Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Suhasini on January 04, 2013, 09:11:06 PM

Title: දෑවැද්ද
Post by: Suhasini on January 04, 2013, 09:11:06 PM
(http://www.sinhalaya.com/userimages/imgs/imagescafx.jpg)

කටු අකුලෙ ඉපදුණෙන්
දායාද නැතිකමින්
සුපිරිසිදු යුවතියන්
දැවෙන කල දුක් සිතින්
සිටු මැදුරෙ මව්වරුන්
යුවති බව අඟවමින්
කුලගෙයට පිවිසෙමින්
සිනාසෙයි සොම්නසින්

Title: Re: දෑවැද්ද
Post by: Suhasini on January 04, 2013, 09:28:40 PM
රුවන් කහවණු බරට අරගෙන
බිරිඳ පදවිය ඇයට ලැබදී
රැගෙන ආවෙමි මගේ නිවසට
ලොවක් ජයගත් රජෙකු විලසට
ගෙනා දෑ ගැන බරට සිතමින්
සිහසුනෙන් මා දමා ඉවතට
රැජිණ පදවිය ඇය දරන කල
සුවච කීකරු යටත් වැසියෙකි මා