Author Topic: ආදරේ මෝඩකම  (Read 5069 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
ආදරේ මෝඩකම
« on: January 02, 2012, 01:32:14 AM »
Advertisement
පණ ඇරගෙන ආදරේ කරන අපි සමහර විට නොලබෙන ආදරයක් වෙනුවෙන් හරක් වගේ බලාගෙන ඉන්නව.. පණ ඇරගෙන ආදරේ කරන්න තියෙන ලෝබකමට අන් අය සතු "වස්තු" දිහා බලල ගුටි නොකා අමාරුවෙන් බේරිල එනවා.. ඒ අතරෙ අපේ උන් තමන්ගෙ කෙල්ලට පාට් දාපු එකාට පිහියෙන් ඇනල හිරේ විලංගුවේ යනව.. හැබැයි ඒ එද්දි අර උගේ කෙල්ලත් ඌට නෑ,.
ආදරේ කියන්නෙ මොන තරම් මෝඩකමක් ද නෙහ්? :036:
 


මේ එක මෝඩකමක්..
හාද කමින් මගේ හිත ඔබ ලඟ හිටියා  :006:
වාද වෙමින් ඔබ මට පිටුපා හිටියා  :dft006:
ආද රේට මා එය ඉවසා හිටියා   :dft003:
මාද ඉතින් ඔබ එන තුරු මග හිටියා  :020:

මේ තවත් මෝඩකමක්..
හාද වෙන්ට කියලා ඇය දෙස බැලුවා  :004:
ඈද මෙවෙත නෙත් සැර එක පිට එව්වා  :043:
වාද වලට පැටලෙන්නට ඌ ආවා  :030:
පාද වලට පින් දීගෙන මම ආවා  :59:

මේ තවත් මෝඩකමක්..
හද ආදරෙන් පිරුනේ ඔබ හන් දා  :dft001:
තද කෝපයක් ආවේ ඌ හන් දා  :014:
වද වේදනාවන් වින්දේ ඔබ හන් දා  :002:
මද ආදරේ තව මා වැලිකඩ හන් දා  :dft007:


- ආදරණීය වෙබී




I'm on the way..

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: ආදරේ මෝඩකම
« Reply #1 on: January 05, 2012, 11:50:17 AM »
පණ පුදමින් ආල වඩන
ළද මනරම්... වේ නිකැලැල්.. :043:
ඇය දැක බැද ලොබ කොල්ලන්...
යදිනු බලා කෙලෙස හිදින්..  :024:

මග යන එන විට පස්සෙන්..
ඇවිත් දෙසයි ආල වදන්...
මට පෙම් බැදි ළද සොබමන්...
කුම කරනද එය ඉවසන්.. :dft008:

කවිය ලියූ සොදුරු සිතින්
අසනෙමි පැනයක් මවිසින්..
වළකන්නට වෙම ජඩ කම්..
කළ හැකි දෙය මට පවසන්....? :55:

« Last Edit: January 13, 2012, 07:31:50 PM by -Ŵ㮜Ħä- »
Love - Laugh - Life

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ආදරේ මෝඩකම
« Reply #2 on: January 08, 2012, 11:26:10 AM »
මේ තව මෝඩකමක්.........

යන්තම් තුරුණු විය ආ කල පෙම්       බැන්දා
පාසල් යන අතරෙදිත් පෙම් රස          වින්ඳා
සැකයේ රකුසා හදවත ගිණි තැබු         හන්ඳා
ඇයහට වෙඩි තබා ඔහුත් මරණයෙ සුව වින්ඳා

පණ පුදමින් ආල වඩන
නන්දන නුඹ මෙය දැන ගන්
මා කී ලෙස මේ ඉහතින්
ආලෙට නුබ දිවි නොමදෙන්

ආදරේට කල ජඩකම්
පල දුන්නොත් දිනයක යම්
හැරිය නොහැක ආපසුනම්
නොකර ඉඳින් ඒ මෝඩකම්


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: ආදරේ මෝඩකම
« Reply #3 on: January 10, 2012, 01:06:08 PM »
පෙම් කරනා සද පෙම් බැද නිදැල්ලේ...
ආල වඩන ළද යයි නම් අයාලේ...
නොම වනසා දිවි දෙදෙනගෙ අකාලේ...
හදා ගනින් ඇය මෝඩයි හිත රාලේ... :035:

කියාදෙන්න බැරිනම් දිවි ගෙවන්නට...
හදාගන්න බැරිනම් ගති ගැලපෙන්ට...
පණ පුදමින් පෙම් කර දුක් විදින්නට...
මම ගොන් නෑ තුති මුතු නුඹෙ උපදෙසට... :048:
Love - Laugh - Life

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ආදරේ මෝඩකම
« Reply #4 on: January 11, 2012, 11:14:10 PM »
 :011: :011: :011: :011: :011:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline 002tutu

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 85
  • Gender: Male
ආදරේ මෝඩකම
« Reply #5 on: January 26, 2012, 01:18:12 PM »
_+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++හුඟක් අය හිතනවා තමුන්ගේ අතීතයේ හැමදෙයක් ම පෙම්වතියට හෝ පෙම්වතාට කියන්න ඕනේ කියලා. ඉස්කෝලේ ගිය කාලේ වුණ දේවල්, ගෙදර තොරතුරු, නෑදෑයෝ - හිත මිතුරෝ ගැන විස්තර විතරක් නෙවෙයි. කලිං Boyfriend , Girlfriend ගැන වුණත් හැම දේම තමුන්ගේ partner ට කියන්න බොහෝ දෙනා පෙළඹෙන්නේ වැඩිපුර අවංක වෙන්න හිතාගෙනයි. ඇත්තටම ඒක හරිම හොඳ දෙයක්. පෙම්වතුන් අතර විශ්වාසය ගොඩනගා ගැනීමේදී අවංකකම කියන්නේ හරිම වැදගත් සාධකයක්. අනික , ජීවිත කාලයක් එකට ජීවත් වෙන්න සූදානම් වෙන දෙන්නෙක් අතර රහස් , හංගපු දේවල් තියාගන්න විදිහක් නෑනේ.

ඒත් පුංචි ප්‍රශ්නයක්...!

අපේ අතීතයේ සිදු වුණ හැම දේම partner ට කියන්නම ඕනෙද ? දෙදෙනකු අතර ආදර සම්බන්ධයක් ගොඩනැගෙන මුල්ම කාලසීමාව හරිම පරිස්සමෙන් කටයුතු කළ යුතු කාලයක්. පුංචි වැරදි සිදුවීමකින් පවා අනෙකාව එපා වෙන්න පුළුවන්. ඒ නිසා පරණ දේවල් ( විශේෂයෙන් ම ඔයාගේ පරණ පෙම්වතිය /පෙම්වතා) ගැන කියනකොට හරිම පරිස්සමෙන් තමයි ඒ දේවල් කියන්න ඕනේ. මම නම් යෝජනා කරන්නේ සමහර දේවල් නොකියාම ඉන්නවා නම් හුඟක් හොඳයි කියලා. අලුත් පෙම්වතා , පෙම්වතිය ඉදිරියේ පව් සමා කරගන්න කියලා හිතාගෙන කිවයුතු දේවල් වගේම නොකිවයුතු දේවල් ඔක්කොම කියන්න ගියාම ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්.

ඔයාගේ අතීත කතාව ඇතුලේ හොඳ වගේම නරකත් ගැබ් වෙලා තියෙනවා. ඒත් ඔයාගේ අතීත ප්‍රේම කතාව අහන අලුත් partner ට නම් ඒ කතාව ඇතුලේ හොඳට වඩා නරක පෙනෙන්න පුළුවන්. ඒ අතරේ ඔයා වඩාත් සංවේදී දේවල් එයාට කියන්න යෑමෙන් තත්වය තවත් දරුණු වෙනවා. හිස් මල්ලකට මුලින් ම කුණු පුරවලා , පස්සේ ඒකට මොන තරම් හොඳ දේවල් දැම්මත් ඒවත් නරක් වෙනවා වගේ , ඔයා ගැන වැරදි මතයක් ඔළුවට ගියාට පස්සේ ඔයාගේ අලුත් partner ට ඔයාගේ හොඳ දේවල් නොපෙනී යන්න පුළුවන්. අපි ගැන බොහෝ දෙනා නිගමනයන් වලට එලඹෙන්නේ අපේ අතීතය පදනම් කරගෙනයි. ඒත් අතීතයේදී නරක කෙනෙක් වූ පළියට අනාගතේදිත් එහෙම නරක කෙනෙක් වෙනවා කියලා කියන්න බෑ නේ. සමහර විට අතීතයේදී ඒ තරම් නරක කෙනෙක් වුණ නිසා ම වර්තමානයේදී ඔයා හුඟක් ම හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඔයාගේ අතීතයේ සංවේදී තොරතුරු අහගෙන ඉන්න අලුත් partner මේ දේවල් තේරුම් ගනියිද කියලා කියන්න බැහැ නේද ? අවංක කමට ඔයා හැම දේම කියන්න ගියාට , ඔය දෙන්නාගේ අනාගත ජීවිතය සාර්ථක කරගන්න ඒ අතීතයෙන් පුංචි උදව්වක් වත් නොලැබෙන්න පුළුවන්. ඉතිං එහෙම තත්වයක් උඩ එපා එකයි, ඕනේ එකයි එක්කොම කියන්න ගිහින් පස්සේ ප්‍රශ්න ගොඩක් ඇති කරගන්න එපා.

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: ආදරේ මෝඩකම
« Reply #6 on: January 27, 2012, 10:19:13 AM »
Totally Agreed...... :54:
Love - Laugh - Life

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ආදරේ මෝඩකම
« Reply #7 on: January 28, 2012, 01:49:29 AM »
ටුටූ ගෙ අදහසට සියයට සියයකින් ම නැතත් බොහෝ දුරට මමත් එකඟයි.. තාක්ෂණය එක්ක ම හැමදේම තීරණය වෙන අද කාලෙට අනුව ටුටූගෙ අදහස ප්‍රායෝගික යි. ඒ අතරෙ ටුටූගෙ අදහස් අතරෙ තිබ්බ එක දෙයක් මගේ හිත තදින් පැහැර ගත්ත..

"දෙදෙනකු අතර ආදර සම්බන්ධයක් ගොඩනැගෙන මුල්ම කාලසීමාව හරිම පරිස්සමෙන් කටයුතු කළ යුතු කාලයක්. පුංචි වැරදි සිදුවීමකින් පවා අනෙකාව එපා වෙන්න පුළුවන්."

මං ඉස්කෝලෙ යන කාලෙ තිබිච්ච පලමු ආදරයත් බිඳුනෙ ඔහොම යි. ටෝක් කරල සතියයි. තනියම හම්බ වුනේ දවසයි. පලමු දවසෙ කතා වුනා ක්ලාස් ඇරිල එන වෙලාවට ඉස්සෙල්ල බස් එකට නගින කෙනා දෙන්නටම හරියන්න "ඩබල් සීට්" එකක් අල්ලගන්න ඕනෙ කියල.. දන්නැද්ද ඉතිං මමත් ක්ලාස් ඇරිච්ච ගමන් එක පාරම එන්නෙ නෑනෙ.. කොල්ලො එක්ක විනාඩි පහක් දහයක් ඉදිරි සතිය ප්ලෑන් කරලනෙ එන්නෙ.. අනික දැං දන්නවනෙ එක්කෙනෙක් සීට් එක අල්ලං ඉන්නව කියල..

මං එනකොට ඒයාගෙ සීට් එකේ කොල්ලෙක්..
ඌ අරය එක්ක කතා කරනව ද නැද්දවත් මං දක්කෙ නෑ.
හිතට ආපු කේන්තියට බැස්ස බස් එකෙන්..

ඒක එතනින් ඉවරයි.. බස් එකේ සීට් එක වෙනුවෙන් ඒ ආදරේ නැති කර ගත්ත.. ඊට අවුරුදු තුන හතරකට පස්සෙ ඉතින් දැනුම් තේරුම් එනකොට පරක්කු වැඩියි.. පස්සෙ දැනගන්න ලැබුන ඒ ලමය සීට් එක අල්ලං ඉන්නකොට, කොන්දා අයිය බැනල.. ඉතිං ලැජ්ජාවට සීට් එක දීල.. පව් අප්පා..

එයාගෙන් සමාව ඉල්ලන්න මට අවස්ථාවක් නොලැබුනේ ඒ වෙනකොටත් මං එයා ඉන්න තැන්වල විස්තරයක්වත් නොදැන උන්නු නිසා..
1998 - 2000 වකවානුවේ දි 244  ගම්පහ - මීගමුව දුවපු ටාටා බස් බාගෙක රෙක්සින් ඉරුණු සීට් එකක් වෙනුවෙන් මං මගේ ආදරය නැති කරගෙන කියල දැං හිතෙනකොටත් ලැජ්ජයි..

- ආදරණීය වෙබී




_+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++හුඟක් අය හිතනවා තමුන්ගේ අතීතයේ හැමදෙයක් ම පෙම්වතියට හෝ පෙම්වතාට කියන්න ඕනේ කියලා. ඉස්කෝලේ ගිය කාලේ වුණ දේවල්, ගෙදර තොරතුරු, නෑදෑයෝ - හිත මිතුරෝ ගැන විස්තර විතරක් නෙවෙයි. කලිං Boyfriend , Girlfriend ගැන වුණත් හැම දේම තමුන්ගේ partner ට කියන්න බොහෝ දෙනා පෙළඹෙන්නේ වැඩිපුර අවංක වෙන්න හිතාගෙනයි. ඇත්තටම ඒක හරිම හොඳ දෙයක්. පෙම්වතුන් අතර විශ්වාසය ගොඩනගා ගැනීමේදී අවංකකම කියන්නේ හරිම වැදගත් සාධකයක්. අනික , ජීවිත කාලයක් එකට ජීවත් වෙන්න සූදානම් වෙන දෙන්නෙක් අතර රහස් , හංගපු දේවල් තියාගන්න විදිහක් නෑනේ.

ඒත් පුංචි ප්‍රශ්නයක්...!

අපේ අතීතයේ සිදු වුණ හැම දේම partner ට කියන්නම ඕනෙද ? දෙදෙනකු අතර ආදර සම්බන්ධයක් ගොඩනැගෙන මුල්ම කාලසීමාව හරිම පරිස්සමෙන් කටයුතු කළ යුතු කාලයක්. පුංචි වැරදි සිදුවීමකින් පවා අනෙකාව එපා වෙන්න පුළුවන්. ඒ නිසා පරණ දේවල් ( විශේෂයෙන් ම ඔයාගේ පරණ පෙම්වතිය /පෙම්වතා) ගැන කියනකොට හරිම පරිස්සමෙන් තමයි ඒ දේවල් කියන්න ඕනේ. මම නම් යෝජනා කරන්නේ සමහර දේවල් නොකියාම ඉන්නවා නම් හුඟක් හොඳයි කියලා. අලුත් පෙම්වතා , පෙම්වතිය ඉදිරියේ පව් සමා කරගන්න කියලා හිතාගෙන කිවයුතු දේවල් වගේම නොකිවයුතු දේවල් ඔක්කොම කියන්න ගියාම ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්.

ඔයාගේ අතීත කතාව ඇතුලේ හොඳ වගේම නරකත් ගැබ් වෙලා තියෙනවා. ඒත් ඔයාගේ අතීත ප්‍රේම කතාව අහන අලුත් partner ට නම් ඒ කතාව ඇතුලේ හොඳට වඩා නරක පෙනෙන්න පුළුවන්. ඒ අතරේ ඔයා වඩාත් සංවේදී දේවල් එයාට කියන්න යෑමෙන් තත්වය තවත් දරුණු වෙනවා. හිස් මල්ලකට මුලින් ම කුණු පුරවලා , පස්සේ ඒකට මොන තරම් හොඳ දේවල් දැම්මත් ඒවත් නරක් වෙනවා වගේ , ඔයා ගැන වැරදි මතයක් ඔළුවට ගියාට පස්සේ ඔයාගේ අලුත් partner ට ඔයාගේ හොඳ දේවල් නොපෙනී යන්න පුළුවන්. අපි ගැන බොහෝ දෙනා නිගමනයන් වලට එලඹෙන්නේ අපේ අතීතය පදනම් කරගෙනයි. ඒත් අතීතයේදී නරක කෙනෙක් වූ පළියට අනාගතේදිත් එහෙම නරක කෙනෙක් වෙනවා කියලා කියන්න බෑ නේ. සමහර විට අතීතයේදී ඒ තරම් නරක කෙනෙක් වුණ නිසා ම වර්තමානයේදී ඔයා හුඟක් ම හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඔයාගේ අතීතයේ සංවේදී තොරතුරු අහගෙන ඉන්න අලුත් partner මේ දේවල් තේරුම් ගනියිද කියලා කියන්න බැහැ නේද ? අවංක කමට ඔයා හැම දේම කියන්න ගියාට , ඔය දෙන්නාගේ අනාගත ජීවිතය සාර්ථක කරගන්න ඒ අතීතයෙන් පුංචි උදව්වක් වත් නොලැබෙන්න පුළුවන්. ඉතිං එහෙම තත්වයක් උඩ එපා එකයි, ඕනේ එකයි එක්කොම කියන්න ගිහින් පස්සේ ප්‍රශ්න ගොඩක් ඇති කරගන්න එපා.
« Last Edit: January 28, 2012, 02:12:35 AM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline parami22

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 40
  • Gender: Female
Re: ආදරේ මෝඩකම
« Reply #8 on: January 28, 2012, 07:51:57 AM »
ටුටූ ගේ අදහසට මාත් එකගයි..අතීතය මත වර්තමානය අනාගතය ගොඩ නැගෙනවා වෙන්න පුලුවන්..ඒත් ඒ අතීතයෙම ජීවත් වෙන්න ඔනේ නැහැ.හරියට ගෙදරක අත්තිවාරම වගෙයි…ගෙයක් ලස්සනට හැදුවට පස්සේ ඒ ගෙදර ලස්සන ගැන කතා කරනවා මිසක් ඒකේ අත්තිවාරම කොයි වගේද කියලා කවුරුත් අත්තිවාරම බලන්න යන්නේ නැහැ..එහෙම උනොත් වෙන්නේ ඒ ලස්සන ගෙදරත් කඩන් වැටෙන එකයි…

ඒත් තව පුන්චි දෙයක් කියන්න කැමතියි…අතීතය ගැන ආදරේ කරන කෙනාට නොකිවුවට කමක් නැහැ..ඒත් මන් හිතනවා ඔයගේ වර්තමානය අනාගතය ගැන ඒ ආදරය කරන කෙනා එක්ක කතා කරන්නම ඕනේ කියලා…එතකොට ජීවිතය බෙදා ගැනීම මත ආදරය තවත් ශක්තිමත් වෙනවා…පිරිමි ළමයෙක්ට වඩා ගෑනු ළමයෙක් ගොඩක් කැමතියි තමන්ගේ අනාගතය ගැන වර්තමානය ගැන ආදරය කරන කෙනා කතා කරනවනම්,මොකද එතකොට දැනෙනවා තමන්ගේ ආදරය තමන් වෙනුවෙන් වර්තමානයෙත් අනාගතයේත් ඉන්නවා කියලා..ඒක ලොකු හයියක් හිතට…ආදරය කියන්නේ ගන්න දෙයකට වඩා දෙන දෙයක්…කැප වෙන දෙයක්..පුන්චි හරි ඉඩක් ලබුනොත් එයා ගැන හොයලා බලන්න…හැමදේම වගේ සල්ලි වලට ගන්න පුලුවන් අද වගේ කාලෙක කවදාවත් තමන්ගේ හිත අස්සටම දැනෙන ආදරයක්  ගන්න ලැබෙන්නේ නැහැ…අතීතය මැරුනු දෙයක්..ඒත් වර්තමනයේ ලැබුනු, තමන් වෙනුවෙන් බලන් ඉන්න, තමන්ට රිදෙන කොට ඒ හිතටත් රිදෙන ආදරයට ආදරය කරන්න…විදගන්න..ඒ ආදරය ඒතරමටම ලස්සන දෙයක් නිසා,,ඒ වගේම අවන්ක වෙන්න එ ආදරය රැදෙන්නේ ඒ මත නිසා,,කැප වෙන්න ඒ ආදරය ඔයාගෙම නිසා

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ආදරේ මෝඩකම
« Reply #9 on: January 28, 2012, 11:56:18 AM »
අයියෝ වෙබී අයියෙ කොල්ලන්ට හොස්ස ලගින් මැස්සෙක් යන්න බෑනෙ. හැම කොල්ලෙක්ම තමන්ගෙ කෙල්ල දිහා බලන්නෙ සැකෙන්
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ආදරේ මෝඩකම
« Reply #10 on: January 28, 2012, 12:08:26 PM »
පාරමී නංගි,
ඇත්තටම අදකාලෙ ආද‍රේ කියන එකත් මුදල් මත තීරණය වන සාධකයක් වෙලා. මට ඇහිල තියනව කොල්ලො කෙල්ලො කතා වෙනව එයා දා ගත්තොත් නම් ගොඩම තමා, හෙන දතක් කියල. එහෙම සල්ලිවලට ආදරේ කරල පරම්පරාව ගොඩදාගත්ත අය මට මුණගැහිල තියනව. ඒත් ඒ අය හිතින් දහස්වාරයක් පසුතැවිලිවෙනව මොකද කොච්චර සල්ලි තිබ්බත් ජීවිතේ ලොකු හිස් බවක් දැනෙන හින්ද.
සැබෑ ආදරේ සල්ලිවලින් ගන්න බෑ කියන එක මිනිස්සු තේරුම් ගන්ක කොට හුගක් දුර ජීවිතේ වරද්දගෙන ඉවරයි.
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ආදරේ මෝඩකම
« Reply #11 on: January 28, 2012, 02:25:02 PM »
අපෝ දැන් නම් මැස්සො නෙමෙයි, හිපපොටේමස්ල මගෙ හොස්ස ලඟින් ගියත් ගානක් නෑ..

අයියෝ වෙබී අයියෙ කොල්ලන්ට හොස්ස ලගින් මැස්සෙක් යන්න බෑනෙ. හැම කොල්ලෙක්ම තමන්ගෙ කෙල්ල දිහා බලන්නෙ සැකෙන්
I'm on the way..

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: ආදරේ මෝඩකම
« Reply #12 on: January 28, 2012, 02:31:32 PM »
මට තියෙන්නේ වෙනම කතාවක්....

මා වෙහෙසී ඉගෙනුම ලැබ උඩ නැoගා....
අද ඉන්ජෙකි ලොව කොහෙදිත් පිළිගැනෙනා...
උපතින් මා දුක්පත් මුත් දුක දැනෙනා...
හෙට දින ජයගමි ලෝකය දුක බිදලා...

පෙම්වතියක් මට ලබුනා පැතූ ලෙස...
කරුමෙට ඇය හට ලොකුවට දතත් ඇත...
ඇගේ දතට කිසිඩින පෙම් කළේ නැත...
මාමණ්ඩිය සිතුවේ ඒ වැරදි ලෙස....

පවුලේ වග තුග ප්‍රේමෙදි ඵලක් නැතී..
මහ උන් හට ප්‍රේමෙන් අපෙ වගක් නැතී...
අපේ සිහින බිද දැමුමට කැස කවතී....
දිවි ගෙවන්න බෑ ඈ අද තුරුලේ නැතී.... :012:

ආදරේ නාමයෙන් කියන්නේ සහෝ... කව්දාවත් ඇගේ දතක් ගැන හීනෙන් වත් හිතුවේ නෑ... අන් සතු සම්පත් වලින් මට වැඩක් නෑ.... අපේ දේවල් අපිට හදා ගන්න පුලුවන්.. ඒත් මාමණ්ඩි මාව වැරදියට තේරුම් අරන් අපි දෙන්නට ලොකු දුකක් දෙනවා.... ඇත්තටම අපි දෙන්නම මාමාගේ වැරදි නිසා අද කදුළෙන් දිවි ගෙවනවා.... මාමා වැරදි කියන්නත් බෑ... අද සමාජය ගොඩක් පහත් නේ.. ඒත් දෙයියනේ... මන් එහෙම ජරා මිනිහෙක් නෙමෙයිනේ......[/
size]
Love - Laugh - Life

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ආදරේ මෝඩකම
« Reply #13 on: January 28, 2012, 03:41:07 PM »

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
ඔබ කෝලම් බදා ගන්න වෑයම් කලා
මම හීනෙන් බය වීල ඇහැරුණු නිසා
ඔබ මාවත් දමා යන්න යන්නම ගියා
I'm on the way..

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: ආදරේ මෝඩකම
« Reply #14 on: January 28, 2012, 04:16:45 PM »
හීනෙන් වගේ ලොකෙ සායම් කළා...
හැබැහින් ඔවුන් අපව අද වෙන් කළා...
හීනෙන් වුවත් ඇවිද මගෙ ලොව පුරා...
ඉන්නයි මගේ පැතුම ළග නිරතුරා... :61:.
Love - Laugh - Life