Author Topic: දාහතරෙ වාට්ටුව  (Read 1238 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Muwanwella

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 15
  • Gender: Male
  • health - wealth - success
දාහතරෙ වාට්ටුව
« on: January 25, 2012, 10:07:22 PM »
Advertisement
පුංචි සන්දියේ මං   
කෑගහල අඬනකොට
හරහාට වඩාගෙන
මගෙ බඩට - මගෙ හිතට
ඇතිවෙනකල් බොන්න
තනේ  කිරි හිඳෙන තුරු
සතර බඹ විවරණේ
කිරි කරල මට පොවපු
අම්මා නැවැත්තුව
මහරගම රෝහලේ
දාහතරෙ වාට්ටුවෙ.

කරපු නැති වරදකට
දඬුවමක් දීල වගෙ
කිරි දුන්න තන දෙකෙන්
එක තනක් සහමුලින්
කපන්නයි ලැහැස්තිය.