ගිනි කඳු විලසින් පුපුරා දවමින් ගත උණුවී සැලෙන වෙලේ
වන පෙත් අතරේ දිය වැල් ඇසුරේ සිහිලස ඇය වෙත යේවා
හිම කුටි අතරේ හිරවුණ විලසින් සීතලයෙන් ගැහෙන වෙලේ
ලා හිරු කිරණින් රත් වූ සුළඟින් උණුසුම ඇය වෙත යේවා
ලොව සියලු සතුන් හට සෙත් පතනා පින් අනුමෝදන් වේවා
නෑසිය මිතුරන් මෙත් පිරි සිතුවිලි ඇගෙ මනසට යොමුවේවා
හෙද හෙදියන්ගේ බැලුමන් සැලකුම් වැඩි වැඩියෙන් හිමිවේවා
වෙද ඇදුරන්ගේ නැණ පිරි වෙදකම් තව තව බලවත් වේවා
ගත රිදුම් නිවා සිත පහන් වෙලා මුව සිනහව නැන්වෙවා
අප පතන ලෙසින් තුනුරුවන් බෙලෙන් ඉක්මන් සුව සැලසේවා