Author Topic: ලොකු ඇපල් ගහක්  (Read 6257 times)

0 Members and 3 Guests are viewing this topic.

Offline kamal

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 15
  • Gender: Male
ලොකු ඇපල් ගහක්
« on: January 25, 2012, 09:50:23 AM »
Advertisement
එකමත් එක කාලේක ලොකු ඇපල් ගහක් තිබුනලු. එක පොඩි ලමයෙක් හැමදාම ඇවිත් මේ ඇපල් ගහ එක්ක සෙල්ලම් කරනවා. එයා ඇපල් ගහට නගිනවා, බහිනවා, ඇපල් ගෙඩි කඩාගෙන කනවා, ඇපල් ගහේ හෙවනැල්ලට වෙලා නිදා ගන්නවා මේ විදිහට එයා ඇපල් ගහත් එක්ක හැමදාම ගොඩක් ආසාවෙන්, ආදරයෙන් සෙල්ලම් කලා. ඔය විදිහට කාලය ගෙවිලා යද්දි ඒ පොඩි ලමයා ලොකු වුනා ඒ නිසා දැන් ඒ ලමයා හැමදාම ඇපල් ගහත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ නැ.

දවසක් ලමයා ආවලු ඇපල් ගහ ලඟට එයාගේ මුහුන දුකින් පිරිලා තිබුනේ. ඇපල් ගහ කිව්වලු "එන්න මා එක්ක සෙල්ලම් කරන්න" කියලා, එතකොට ලමයා කිව්වලු "මට බැහැ, මම දැන් පොඩි ලමයෙක් නෙමෙයි ඒ නිසා මට ගස් වටේ කැරකි කැරකි සෙල්ලම් කරන්න බැ. මට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු ඕනෙ ඒත් මට ඒවා ගන්න සල්ලි නැහැ" කියලා. එතකොට ඇපල් ගහ කිව්වලු "මා ගාව ඔයාට දෙන්න සල්ලිනම් නැ, ඔයාට ඕනෙනම් මා ගාව තියෙන ඔක්කොම ඇපල් ගෙඩි ටික කඩාගෙන ගිහින් විකුනන්න එතකොට ඔයාට සල්ලි හොයාගන්න පුළුවන් වෙයි" කියලා. ඉතින් අර ලමයා ගහට නැගලා තිබුන සේරම ඇපල් ගෙඩි ටික කඩාගෙන ගොඩක් සතුටින් අරගෙන ගියා. එදායින් පස්සේ ඒ ලමයා කවදාවත් ඇපල් ගහ බලන්න ආවේ නැහැ. ඇපල් ගහ මේ නිසා ගොඩක් දුක් වුනාලු.

එක දවසක් එක පාරටම ආයේ ඒ ලමයා ඇපල් ගහ ලඟට ආවා. දැන් ඒ ලමයා තරුණයෙක් වෙලා. ඇපල් ගහ කිව්වලු "එන්න මා එක්ක සෙල්ලම් කරන්න" කියලා. එතකොට අර තරුණයා කිව්වලු "මට දැන් ඔයත් එක්ක සෙල්ලම් කරන්න වෙලාවක් නැ, මන් දැන් මගේ පවුල ගැන බලන්න ඕනෙ. අපිට ජීවත් වෙන්න නිවසක් අවශ්‍යයි ඔයාට ඒකට උදව් කරන්න පුළුවන්ද" කියලා. "මා ගාව ඔයාට දෙන්න නිවසක්නම් නැහැ, ඒත් ඔයා මගේ අතු ටික කපාගෙන යන්න ඒවායින් ඔයාට නිවසක් හදාගන්න පුළුවන්" කියලා ඇපල් ගහ කිව්වලු. ඉතින් අර තරුණයා ඔක්කොම අතු ටික කපාගෙන සතුටින් ගියා. එදායින් පස්සේ ආ‍යෙ ඒ මනුස්සයාව දකින්න ඒ ගහ ආසාවෙන් හිටියත් ඒ මනුස්සයා ආවෙ නැහැ. ඇපල් ගහ මේ නිසා ගොඩක් දුක් වුනා.

ආයෙත් එක දවසක අර තරුණයා ආවා ඇපල් ගහ ලඟට. එයාව දැකලා ඇපල් ගහ ගොඩක් සතුටු වුනා. "එන්න මා එක්ක සෙල්ලම් කරන්න" ඇපල් ගහ කිව්වලු. " මට බැහැ, මම දැන් මැදි වියෙ පසුවෙන මනුස්සයෙක් මට ඔයත් එක්ක සෙල්ලම් කරන්න බැහැ මට මගේ හිත නිදහස් කරන්න අවශ්‍යයි මම ආසයි ඔරුවක නැගලා කොහේ හරි යන්න. ඔයාට පුළුවන්ද මට ඔරුවක් දෙන්න?" අර මනුස්සයා ඇහුවලු. " ඔයා මගේ කඳ කොටස කපා ගන්න ඔයාට ඒකෙන් ඔරුවක් හදාගන්න පුළුවන් වේවි" ඇපල් ගහ මෙහෙම කිව්වලු. ඉතින් අර මනුස්සයා ඇපල් ගහේ කඳ කොටස කපා ගෙන සතුටින් ගියා.

ඊට අවුරුදු ගානකට පස්සේ ආයේ අර මනුස්සයා ඇපල් ගහ ලඟට ආවලු. ඇපල් ගහ කිව්වලු "මට සමාවෙන්න, මට දැන් ඔයාට දෙන්න කිසිම දෙයක් නැ, මා ගාව ඔයාට දෙන්න ඇපල් නැහැ" එතකොට අර මනුස්සයා කිව්වලු "කමක් නැහැ, මට දැන් ඇපල් කන්න දත් නැ" කියලා. ආයෙත් ඇපල් ගහ කිව්වලු "ඔයාට නැගලා සෙල්ලම් කරන්න දැන් මගේ කඳ කොටසත් නැ" කියලා. " ඒකට කමක් නැ මම දැන් ගොඩක් වයසයි මට ඒ දේ කරන්නත් බැ" කියලා අර මනුස්සයා කිව්වලු. ආයෙ ඇපල් ගහ කිව්වලු " ඇත්තටම මට දැන් ඔයාට දෙන්න දෙයක් නැ මට ඔයාට දෙන්න තියෙන්නේ මැරෙමින් පවතින මගේ මුල කොටස විතරයි" කියලා. අර මනුස්සයා කිව්වලු " නැ මට දැන් මුකුත් ඕනෙ නැ මට දැන් අවශ්‍ය විවේක ගන්න තැනක් විතරයි" කියලා. ඉතින් ඇපල් ගහ කිව්වලු " විවේක ගන්න හොඳම තැන තමයි මැරෙමින් පවතින් ගහක මුල. ඉතින් එන්න මගේ උඩ වාඩි වෙන්න" කියලා. අර මනුස්සයා ඇපල් මුල උඩ වාඩි වුනාලු. ඇපල් ගහට ගොඩක් සතුටු හිතුනලු ඒ වගේම සතුටු කඳුලු ගලාගෙන ගියා.

ඒ ඇපල් ගහ හරියට අපේ දෙමව්පියෝ වගෙයි. අපි පොඩි කාලේදි එයාලත් එක්ක සෙල්ලම් කරන්න ගොඩක් ආසයි ඒත් අපි ලොකු වුනාම අපි එයාලව අත හැරලා දානවා. ඉන්පසුව අපි එයාලව හොයාගෙන එන්නෙ අපිට කිසියම් දෙයක් වුවමනා වූ විට හෝ ප්‍රශ්නයක් ඇති වුන වෙලාවකදි විතරයි. එහෙම එන හැම වෙලාවකදීම අපේ දෙමව්පි‍යො අපිට උදව් කරනවා. මේ කතාව කියෙව්වම ඔයාට හිතෙන්න පුළුවන් අර ලමයා ඒ ඇපල් ගහට සැලකුව විදිහ කොච්චර වැරදිද කියලා.

දැන් පොඩ්ඩක් හිතලා බලන්න අපිත් අපේ දෙමව්පියන්ට සලකන්නේ මේ වගේ නේද කියලා. ඒයාලා අපි වෙනුවෙන් කරන සහ කරපු හැමදේකම වටිනාකම් තේරුම් ගන්න සහ ඒ දේවල් අගය කරන්න, එයාලට ආදරය කරන්න. තවත් පරක්කු වෙන්න එපා මේ දේවල් මේ මොහෙතේ සිටම කරන්න පටන් ගන්න ඔබ තවමත් එයට ප්‍රමාද නැ නමුත් ඔබ තවත් එය අතපසු කලහොත් ඔබ ප්‍රමාද විය හැකියි.

ඔබ මේ කතාවෙන් ආදර්ශයක් ගත්තානම් හෝ ඔබ සිතනවානම් යම් කෙනෙකුගේ සිත මේ කතාව තුලින් කිසියම් ප්‍රමානයක වෙනස් කිරීමක් සිදු කල හැකියි කියා, ....

Offline @@[email protected]@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 59
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
Re: ලොකු ඇපල් ගහක්
« Reply #1 on: February 04, 2012, 01:22:23 PM »
ඇත්තටම ගොඞාක් වට්න ආදර්සයක් අයියේ
I LIKE :045:

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ලොකු ඇපල් ගහක්
« Reply #2 on: May 23, 2012, 11:19:25 AM »
අපි දෙමව්පියන් ගෙන් කොයිකරම් දේවල් ඉල්ලල තියනවද. කොච්චර අමාරුකම් තිබුණත් අපිට ඕනකරන හැමදේම දෙනව. ඒත් ඒ වෙනුවෙන් අපි එයාලට දෙන්නෙ මොනවද? එයාල මේ හැමදෙයක්ම කරන්නෙ අපේ සතුට වෙනුවෙන් විතරයි
NIM7 - ALWAYS WITH HONEST HEARTS