පුංචි පිහාටුවක්
සැඞ සුළගක්......
සුන්දර ගංගාවක්......
සැඞ සුළං මහා වරුසාව මැදින් විත්
අර පුංචි මෘදු පිහාටුව අවුල් ජාලයක් කල අන්දම......
සියුමි නටු මත
පතිත පිණි කැට
රුදුරු වෙස් ගෙන බිමට පතිත වන අන්දම......
පුංචි දෑගිලි නෙත් හොවාගෙන
සිනිදු මුතු කදුලැලි පිසියි....
ගං දියෙන් සිත් ගින්න නිවනට
හුදෙක් වෑයමි කල නමුත්......
ගං මහිම මත ජලය මදි වී යාවිදෝ චකිතයකි
එහෙත් පුංචි සිත් පිංචට
කල හැකි දෙයක් නොමැත
සැඞ සුළගට හසුවනු නිසැකය
හුදෙක්........
විනාස වී යනු නිසැකය
ගග මතට පාවිය නොහැකය
ගං දියේ පතිත වීමට නොහැකිය
තෙතින් බරිත වු විට පාවෙනුද නොහැකිය
සිදුවීම කොයින්ද සුන්දර.....
සිතා ගැනුමට ඇති එකම විසදුම
දෛවයෝගය පමණකි
ඉටා ගනිමි නිසැකවම
සැඞ සුළං පොද පරදලා
පියබා ඈත දුරකට
දිනෙක නිසැකවම
නැගෙන පිපාසය උදෙසා
දිය දොතක් ගැනීම
වරදක් නොවන බව
දෙවියන් පවා සිතන අයුරට....