ජීවිතය ජීවත් වීම උදෙසාය
මුලු මහත් ලොකයම ගොඞනැගී ඇත්තේ මවි කිරෙන් සහ හිරු එළියෙන් පමනකැයි පැවසේ මන්ද එතරමි මෙලොවට මාතෘත්වය සුවිසාල කාර්යයක් කරන බැවිනි .මෑත කාලයේ නොයෙකුත් ජනමාධ්‍ය වල දක්නට ලැබුනේද අප අවට පරිසරය පුරාවට අසන්නට ලැබෙන්නේද ඒ උතුමි මාතෘත්වය ඔවුන් විසින්ම කෙළසා ගන්නා ආකාරයකි.
සමහර මවිවරු තම දරුවන් බිහි වු කල් හීම ගෙල සිර කර වැසිකිළි වළට දමති. සමහරු අත දරුවන් මරා මහමග දමා යති .තවත් දරුවන්ගේ සොහොන වන්නේ පාර අයිනේ වන කුණු කාණුවය. මෙතරමිම මව කෘර වූයේ මන්ද.?මෙ බොහෝ බිළිදු මරණ වලට මව මුල් වීම කෙතරමි අභාග්‍යක්ද .මෑතකදි අසන්නට ලැබුනේ තම අනියමි සැමියා සමග එක්වු මව තම අවුරුදු එක හමාරක දරුවා මරා වළලා දැමීමය. මෙ පුවතින් හදවත් ඇත්තන්ගේ හදවත උණු වී දෙනෙත පුරාවට කදුළු ගලනවාට සැක නැත. මෙ සසර ගමනේ හමුවන මිනිසුන්මය ගැහැණුන්මය.පටාචාරා තම දරුවා මළ සොවින් රටවටා අබ සොය සොයා ඇවිද්දේය .අද සමහර මවිවරු තම දරුවා මරා වළ දැමීමට තැන් සොය සොයා ඇවිදින්නේය
කාලය කෙමෙන් ගෙවී යයි සමහර විට අනාගතය දෙස නොබලන තරුණ මවි පියවරු තම තීන්දු තීරණ ගන්නේ හදවතින් පමණි. ඒ තුළ බුද්ධිමත් භාවයක් නැත .සමහර මවි පියවරුන් දු දරුවන් ගැන මොහොතකුදු නොසිතා අනියමි සබදතා ගොඞනගා ගනිති.
සමහර මවි පියවරු තම බිළිදු දරුවන් ගැන පවා නොසිතා ආර්ථිකය අනාගතය ගැන නොසිතා ආගන්තුක ආදරයක පැටලී දරුවන් දමා පෑල දොරින් නික්ම යති .මෙහිදී ආදරය පසෙකලා ඇති වු රාගය හමුවෙහි අසරණ වන්නේ මෙලොවට පිපුණ සුවද මල් කැකුළුය. පියා නැති මවක අතින් හෝ මවක නැති පියකු අතින් හෝ දරුවන් කෙරෙහි සුදුවන පාඞුව සෙනෙහස දෙවනි මවකට හෝ පියකුට පිරිමැසිය නොහැකිය.අවසන සියලුදෙනාගේ ජීවිත අවුලෙන් අවුලට පත්වෙ. දරුවන්ගෙ ජීවිත හා අනාගතය විනාස වෙ.ඒ දරුවන්ට නියම සෙනෙහසක් නැත තම යුක්ති සහගත නොවු අවශ්‍යතා ඉටුකර ගැනීමට එරෙහි වු කිරිකැටියන්ට උරුම වන්නේ මරණය හෝ නිවස අතහැර දමා යාමය. එනිසා ලෝකය ආලෝකමත් කරන මතු අනාගතය ගොඞනගන්නාව දරු පරපුර ගැන සිතමින් දෙමාපියන් තම තීන්දු තීරණ ගත යුතුය .ඔබගේ පහත් ආශාවන් හෝ නොකළ යුතු දේවල් හමුවෙ අසරණ වන්නේ මෙ පුංචි පැටවුන්ය.
අප හැගීමි සන් සිදුවා ගැනීමට ලෝකය සමිමත දෙයක් හදුන්වා දී ඇත ඒ තුළ ලෝක ධර්මතාවයට අනුව කටයුතු කළ යුතුමය .ඒ තුළ ඔබත් ඔබ පවුලත් සුරක්ෂිත වෙ .ජීවිතය ලද්දේ ජීවත් විමටය එහෙත් ඒ ලද ජීවිතය අන්‍යයන්ගේද හිතසුව පිණිස යොදවමින් කල් ගෙවිය හැකි නමි කෙතරමි අගනේද. ඔබ මනා සිහියෙන් යුතුව කල් ගෙවයිනමි ඔබ ඔබෙ පවුලේ ආරක්ෂාව ගැන සිතයි ,නමි දරුවන් ගැන සිතයි නමි ඔබ කෙතරමි වාසනාවන්තද .ඔබේ ජීවිතය කෙතරමි පින්සාරද ඔබ ලද ජීවිතය යහපත්ව ගෙවීමට වාසනාව පිනම ලැබෙවා.........!!!!!!