විත්ති - events > මේ,, දන්නවැයි ? | do you know that ?

ඔබත් විදේශගතවන්න බලපොරොත්තු වන්නෙ නම් මේ "

(1/1)

araliyamala:
ඔබ විදේශගතව රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ සඳහා දවස් ගනනක විශේශ පුහුනුවක් ලැබිය යුතු බව ඔබ දන්නවද?ඒ පුහුණුව නොලැබුවහොත් ඔබට ඉන්ෂුරන්ස් විය නොහැකි බව දන්නවාද?ඔබ මේ පුහුණුව ලැබූ අයෙක්නම් දන්නවා ඇති ඉන්ෂූරන්ස් එකේ වටිනාකමනම්(ප්‍රතිලාභ) ගැන ඔවුන් ඔබට බොහෝ කරුණු පහදා දෙනවා නේද?එහෙත් ඔබට සේවය කරන රට තුලදි යම් අනතුරක් සිදුවී කෙටි කාළයක් තුලදී නැවත් ඒමට සිදුවුවහොත් ඉන්ෂුරන්ස් එක ලබා ගැනීමට ඔබ රැගෙන ආ යුතු ලියකියවිලි පිළිබඳව ඔබට ඔවුන් පැහැදිලි කිරීමක් කලාද?ඔබට ඉතාම වැදගත් කරුණ වන්නේ එයයි.එහෙත් මේ දක්වා මට මුණගැසුන කිසිවෙකුට හෝ එම අවබෝධය නොමැත.ගුවන් තොටුපලේ හිඳ පස්සෙන් පන්නන් ඇවිත් අපිව බලෙන් ඉන්ෂුරන්ස් කරන ඒ මහත්හොරුවත් ඒ ගැන කතා කරන්නේ නැත.ඔයලා දන්නවාද විදේශයේ සිට අසරණව යන අපෙන් කීයෙන් කීදෙනාටද මේ ප්‍රතිලාභ ලැබෙන්නෙ කියලා.ඇයි බොහෝ අයට එය නොලැබෙන්නේ?ඒ අවශ්‍ය කරන ලියකියවිලි සම්පූර්ණ නොවීම හේතුවෙනි.විශේශයෙන් විදේශයේ බැලමෙහෙවරකම් කර අසරණවන අපේ කාන්තාවන්ට මේ ඉන්ෂුරන්ස් එක ලබා ගැනීම ඉතා පහසු කරුනක් නොවෙයි.ඊට හේතුව වන්නේ ඔවුන් මේ පිළිබඳව මොනම කරුණක්වත් නොදන්නා හෙයිනි.
             එසේනම් ඔබ කුමක් කලයුතුද?ඔබ ඉන්ෂුරන්ස් එකට මුදල් ගෙවන විට ඔවුන්ගෙන් ඒ පිළිබඳව අසා දැන ගත යුතුය.එය ඔබේ අයිතිවාසිකමකි.අපෙන් බලෙන් මුදල් උදුරාගෙන අපිව ඉන්ෂුරන්ස් කරන මහත්හොරුන්ටද යුතුකමක් ඇත.ඒ අවශ්‍ය කරුණු ගැන ලියු පත්‍රිකාවක් ඔබට ඉදිරිපත් කිරීමයි.එහෙත් ඔවුන් එය නොකරන බව ඔබ අපි දන්නෙමු.එසේ නම් අපි අපේ මුදලේ වටිනාකම වෙනුවෙන් එය අසා දැන ගත යුතුය.එසේ නැතිනම් ඔබ කරදරයට පත්ව මව්බිමට පැමිනි පසු ඔවුන් ඉල්ලන ලියකිවිලි ඔබට ඉදිරිපත් කල නොහැක.මොකද ඔබට නැවත් ඒ රටට යා නොහැකි නිසාවෙනි

muthu

Navigation

[0] Message Index

Go to full version