෙම් සුව සිහින... :031:

Navigation

[0] Message Index

[#] Next page

Go to full version