Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Suhasini on January 02, 2013, 12:14:25 PM

Title: කනවා පරිප්පූ
Post by: Suhasini on January 02, 2013, 12:14:25 PM
(http://www.sinhalaya.com/userimages/imgs/downlorcr.jpg)
හොඳටම වෙරිවෙන තරමට බීලා       කසිප්පූ
කන්න උයා නැත කියමින් වෙලා     ඔරොප්පූ
හැමදාමත් මට දෙනවා පාර            සෙරෙප්පූ
අනේ අපොයි විවාහවී කනවා             පරිප්පූ

 :013: :034: :002:
Title: Re: කනවා පරිප්පූ
Post by: Suhasini on January 02, 2013, 03:55:13 PM
(http://www.sinhalaya.com/userimages/imgs/4308083778.jpg)
සතුටෙන් ඉන්නට පැතුම් පතාගෙන
කරගත්තා ඇය  මගෙ බාරී
මොන සතුටක්දෝ බොරු වරදක්ගෙන
නිතරම ඇය දානව ගෝරී
තනිකඩකම මොනතරම් අගේදැයි
දැන්නම් හොඳටම ඇත තේරී
කසාදයක් නොව මරාලයක් මේ
මැය නම් මගෙ කරදරකාරී

 :023: :018: :50: :036:
Title: Re: කනවා පරිප්පූ
Post by: Suhasini on January 02, 2013, 04:09:35 PM
(http://www.sinhalaya.com/userimages/imgs/3765293769.jpg)
විස්වාසය දිවිය පුරා සුරකින හැගුමන්         දරා
වාසනාව පිරි දිවියක් ගැන පැතුමන් සිත    පුරා
හරි මග යන්න දුක් කරදර ඉවස                දරා
යහපත සතුට ඔබ වෙත එනු ඇත            ඉඳුරා