ආදර මාවත - lovers' lane > මං ආදරෙයි | i love you

ආදරෙන් මා ළඟම නවතින්න...

<< < (2/4) > >>

Max456123:


අද අමාවකයි..  අහස පාලුයි..  එත් ඒ පාළුව මකන්න අහසට තරු කොතරම්  සිටිත්ද...

ඒ තරු අතරින් මන් ඔබේ රුව සොයනවා...  ඒ ඔයා තරුවක් වී හරි මා වෙත එවිදෝ කියා...

එක තරුවක්ම පැතුවා නිසා...  මන් හැම වරුවක්ම කදුළු අතර තනිවෙලා...

හඩනවා මන් හඩනවා ඉකිලා හඩනවා...

නමුදු දිනයක...  හිමිදිරියේ තෙත පින්න රදවාගෙන..  සතුට අරන් මගේ අහසට ඔබ එවිදෝ සිතුනා...

කවදාවත් නුබ එන්නෑහෑ...  නෑ එන්නෑහෑ...  මා ඉන්නම් මගේ හඩන සුසුම් මට කියන තුරා...    :dft001:

NIMALI:


--- Quote from: Max456123 on March 18, 2012, 08:33:26 PM ---

නිලඹරේ සැදෑවේ කලුවරට...
එළියවී මගෙ ලොවට හිනැහෙන්න...
සීතලම මදනලක මුහුවෙන්න...
උණුහුමෙන් බිඳක්‌වත් මට දෙන්න...

වසන්තය මගෙ හදට ගෙන එන්න...
සෙනෙහසින් මොහොතකට නවතින්න...
පුන් සඳේ මගෙ හිතට පායන්න...
ආදරෙන් මා ළඟම නවතින්න...   :043: :043: :043:


--- End quote ---

ආදරේට ඔච්චම් කළ
හද ඇවිදින් සිත් අහසට
මුමුණන පෙම් බස් අහන්න
එනවද ඔබ තරු යහනට

සද ඇවිදින් බලා හිදී
තව මොකටද පමා ඉතින්
හනික එන්න ඇගෙ තුරුලට
සෙනෙහේ සුව විදගන්නට

Prabhashini Podi:

--- Quote from: NIMALI on March 20, 2012, 08:38:40 PM ---

--- Quote from: Max456123 on March 18, 2012, 08:33:26 PM ---

නිලඹරේ සැදෑවේ කලුවරට...
එළියවී මගෙ ලොවට හිනැහෙන්න...
සීතලම මදනලක මුහුවෙන්න...
උණුහුමෙන් බිඳක්‌වත් මට දෙන්න...

වසන්තය මගෙ හදට ගෙන එන්න...
සෙනෙහසින් මොහොතකට නවතින්න...
පුන් සඳේ මගෙ හිතට පායන්න...
ආදරෙන් මා ළඟම නවතින්න...   :043: :043: :043:


--- End quote ---

ආදරේට ඔච්චම් කළ
හද ඇවිදින් සිත් අහසට
මුමුණන පෙම් බස් අහන්න
එනවද ඔබ තරු යහනට

සද ඇවිදින් බලා හිදී
තව මොකටද පමා ඉතින්
හනික එන්න ඇගෙ තුරුලට
සෙනෙහේ සුව විදගන්නට

--- End quote ---



සිහිනයක්‌ හිනැහිලා පෙරදාක බොඳ උනා
මාරුතය හැමූ විට මුලු හිතම සෙල උනා
නොදන්නා හදවතක්‌ සෙනෙහසින් ලන්වෙලා
හිනැහුනා ආදරෙන් සිහිල් සුළඟක්‌ වෙලා..


ලස්සන අදහස්.... දිගටම ලියන්න.... දිගු ගමනකට මගෙන් සුබපැතුම්...!       :003:

Max456123:


මහමෙරක්‌ පැතුම් ළග අත්වැලක්‌ වී නිබඳ
ජයගන්න නුඹෙ දිවිය සවියක්‌ව ඉඳින්නම්
ආදරේ මුදු පහස සොයන කළ මගේ සඳ
හදවතින් නුඹේ ළඟ විකසිතව හිදින්නම්...

මල් සුවඳ මුසුවෙලා මඳ සුළඟ හමන කළ
සිත් කොනෙක නුඹේ ළඟ උණුහුමට රැදෙන්නම්
තනිකමක දැවටිලා කඳුලු බිඳු වැටෙන කළ
අමිල වූ සෙනෙහසින් නුඹේ තනි මකන්නම්...


මේ අහස යට අප මුණ ගෑහුනු සෑම දින
                නුඹ මගේ ලෙස හෑගුනේ ඈයිදෝ සොයමි මම තව...     :021:

Max456123:

--- Quote from: Prabhashini Podi on March 21, 2012, 02:36:01 AM ---

ලස්සන අදහස්.... දිගටම ලියන්න.... දිගු ගමනකට මගෙන් සුබපැතුම්...!       :003:

--- End quote ---


_____- ස්‌තූතියි PoDDiye   :045:

Navigation

[0] Message Index

[#] Next page

[*] Previous page

Go to full version