බැලු බැලු අත ආදරයේ දුක් සුසුමන්...
හැර ගිය උන් සතොසින් යලි විදි සුවයන්..
හෙලමින් සැමදා ඔය ලෙස විරහා සුසුම්..
ඉන්නේ සැබැවින් පෙම් කළ පෙම් හිමියන්...
ආදරයෙන් පැරදීලා මිය යන්නත් බෑ...
ඒ වෙනුවෙන් හෙලන සුසුම් කෙළවරකුත් නෑ..
දුන් සෙනෙහෙට කවදාවත් සාප කරනු බෑ..
ඇදරයේ වේදනාව උන් හදුනන් නෑ...
මුලු දිවියම පෙම දෙවනිය සිතා සිතුව මුත්..
පණ පුදමින් පෙම් කර අප ළගින් සිටිය මුත්..
ජීවිතයම අදුරෙ හොවා අප හැරගිය මුත්..
තරහ ගන්න බෑ සොදුරුයි පිoවත් හොද සිත්..