Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: sithuwili on October 24, 2015, 08:50:00 PM

Title: බිදුණ මිතුදමක්
Post by: sithuwili on October 24, 2015, 08:50:00 PM
මම ලියන දේ දැක
නුඹ කුමක් සිතුවත්
කම් නැත මට
සිතිය හැක නුඹට
මම විරහවකින්
දුක් විදින බව
සත්‍ය වේ එය
නමුත් පෙම්
විරහවක් නොව
බිදුණ මිතුදමක් ගැන
සොවින් තැවෙනා මම
ලියමි පද අමුණා ගෙන
සිතේ ඇති දුක
පහව යන තුරු මට
ලියන පද
වැලක් ගානේ
සුවය දැනේ
මට රහසේ
දිනක යළි
දිනක පෙරසේ
හැදුන විට සිත
මගේ සිත්සේ
සමු දෙමි මම
කවියට රිසිසේ