මේ කතාව කියෙව්වම මට තවත් කතාවක් මතක් වුණා. මේ කතාව නම් බැරක් ඔබාමට මූණ දෙන්න වුණ ඇත්තම සිද්දියක්. මේ මෑතකදි එංගලන්තෙ මහ රැජිනගෙ විශේෂ ආරාධනයකට බැරක් එංගලන්තෙට ගියා. එතනදි මහ රැජින වෙනුවෙන් සව්දිය පුරන්න බැරක් ඔබාම පුංචි කතාවක් කළා ඒ කතාව අවසාන වෙන්න ඔන්න මෙන්න තියෙද්දි පසුබිමින් ලස්සන සින්දුවක් ඇහෙන්න ගත්ත. හැමෝම නැගිට්ට. ඉතින් ඹබාම හිතුව රැජිනට සව්දිය පුරන්න හැමෝම නැගිට්ට කියල. අර සින්දුව යන අතර තුරේ බැරක් this is for you y Queen කියල වයින් වීදුරුව ඉස්සුව. ඒ පැත්තට හැරුණ රැජින ඔබාම පිච්චිල අලුවෙල යන බැල්මක් හෙලුව. මිනිහ පොඩ්ඩක් ගැස්සුනා ඒ බැල්මට. මොකක් හරි වැරැද්දක් තමන් අතින් වුණා දෝ කියල හිතල සද්ද නැතුව අර සංගීතෙට සවන් දුන්නා. ඔන්න ඒක ඉවර වුණ ගමන් රැජින හිනාවෙලා මනුස්සය දිහා බලල වයින් වීදුරුව ඉස්සුව. ඉතින් ආයෙත් බැරක් ඹබාමා For the Queen කියල සවිදිය පිරැවා
පස්සෙ තමයි මනුස්සය දැනගත්තෙ අර පසුබිම් සංගීතෙ තමන් වෙනුවෙන් ගිය එකක් නෙවෙයි කියල. ඒක ඒ රටේ ජාතික ගීයලු.