Author Topic: සරසවි කුරුටු ගී : University Anonymous Poems  (Read 3052 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Advertisement
ඔබ සැම සරසවි සිසුන්ගේ ප්‍රකෝපකාරී හැසිරීම්, පන්ති වර්ජන, උද්ඝෝෂන, පිළිබදව අනන්තවත් අසා තිබෙන්නට පුලුවන්
නමුත් ඔබ කිසිවෙකුත් ඔවුන් පිළිබදව නොදැක්ක පැතිකඩක් පිළිබදව මන් අද කතා කරන්නම්

මොවුන් ආදරය නිසා, සමාජ සන්වේදිත්වය නිසා ගොඩනගපු බොහෝ පද වැල් සහ වැකි මගින් ඔවුන්ගේ තවත් කුසලතාවයක් එනම් සාහිත්‍ය හැකියාව ඔබට දැක ගන්නට පුලුවන්

සිහිනෙන් පවා මගෙ සුඛ විහරනය පැතූ.
රජකම පතා පුතු රජගෙට ගියැයි සිතූ.
අම්මා දනී නම් සරසවි දිවියෙ තතූ.
අදම රැගෙන යයි මේ දුක් විදින පුතූ. :dft004:

මේ ඔවුන් සරසවි ජීවිතයේ ඇති අමාරුව සහ දුක කවියකින් පෙනවා ඇති අයුරුයි

එසේම ඔවුන් සමාජයේ සිදුවීම් පිලිබදව මනා සන්වේදිත්වයකින් සිටින බව මේ කවි පද වලින් ඔබට පෙනී යනු ඇත.

කන්නන්ගර හිටියනන්..
උපාධි කඩ දුටුවනන්
අම්මප බඩ පලන් මැරෙයි.
නවතන්නට විගඩමන් :59:.

මේ PVT Campus පිළිබදව ඔහුගේ ඇති අප්‍රසාදය පෙන්වූ අයුරුයි

උතුරු කොනේ කොටි හපුවන්
මෙහෙයවනා ප්‍රභාකරන්
වනසා, ලක්දිව දරුවන්
සනසන්නට මට හැකිනම් :019:.

මේ LTTE ත්‍රස්ත නායකයා වැනසීමට ඔහුට ඇති උවමනාව විදහා දැක්වූ අයුරුයි

මෙවැනි ඒවාට අමතරව  ආදරය විරහව වැනි මානුෂීය හැගීම්ද ඔවුන් පදවැල් වලට අමුණා ඇත.

විභාගය අත ලග
අත පොත ලග..
පොත හිත ලග
හිත.. ඈ ලග..
ඈ.. ඔහු ලග :022:

මාද ඔබම විය
ඔබද මාගෙ විය
ඔබ අන්සතු විය
මට කෙලවිය :56:

මෙවැනි බොහෝ සුන්දර කුරුටු ගී.. සරසව් වල්දී දැක ගන්නට ලැබේ
ඊට අමතරව ව්‍යන්ගාර්ථ ඇති පදවැල්ද එමටය. පුලුවන් නම් මෙහි තේරුම හොයගන්න.

දෙහි දොඩම් රැක්කා
අලිගැට පේර වික්කා
දිනක වට්ටක්කා
වැලක එල්ලී තිබෙනු දැක්කා :49:..
Love - Laugh - Life

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: සරසවි කුරුටු ගී : University Anonymous Poems
« Reply #1 on: February 12, 2012, 11:28:37 AM »
 :54: මේකනම් මරු මතන්z තව ලියපන්z ගොඩක් අය ආසාවෙන් බලයි

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: සරසවි කුරුටු ගී : University Anonymous Poems
« Reply #2 on: February 12, 2012, 12:29:59 PM »
හරිම ලස්සනයි නන්දන......ඔන්න ඔයා කීව නිසා අවසාන කවියෙ තේරුමත් කියන්නම්කො.....කෙල්ල කාලෙ ඉඳලා වයසක අම්මන්ඩියෙක් වෙනකම්ම ගැහැනිය ගැන හිතපු අපේ කොළු ගැටයෙක්ගෙ හිතට ආපු සිතිවිල්ලක්නෙ නේද?කියන්නකො මම හරිද කියලා.

muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: සරසවි කුරුටු ගී : University Anonymous Poems
« Reply #3 on: February 13, 2012, 11:48:42 AM »
ගැහැණිය නෙමෙයි... ගැහැනියගේ ශරීර අවයවයක් ගැන.. :57:.

Thanks for ur replies.......
:54:
Love - Laugh - Life