Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on February 10, 2015, 01:28:21 AM

Title: මෙව්වා කුමක් නම් නොදකින්නේ ඈ ය..
Post by: w乇乃ᄊム丂イ乇尺 on February 10, 2015, 01:28:21 AM
කිව්වා නොකිව්වා ඈ පැතුවේ මා ය
ලිව්වා නොලිව්වා හද රැඳුනේ ඈ ය
සෙව්වා නොසෙව්වා මග රැඳුනේ මා ය
මෙව්වා කුමක් නම් නොදකින්නේ ඈ ය

- ආදරණීය "මම"

හෙවත් චන්න ඊ. කටුවාවලගේ
Title: Re: මෙව්වා කුමක් නම් නොදකින්නේ ඈ ය..
Post by: nsgalagedara on March 11, 2015, 09:28:04 PM
ehenam mata hithenne heenayak dakala thiyenne :la
Title: Re: මෙව්වා කුමක් නම් නොදකින්නේ ඈ ය..
Post by: w乇乃ᄊム丂イ乇尺 on March 23, 2015, 03:15:48 AM
අතීතය කියන්නෙත් එක්තරා ආකාරයක හීනයක් ම තමයි බං..

ehenam mata hithenne heenayak dakala thiyenne :la
Title: Re: මෙව්වා කුමක් නම් නොදකින්නේ ඈ ය..
Post by: sithuwili on September 05, 2015, 11:18:54 AM
දුටුවත් සිහිනෙන් බෑලුවත් දෑසින් ඒ රුව ඔබේය
ඈසුනත් නෑසුනත් රෑවු පිලිදුන්නා ඔබේ හඩය
යන එන හෑම තෑන සෙව්වේ මා ඔබවය
සිතුවත් නොසිතුවත් දුටුවෙමි මා අද ඔබේ කවිය
Title: Re: මෙව්වා කුමක් නම් නොදකින්නේ ඈ ය..
Post by: w乇乃ᄊム丂イ乇尺 on September 05, 2015, 04:26:36 PM

ඔබ උන්නා ඇස් මානේ සිනා සිසී
ඇය උන්නා දුරු මානේ බලා නිතී
දෙන්නා ඉඳින්නේ මේ මං ගැන ම සිතී
මට නම් එන්නෙ නැත අදහසක් කිසී
  :030:
Title: Re: මෙව්වා කුමක් නම් නොදකින්නේ ඈ ය..
Post by: sithuwili on September 05, 2015, 05:01:20 PM
පින් වපරෙ ඔබේ දෑසේ තවම ඈති
ඒ හින්දයි ඈ බෑලුවේ සිනා සිසි
ඈය උන්නේ දුරු මානේ පවා රෑදි
ඉවසිය නොහෑකි හින්දලු නුබේ ගද ලග ඉද්දි