විත්ති - events > මේ,, දන්නවැයි ? | do you know that ?

එල්ලන්ගාව._ Cascaded Systems of Tanks

(1/1)

Nandana:
ඉස්සෙල්ලම මන් අහන්නේ ඔයාලගෙන් මේ නම කලින් අහල තියෙනවද කියලයි..
මන් නම් හිතන්නේ බහුතරයක් අහලවත් නැතිව ඇති.. එල්ලන්ගාවක් කියන්නේ ස්මෝච්ච රේඛා මත පදනම්ව ගොඩනැගුනු අපේ පැරණි සින්හලයින්ගේ වැව් පද්ධතියයි..
සාමාන්‍යයෙන් එල්ලන්ගාවක් මහ වැවකින් හෝ ගන්ගාවකින් ථම්යි අවසන් වෙන්නේ..
1 මහ වැවකට එල්ලන්ගා 2,3ක් වුනත් වැටෙන්න පුලුවන්..

එල්ලන්ගාවක ප්‍රධාන වශයෙන් කොටස් 5ක් තියෙනවා
1.වාපි
2.කුඩි
3.කුළම
4.කුළු වැව්
5.මහ වැව
මේ 5 මගින් වෙන් වෙන් කාරයන් තමයි කෙරුනේ

1.වාපි
වාපියක් කියන්නේ.. වැසි වෙලාවට පමණක් ජලය ගලන යන මළ දොලවල් හරස් කොට බැම්මක් බැදීමෙන් සාදාගන්නා කුඩා ජලාශයි. මේවා තමයි එල්ලන්ගාවක ඉහළින්ම පිහිටන්නේ.. මෙමගින් පාන්ශු ඛාදනය වැලක්වීම වගේම කදුකර ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහල අගයක පවත්වා ගැනීමත් සිදුවෙනවා.. මේවයින් හැබැයි වගා කටයුතු සදහා ජල සැපයීම කරන්නේ නෑ මේවගේ වාපියක් නිසා තම්යි.. දීඝවාපිය වගේ නම් හැදිල තියෙන්නේ

2.කුඩි

වාපියේ බැම්මෙන් පැන එන ජලයට ඊළගට හම්බ වෙන බාධකය තමයි කුඩිය කියන්නේ.. නමුත් මේක වාපියට වඩා විශාලයි.. මේකෙ වැඩි කාලයක් ජලයත් පවතිනවා.. වාපි කීපයකින් එන ජලය මේ කුඩියෙ තැන්පත් වෙන අතර වගා කටයුතු වල්ට ජලය සැපයීමක් මේවයින් වෙන්නෙත් නෑ.. කාත්තන්කුඩි වගේ නම් හැදිලා තියෙන්නේ මෙවැනි කුඩි නිසා තමයි

3.කුළම

කුඩි කීපයකින් එන ජලය කුළම නැමැති තරමක් විශාල ජලාශ හරහා කුඹුරු වලට බෙදා හරිනවාගොඩක් අය හිතන් ඉන්නේ කුළම කියන්නේ දෙමළ වචනය්ක්.. ඒ කියන්නේ සින්හලෙන් වැව කියන අර්ථයයි කියල.. නමුත් සත්‍යය නම් කුළම වගේම වැව කියන්නෙත් සින්හල වචනයි එළ හරකගෙයි මී හරකගෙයි වෙනස දන් නැති එකා දෙන්නටම හරකා කියල කියනවා වගේ.. හැම ජලාශයකටම තමන්ට ප්‍රකාශ කරන්න පහසු වූ කුළම් කියන වචනය දෙමළ අය භාවිතා කිරීමෙන් තමයි ඕක අපිට දෙමළ වගේ දැනෙන්නේ


4.කුළු වැව්

මෙහි කාර්ය භාරය වනුයේ.. මහ වැවට එන සැඩ ජල පහරෙන් එය ආරක්ෂා කිරීමයි.මේක එච්චර විශාල ජලාශයක් නෙමෙයි

5.මහ වැව

මහවැව මගින් අතිරික්ත ජලයා ගබඩා කර ගැනීමක් සිද්ධ වෙනවා.. ඒව ජලය අඩු කාලෙට පහත් ප්‍රදේශ වල ඇති වගා බිම් වලට සපයනවා

මෙවැනි එල්ලන්ගාවල් මගින් මහවැව් වල රොන් මඩ පිරීමෙන් ධාරිතාව අඩුවීම වැලැක්වීමත්, කදුකර ප්‍රදේශ වල පාන්ශු ඛාදනය අවම කිරීමත්, භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වා ගැනීමත් වැනි අති මහත් ප්‍රයෝජන රැසක් ගන්න පුලුවන්..
අලුතෙන් හදපු වික්ටෝරියා ජලාශයේ දැනටමත් 30%ක් රොන මඩින් පිරිලා. හේතුව හරි හැටි අපේ පැරැන්නන්ගේ තාක්ෂණික දැනුම භාවිතා නොකිරීමයි.. දැන් බොහොමයක් වාපි ශ කුඩි විනාශ වෙල ගිහින්.. සුරැකිව තිබුනු කීපයත් අර වැව් 1000 ගොන් ව්‍යාපෘතිය මගින් කුලම් ත්ත්වෙට ගේන්න ගීන් විනාශ කරලා

අපේ මහචාර්ය වරු පිරිසක් කරපු අධ්‍යනයකින් මගේ මතකය හරිනම්.. ලන්කාවේ තියෙන්න පුලුවන් එල්ලන්ගාවල් 237 යි (optimum Level). හැබැයි ඒ ඔක්කොම අපේ පැරැණ්නො හදලා තියෙන්නේ
අපි කළ යුතේ ඒවා එක අධිකාරියක් යටතට වගේ අරගෙන.. නිසි අයුරින් maintain කිරීමයි.. නැතුව ගොන් ව්‍යාපෘති මගින් තියෙන ටිකත් විනාශ කිරීම නෙමෙයි.. මේ වැස්සට වැව් විශාල ප්‍රමානයක් විනාශ වෙන්නත්, ඔච්චර ගන්වතුර දාන්නත්,නාය යාම් වලටත් ප්‍රධාන හේතුව වෙන්නේ.. අපේ ගොන් පාලකයෝ අපේ තිබූ දැනුම අඩු තරමේ හරි හැටි පවත්වාගෙන යාමක්වත් නොකළ හින්දයි

w乇乃ᄊム丂イ乇尺:
අපි හැමෝටම හරිම වැදගත් තොරතුරු ටිකක්..
ලාංකිකයො විදිහට අපි හැම දෙනාම අපේ පැරණි වාරි කර්මාන්තය ගැන දැනුවත් වෙලා ඉඳීම හරිම වැදගත්.. අපිට ලෝකෙ ඉස්සරහට ගිහින් කටක් ඇරල ලැජ්ජ නැතිව කියන්ඩ පුළුවන් මේව තමයි...

ස්තුතියි නන්දන.. ඉදිරියටත් මේ වගේ හරවත් දේවල් වලින් නිම්නය පෝසත් කරන්න..
- වෙබී

Nandana:
Thanks alot webeeeeeeeeeeee  :54:

nsgalagedara:
අත්තෙන්ම මම වෙබී කියන දේ සනාථ කරනව මන්ද මෙ සමහර වචන මම අද කියෙවුවේ ඒ වගෙම සමහර කියවා තිබුනත් තෙරුම දන්නෙ නෑ නමුත් මෙය කියව ගෙන යනවිට මේ වාරි කර්මාන්තය ගැන අදට වඩා විද්‍යාත්මක පැති කඩක් පැරනි අපේ මුතුම්මිත්ත්න් ලග තිබුන බව සනාථ වෙනවා ඒ ඔවුන් වැවි 1000ක නමට හදන්න නොගොස් හදන එක වැව නියම ක්‍රමයට සාදා තිබෙන එනිසා එම වැව් අදත් අපට දායාදයක් වශයෙන් ලැබී තිබෙනවා අපේ පැරැන්නන්ට මේවා මේ විදියට නිම කිරීමට හැකි උනේ දේශපාලන වාසි බලාගෙන වැඩ නොකරපු නිසා

Nandana:
සහතික ඇත්ත සහෝ............ :54:

Navigation

[0] Message Index

Go to full version