_+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++හුඟක් අය හිතනවා තමුන්ගේ අතීතයේ හැමදෙයක් ම පෙම්වතියට හෝ පෙම්වතාට කියන්න ඕනේ කියලා. ඉස්කෝලේ ගිය කාලේ වුණ දේවල්, ගෙදර තොරතුරු, නෑදෑයෝ - හිත මිතුරෝ ගැන විස්තර විතරක් නෙවෙයි. කලිං Boyfriend , Girlfriend ගැන වුණත් හැම දේම තමුන්ගේ partner ට කියන්න බොහෝ දෙනා පෙළඹෙන්නේ වැඩිපුර අවංක වෙන්න හිතාගෙනයි. ඇත්තටම ඒක හරිම හොඳ දෙයක්. පෙම්වතුන් අතර විශ්වාසය ගොඩනගා ගැනීමේදී අවංකකම කියන්නේ හරිම වැදගත් සාධකයක්. අනික , ජීවිත කාලයක් එකට ජීවත් වෙන්න සූදානම් වෙන දෙන්නෙක් අතර රහස් , හංගපු දේවල් තියාගන්න විදිහක් නෑනේ.
ඒත් පුංචි ප්‍රශ්නයක්...!
අපේ අතීතයේ සිදු වුණ හැම දේම partner ට කියන්නම ඕනෙද ? දෙදෙනකු අතර ආදර සම්බන්ධයක් ගොඩනැගෙන මුල්ම කාලසීමාව හරිම පරිස්සමෙන් කටයුතු කළ යුතු කාලයක්. පුංචි වැරදි සිදුවීමකින් පවා අනෙකාව එපා වෙන්න පුළුවන්. ඒ නිසා පරණ දේවල් ( විශේෂයෙන් ම ඔයාගේ පරණ පෙම්වතිය /පෙම්වතා) ගැන කියනකොට හරිම පරිස්සමෙන් තමයි ඒ දේවල් කියන්න ඕනේ. මම නම් යෝජනා කරන්නේ සමහර දේවල් නොකියාම ඉන්නවා නම් හුඟක් හොඳයි කියලා. අලුත් පෙම්වතා , පෙම්වතිය ඉදිරියේ පව් සමා කරගන්න කියලා හිතාගෙන කිවයුතු දේවල් වගේම නොකිවයුතු දේවල් ඔක්කොම කියන්න ගියාම ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්.
ඔයාගේ අතීත කතාව ඇතුලේ හොඳ වගේම නරකත් ගැබ් වෙලා තියෙනවා. ඒත් ඔයාගේ අතීත ප්‍රේම කතාව අහන අලුත් partner ට නම් ඒ කතාව ඇතුලේ හොඳට වඩා නරක පෙනෙන්න පුළුවන්. ඒ අතරේ ඔයා වඩාත් සංවේදී දේවල් එයාට කියන්න යෑමෙන් තත්වය තවත් දරුණු වෙනවා. හිස් මල්ලකට මුලින් ම කුණු පුරවලා , පස්සේ ඒකට මොන තරම් හොඳ දේවල් දැම්මත් ඒවත් නරක් වෙනවා වගේ , ඔයා ගැන වැරදි මතයක් ඔළුවට ගියාට පස්සේ ඔයාගේ අලුත් partner ට ඔයාගේ හොඳ දේවල් නොපෙනී යන්න පුළුවන්. අපි ගැන බොහෝ දෙනා නිගමනයන් වලට එලඹෙන්නේ අපේ අතීතය පදනම් කරගෙනයි. ඒත් අතීතයේදී නරක කෙනෙක් වූ පළියට අනාගතේදිත් එහෙම නරක කෙනෙක් වෙනවා කියලා කියන්න බෑ නේ. සමහර විට අතීතයේදී ඒ තරම් නරක කෙනෙක් වුණ නිසා ම වර්තමානයේදී ඔයා හුඟක් ම හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඔයාගේ අතීතයේ සංවේදී තොරතුරු අහගෙන ඉන්න අලුත් partner මේ දේවල් තේරුම් ගනියිද කියලා කියන්න බැහැ නේද ? අවංක කමට ඔයා හැම දේම කියන්න ගියාට , ඔය දෙන්නාගේ අනාගත ජීවිතය සාර්ථක කරගන්න ඒ අතීතයෙන් පුංචි උදව්වක් වත් නොලැබෙන්න පුළුවන්. ඉතිං එහෙම තත්වයක් උඩ එපා එකයි, ඕනේ එකයි එක්කොම කියන්න ගිහින් පස්සේ ප්‍රශ්න ගොඩක් ඇති කරගන්න එපා.