Author Topic: මගේ දෙනෙත් වෙලා හැකිද මට ලෝකය කියන්න...  (Read 2609 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Advertisement
මා නොදකින මේ ලෝකය නුඹට හැකියි දකින්න...
ආසයි මම අහන් ඉන්න නුඹට හැකිද කියන්න...
තුරුගොමුවල තණ බිස්සේ සුන්දරබව විදින්න..
සුන්දර කවියක් විලසට හැකිද නුබට කියන්න...

පියා සලන සියොතුන්ගේ නාදේ හැකිය අහන්න...
ගලා හැලෙන සිත ගගුලෙ සුවය හැකියි විදින්න...
පුලුන් වගේ හා පැටියෙකු හැකිය තුරුල් කරන්න..
දෙනෙත් අහිමි මා කෙලෙසද දකින්නෙ මට කියන්න...

කවියක සිරකර පාකර නුඹට හැකිද කියන්න..
දෙනෙත් නැතත් මට පුලුවන් හිතෙන් රුසිරු විදින්න..
අසරණ මගෙ ලොවම හැකිද නුඹට එලිය කරන්නා...
මගේ දෙනෙත් වෙලා හැකිද මට ලෝකය කියන්න...


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
නුඹ නොදකින මේ ලෝකය මට පුළුවන්               දකින්න
නුඹේ සිත තුල රූ මවමින් මට පුළුවන් කියා           දෙන්න
තුරු ගොමුවල තන බිස්සේ සුන්දර ඔබ හට       දැනෙන්න
නුඹ ලඟ හිඳ කවියක් කර මට හැකිවෙයි කියා       දෙන්න

පියාසලන සියොතුන් රූ දුටු ලෙස නුඹ හට         දැනෙන්න
ගලා හැලෙන සීත ගඟුලෙ විසිතුරු බව නිති            දකින්න
පුළුන් වගේ හා පැටියෙකු නිරතුරු නෙතු මත       රැඳෙන්න
මගේ දෙනෙතින් හැකිය නුඹට මේ ලොව හැම සිරි බලන්න

කවියක් කර මුළු ලෝකය නුඹෙ අභියස ගෙන       තබන්න
දෙනෙත් නැතත් ඒ බව මතු නුඹ හට සිහි        නොවෙන්න
අසරණකම නුඹෙ දිවියෙන් සදාකල්ම             දුරුකරන්න
මගේ දෙනෙත් නුඹ ලඟ ඇත ජීවිතේම එළි           කරන්න


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
කීරි ගැහෙන හීතල අද මගේ ගතට දැනෙනවා
වියලුනු බිම තෙත් කරන්න පොද වැස්සක් වහිනවා
මහපොලවේ නැවුම් පුසුඹ හොරෙන්ම අත වනනවා
සුන්දර බව මගේ හදේ නෙතට හොරා මැවෙනවා

දෙනෙත් වලට අහිමි ලොවක් මගේ ඉදිරියෙ තියෙනවා
මගේ දෙනෙත් වෙලා ඔයා ලෝකය මට මවනවා
සුමුදු නුබේ කම්මුල් පෙති හීන් සැරේ තෙමෙනවා
නෙතට මගේ නොපෙනුනාට දැනෙනව නුඹ අඩනවා

හද සනහන ප්‍රේමය් මට නුඹේ ලොවේ පෙනෙනවා
සැමදා නුඹ මගේ කරන් සත්තයි මම විදිනවා
දෙනෙත් අහිමි මගෙ ලෝකයේ දෙනෙත වෙලා ඉන්නවා
අහිමි දෙනෙත් වල ලියවී හැමදා නුඹ ඉන්නවා


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
නොපෙනෙන දේ දැනෙන ලෙසට ලඟ හිඳ මම    කියනවා
පුංචි එකෙක් වගේ අහන් රස කර කර                 විඳිනවා
මගේ මුහුණ අතගා නුඹ මගේ රුසිරු               හොයනවා
නුඹ වෙනුවෙන් උපන් කඳුළු මගෙ කම්මුල්        තෙමනවා

ලෝකය ගැන දැන ගන්නට නුඹ වැඩියෙන්         හොයනවා
කරදරයක් නොවේ නුඹව මම වැඩියෙන්               කියනවා
දෙනෙත් නැතත් ආදරයෙන් නුඹ හැම දේ              විඳිනවා
දෑසම ඇති අයට වඩා අඳ නුඹ මට                      වටිනවා

නුඹෙ හදවත සැමදා මම ආදරයෙන්                සනසන්නම්
සැමදා මම නුඹේ වෙලා නුඹෙ තුරුලේ         සැනසෙන්නම්
දෙනෙත් නැතත් අඩු නොවෙන්න ආදරයෙන් රැක    ගන්නම්
දෙනෙත් නොමැති අඩුපාඩුවනොදැනෙන්නට ලඟ    ඉන්නම්

 


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
හීන් සරින් මියුරු නදින් නුඹ ලෝකය කියනවා
සවන් යොමා සිහින අහසේ මම සිතුවම් කරනවා
සුන්දර සුර ලොවක් මගේ ආත්මයට දැනෙනවා
දෙනෙත් අහිමි මෙමා ඉතින් දැන් ලෝකය දකිනවා

සියුමැලි බව නුඹේ ගතේ මගේ අතට දැනෙනවා
නුඹේ මුවින් ගලන සුසුම් මගේ කොපුල සිඹිනවා
ගැස්සෙන නුඹෙ ලැමැද මෙමට නුබෙ ආලය කියනවා
නුබේ සොදුරු රුව දකින්න හදවත දුක් විදිනවා

කලුවර වූ මගෙ ලෝකය සඳ එලියෙන් සරසනා
ප්‍රේම කිරුල අසරන මට මේ අයුරින් ලැබදෙනා
අහිමි සෙනෙහෙ පුදා මෙමට ලෝකය කියවාදෙනා
සොදුර නුඹව පතනෙමේ සසරෙම මම හැම දිනා


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
හීන් සරින් ලඟින් ඉඳන් මම ලෝකය කියවන        කල
සිනා සලන් හදේ මවන් නුඹ ලෝකය විඳිනා         කල
නුඹේ ආත්මයම වෙල නුඹේ ලඟින් හිඳිනා            කල
දෙනෙත් නොමැති නුඹ කරනව හදවත මගේ       සසල

මඟේ ගතේ සියුමැලි බව නුඹ අතගා           සොයනවා
මගේ මුවට මුව ලංකොට නුඹ පෙම රස          විඳිනවා
මගේ ලමැදෙ මුහුණ හොවා නුඹ ආදරෙ          විඳිනවා
නුඹේ දෑසින් ගලන කඳුළු මගේ පපුව           තෙමනවා

කළුවර වූ නුඹේ ලෝකය සැමදින එළි           කරනවා
දෑස අහිමි නුඹ පෙම් ලොව කිරුළක් අද          දරනවා
සෙනෙහෙ අහිමි සිතූ නුඹට අද ආදරෙ         ලැබෙනවා
සසර වසන තුරුම මැණික ඔයාම මම            පතනවා


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)