Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => ජීවිතය වෙනුවෙන්... | inspiring life => Topic started by: sapukumara on February 24, 2007, 01:25:07 PM

Title: Andare Yanu ??
Post by: sapukumara on February 24, 2007, 01:25:07 PM
"අන්දරේ" ගැන දැන ගනිමු..!  
http://www.sinhalaya.com/network/index.php/topic,3772.0.html
Title: "අන්දරේ" ගැන දැන ගනිමු..! ( Kauda Me Andare? / sinhala-image version)
Post by: w乇乃ᄊム丂イ乇尺 on October 27, 2010, 11:12:44 PM
කොතන වූණත් හරි තෙද මැණිකරූ  ඇතී
රුව ඇත්නම් අඩූ කුලයට කමක්   නැතී
"අන්දරේ" යන නාමය ඇසූ පමණින් අපගේ සිතට නැඟෙනූයේ රජ කාලයේ අප රටේ සිටියා වූ කවටයකු පිළිබඳ වූ චිත්ත රූපයකි.

අන්දරේ ජීවත්ව සිටියාවූ රාජ්‍ය සමය කුමක්ද යන්න පිළිබඳ නොයෙකුත් ආකාරයේ මතයන් පවතින අතර ඉන් එක් මතයක් වනූයේ "ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය කාලයේ අන්දරේ ජීවත් වූ බවය." අනෙක් මතය වනූයේ "කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමය ආශ්‍රිතව අන්දරේ ජීවත්වූ බවය. මෙම මතයන් අතුරින් බොහෝ දෙනා පිළිගන්නා වූ මතය වනූයේ "ශ්‍රී ජයවර්ධනපූරය තම රාජධානිය කර ගනිමින් වාසය කළ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලය ආශ්‍රිතව අන්දරේ වාසය කළ බවය."

අන්දරේ උපත ලබා ඇත්තේ දකුණූ පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල නම් වූ ග්‍රාමයෙහිය. දුරාව නම් වූ කුල වංශයට අයත් වන අන්දරේ උපතින්ම ලද සහජ කුසලතාව තුළින් කවියෙක් මෙන්ම කවටයෙක්ද වූවා මිස ඔහූ කවිකම දායාද කරගනූ ලැබූවේ උගත්කමින් නම් නොවේ. රජ වාසල කවටයා ලෙසින් අන්දරේ පත්වූයේ රජූගේ නින්දට බාධා කළ පොකුණේ සිටි මැඩියාට ඊතලයෙන් විද මරණයට පත් කිරීමෙන් අනතුරුවය. මේ සඳහා අන්දරේ වෙත රජතුමා විසින් "සද්ද විද්ද පළඟ පතිර...." ආදී වශයෙන් වන ගෞරව නාමයක්ද පිරිනමනූ ලැබීය.

අන්දරේ ප්‍රධාන කර ගනිමින් නිර්මාණය වී ඇති රසවත් කතාවන් ප්‍රමාණය ද ඉතා විශාලය. ඒවා අතුරින් අන්දරේ කුඩා කාලය ආශ්‍රිතව ගොනා වගේ සිටි ආකාරය, අන්දරේ තම බිරිඳට හා රජ බිසවට දෙදෙනාට දෙදෙනා බිහිරි බව ප්‍රකාශ කිරීම, අන්දරේ ළිඳට පැනීම, අන්දරේ කාන්තාවන්ගේ තන මැනීම යනාදී කතා වස්තූන් ඉතාමත් ජනප්‍රිය ය. අන්දරේ විසින් නොයෙකුත් අවස්ථාවන් වස්තු විෂය කර ගනිමින් ප්‍රකාශ කළ කවි ප්‍රමාණය අතිවිශාල අතර ඒ අතුරින් පාඨක ඔබට ඉදිරිපත් කරනූයේ අන්දරේ විසින් ප්‍රකාශිත කවි අතුරින් ඉතාමත් ස්වල්ප ප්‍රමාණයකි.

අන්දරේ විසින් ප්‍රකාශිත කවි පිළිබඳ විමසා බැලීමේදී අනාවරණය වනූ ලබන කරුණක් වනූයේ රූමත් කාන්තාවන් වස්තු විෂය කර ගනිමින් නොයෙකුත් අවස්ථාවන්හිදී කවි පවසා ඇති බවය.

යොවූන් වියේදී අන්දරේ විසින් කී කවියක්:
පල ඇත්නම් වවූලොත් එල්ලෙ   තිපේනූ
රුව ඇත්නම් අපටත් බස් දෙති   ගෑනූ
දෑසින් එන කඳුළු පිස දමමින්   මූනූ
ඉතින් මොටද මේ වයසට නැති   ගෑනූ

රූමත් වූ රොඩී කාන්තාවක් දුටූ අවස්ථාවෙහි තරුණ අන්දරේ විසින් කී කවියක්:
මහ මී කුඩා මී හිමයේ බොහොම   ඇතී
කොයි කොයි මලෙන් මූත් බඹරුන් රොන්   ගනිතී
කොතන වූණත් හරි තෙද මැණික රූ   ඇතී
රුව ඇත්නම් අඩූ කුලයට කමක්    නැතී

මනාලියක් බැලීමට ගිය අවස්ථාවෙහි අන්දරේ විසින් කී කවියක්:
විවාහ යෝජනාවක ප්‍රතිඵලයක් මත මනාලියක් බැලීමට අන්දරේ ගිය අවස්ථාවක ඔහූ දුටූවේ මනාලිය හූදෙකලාවී සිටින ආකාරයකි. ඇයගේ රූපයෙන් සතුටට පත් අන්දරේ ප්‍රකාශ කළේ මෙවන් වූ කවියකි.

වතට ලවනතට නූඹ බලන බැල්මට
වරලට ගෙලට නළලට නායිකාවට
ගමනට බසට නූඹහට ලොබ කළ මෙමට
කුමකට කියමි නිදි නැත රැය තුන්යමට

අන්දරේ සිය පෙම්වතියට කී කවියක්:
රූමත් කාන්තාවක වූ තම පෙම්වතිය බැලීම සඳහා අන්දරේ ඇයගේ නිවසට යනූ ලැබූවේ රාත්‍රි කාලයෙහිදීය. මෙහිදී ඇය සිටියේ අන්දරේ පිළිබඳ ආදරයක් නැතිවා සේ වචනයක් හෝ කතා බහ නොකර ලජ්ජාශීලී ලෙසින් ඉවත බලා ගෙනය. එහිදී අන්දරේ ප්‍රකාශ කළේ මෙවන් වූ කවියකි.

පායන්නේ තරිඳු ලොව එළිකරන මෙනී
රෑ එන්නේ ළඳේ නූඹ වෙත ගත් ලොබිනී
නොසොයන්නේ මෙමා පූරුවෙ කළ පවිනී
ගෑනූන්ගේ අරුම දැනූණේ මට නූඹෙනී

තරුණ කාන්තාවන් පිරිසක් කුඹූරක වී වපූරනූ ලබන අවස්ථාවක් දුටූ අන්දරේ කී කවියක්:
මිට මිටේ වපූල වී කන්නේ  සේරූ
පිට රටේ ඇවිත් මොටදැයි කයි   වාරූ
කට වටේ මගේ වැට බැන්දේ  කවූරූ
පිට පටේ නැතුව වැපූරුම නැත සීරූ

පලා නෙළමින් සිටි කාන්තාවන් පිරිසක් දුටූ අන්දරේ විසින් කී කවියක්:
පූල පූලා ඇවිත් බැස මලට   ආරට
හෙල හෙලා බඳින වරලෙස පිට   කරට
බල බලා මදෙස මූවරද   සිනාවට
විල පලා නෙළන කත හොඳලු   පහසට

කජූ ගසකට නැඟ කජූ කඩන "මේනූ" නම් තරුණිය දැක අන්දරේ විසින් කී කවිය:
වානූ බැරිය දුටූ දෙය නොකියා ඉතිනේ
පේනූ කර ගෑනූ ගුවනේ වඩින්නේ
මේනූ නැමැති කත සිටි කජූගස මූදුනේ
රේනු නැති මලකි කලියූගයට පිපූනේ

"සිරික්කා" නම් වූ තරුණියක් ළිඳේ වැටූණූ අවස්ථාවෙහි අන්දරේ විසින් කී කවිය:
ගහක් කොළක් නම් කප්පා ගොඩ   අදිමී
ලෙඩක් දුකක් නම් හත්දා බලි   අරිමී
යමෙක් කළා නම් පන්සිය පලි   ගනිමී
සිරික්කා ළිඳේ වැටූනට මක්   කරමී

හාල් පිටිටූ වෙළෙඳාමේ යෙදී සිටි කාන්තාවක් වෙනූවෙන් අන්දරේ කී කවිය:
හාල් පිටිටූ වෙළෙඳාමේ යන කාන්තාවක් හමූවූ අවස්ථාවෙහි අන්දරේ විසින් ඇයගෙන් අසනූ ලැබූවේ පිටිටූවල මිල ගණන්ය. අන්දරේව හඳුනාගත් එම කාන්තාව පිටිටූ වල මිල ගණන් ප්‍රකාශ කළේ වැඩි මිලකටය. එහිදී අන්දරේ ප්‍රකාශ කළේ මෙවන් වූ කවියකි.

අඩූව සහය නොතිබෙයි ලොව සැම දාම
රොඩූව බොල් ගසේ සූඹූලේ පිටකෑම
නඩූව තුටිටූවේ තුන නම් මේකෑම
බඩූව ඇති අයගෙ කැමතිය වෙළඳාම

අන්දරේ විසින් සිය බිරිඳට කී කවි:
අන්දරේගේ බිරිඳ දිනක් ඔහූට ප්‍රකාශ කළේ අන් අයට කවි කියන්නාක් මෙන් තමා වෙනූවෙන් කවියන් ප්‍රකාශ කරන ලෙසටය. මෙහිදී අන්දරේ ප්‍රකාශ කළේ වතුර කළගොඩියක් රැගෙන තමා ඉදිරියට පැමිණෙන ලෙසට හා තමා කවිය ප්‍රකාශ කර අවසන් වනවාත් සමඟම වතුර කළය බිම දැමිය යූතු බව හා එමගින උවදුරු පැමිණීම වැළකෙන බව හා නැතිනම් වස් වැදී මරණය වැනි දරුණූ විපත් පැමිණෙන බවය.

ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න   පීරනා
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න   ආරනා
තන දෙස බැලිමි රන් කුඹූ වැන්න  එල්ලෙනා
ලිය දෙස බැලිමි සූරිය වැන්න  පායනා

කෙසේ වූවද ඇය කළය බිම අත් නොහැර අන්දරේ දෙස බලා සිටි අතර අනතුරුව අන්දරේ ප්‍රකාශ කළේ මෙවන් වූ කවියකි.

ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න  පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
තන දෙස බැලිමි වැටකොලු වැන්න  එල්ලෙනා
ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දලුකනා

මෙම කවිය ඇසූ ඇය අමනාපකමක් දැක්වූ අතර එය දුටූ අන්දරේ ප්‍රකාශ කළේ පළමූව කී කවියෙන් ඇති විය හැකි වස්දොස් දුරුවීම සඳහා දෙවැනි කවිය තමා ප්‍රකාශ කළ බවය. අන්දරේ ළිඳට පැනීම හා සම්බන්ධිතව බිරිඳ ගෙයින් පිටත සිටියදී ගෙය ඇතුළත සිටි අන්දරේ විසින් සිය බිරිඳට කී කවිය:

ළඳේ සොඳ බසක් ඇත පෙර   පඬින්නේ
ඇදේ ගැන ඇදේ කෙරුමය   ඔබින්නේ
හදේ තිබූ තදේ නැත දැන්  පෙනෙන්නේ
ළඳේ ඉකි බිඳේ ඇයි නූඹ  අඬන්නේ

රජතුමා හා අන්දරේ අතර ඇති වූ ඉබ්බා ගැන පිළිබඳ වූ කවි සංවාදය:

රජතුමා:
දාර දෙකයි එක නම මූල් කර තැනූවා
පාර තිහක් ගැහූවට බියකුත් නැතුවා
කොන් සතරයි කනූ සතරයි ගෙට ඇතුවා
තෝරාපන් ඊයේ මඟදී දුටූවා

අන්දරේ:
දාර දෙකක් එක මැද එක ගැවසීය
වටපිට යන කලට කනූ සතරෙන් යාය
ගෙට වැඩි කලට කිසි බයකුත් නැතුවාය
මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය

වර්ෂාවට තෙමී තෙමී පැමිණි අන්දරේට රාජ කුමාරිකාවන් විසින් කළ සරදම:
වැස්සේ තෙමී තෙමී පැමිණෙන අන්දරේ දුටූ රාජ කුමාරිකාවන් වර්ෂාවෙන් මිදීම සඳහා රාජ මාලිගාවට පැමිණෙන ලෙස අන්දරේගෙන් ඉල්ලා සිටියාය. අන්දරේද මාලිගාවට පැමිණි අතර එහිදී සීතලෙන් වෙව්ලමින් සිටි අන්දරේ දෙස බලමින් කුමාරිකාවන් උසූලු විසූලු කරමින් අන්දරේට සමච්චල් කරන්නට වූවාය. එම අවස්ථාව අන්දරේ කවියට නඟන්නේ මෙසේය.

ලමිස්සියෝ දෙන්නෙක් එක තැනට   වූණොත්
තඩිස්සියක් වනතෙක් බොරු වදන්   දොඩත්
ඇවිස්සියෝ නූඹලයි මගෙ සිත ගනිතොත්
ලමිස්සියෝමය මට දැන් පිහිට   වෙතොත්

මෙම කවි පද ඇසූ කුමාරිකාවන් ලැජ්ජාවට පත්වූ අතර ඔවූන් රජ මාලිගාවේ දොරගුලුලා කවූලුවක් සමීපයට පැමිණ අන්දරේට උසූලු විසූලු කරන්නට වූවාය. තව දුරටත් ඔවූන්ගේ ක්‍රියා කලාපයන් දෙස බලා සිටි අන්දරේ මූවින් පිටවූයේ මෙවන් වූ කවි පදයන්ය.

හිනා වැඩි කළේ මට හිත් ඇති හේමා
වනා හිස නටයි මද රජ දැන පේමා
යනා දොර වසා කවූලුව හැර දීමා
මනා බව දැනේ පෙර සිරිතත් ඔහොමා

මෙම කවිය ඇසූ කුමාරිකාවන් කවූලුවද වසා දමා ගිය අතර වර්ෂාව තව දුරටත් පවතින දුටූ අන්දරේ අහස දෙස බලමින් මෙම කවිය ප්‍රකාශ කළේය.

වැස්සා හොඳයි වතු වඩදිය ගලායයි
ලිස්සා නොවටෙන්ට මඟ මඩ සදාලයි
පිස්සා කියයි තවදුර වැසි දුනොත්ලයි
වස්සා වලාහක දෙවිතුම පලායයි

මහරජතමාට බිසවූන් වහන්සේගේ ඇති ලැදිකම පිළිබඳ අන්දරේ කී කවි:
රාත්‍රි කාලයක රජතුමා සහ රජ බිසව වැලි තලාවක් මත හිඳගෙන සිටියදී රජතුමා විසින් තම බිසවූන් වහන්සේට තමාට කොතරම් ලැදිකමක් ආදරයක් දක්වන්නේද යන්න අන්දරේගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහූ විසින් ප්‍රකාශ කළේ මෙවන් වූ කවියකි.

බොහොම හොඳට රන්කම් කළ වැඩක් වගෙයි
දේවතුමට මහ බඹූ දුන් ලියක්    වගෙයි
ලෝකෙ ඉන්න පඬිහට පිස්සූවක්   වගෙයි
කොහොඹ ගහට කරවිල වැල ගියා   වගෙයි

මෙහි අවසාන කවි දෙපදය පිළිබඳ රජ බිසව තුළ ඇති වූයේ නොසතුටය. දෙනෙතෙහි කඳුළු පූරවාගෙන ඇය රජූ දෙස බැලූ අතර අනතුරුව අන්දරේ රාජ උදහසට ලක්විය. එයින් බියට පත්වූ අන්දරේ ප්‍රකාශ කළේ මෙවන් වූ කවියකි.

කොහොඹ හොඳ දේට වෙදවරු    ගනිත්තා
කරවිල අම පලක් ලෙස ගෙන   උයන්නා
පඬිවරු පිස්සූවක් මෙන් නිති  බනින්නා
මම්වද වරදකරු අහකින්    සිටින්නා

මෙම කවිය ඇසීමෙන් රජ බිසව සතුටට පත්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසට අන්දරේට තෑගි බෝග ද ලැබිණි.

අන්දරේ රජ කුමරියට පැවසූ කවි:
රත්තරනින් නිමවන ලද කළයක් උකුලේ තබාගෙන රජ කුමරිය උදෑසන දියට ගොස් එනූ ලැබූ අවස්ථාවෙහිදී ඇයට සරදමක් කරලීමේ අදහසින් අන්දරේ පැවසූවේ මෙවන් වූ කවියකි.

කට කැඩි කළේ දිය උකුලේ තබාගෙන
ලොට තන දෙකක් ගෙරි සමකින් වසාගෙන
තඹත් ලෝකඩක් දෙවගේ පැළඳගෙන
රොඩී කෙල්ල කොයි යනවද    උදෑසන

මෙම කවිය ඇසූ රාජ කුමරිය නොසතුටට පත්ව මේ බව මහ රජතුමාට පැමිණිලි කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙසට අන්දරේ රජ වාසලට කැඳවීය. එහිදී අන්දරේ ප්‍රකාශ කළේ තමා විසින් පැවැසූවේ මෙම කවිය බවය. එම කවිය මෙසේය.

රන්තැටි කළේ දිය උකුලේ තබාගෙන
රන් කුඹූ දෙකක් සළු පටකින් වසාගෙන
රිදිත් රත්තරං දෙවගේ පැළඳගෙන
මල්මද බිසව් කොයි යනවද   උදෑසන

තවත් දිනෙක ළිඳට යනූ ලැබූ රජ කුමරිය දුටූ අන්දරේ කී කවිය:
රන්වන් එරවන් රන්වන් නූඹ   බඳට
රන්වන් වළලු අත දමමින් කළ  යවට
නිල්වන් වරල පීරාලා පිට   දිගට
සෙල්ලන් ගමනකින් යනවද ළිඳ   ළඟට

අන්දරේ ඔහූගේ බිරිඳට පැවසූ කවියක්:
කොළඹ කළුතර අලුත් ගන්තර මූනේ මාතර ගාල්ලේවත්
සපරගමූ පූත්තලම උඩරට කොච්චිවාරම් තොටමූනේවත්
සතර සත් කෝරලෙ ඇතුලුව මෙවැනි වැදි පත්තු හතේවත්
නූඹසෙ ලස්සන කතක් නූදුටිමි සතර වාසල් කොන් අටේවත්

රජ මාලිගාවේ මූළුතැන්ගෙය අසල රජ බිසව සිටිනූ දුටූ අන්දරේ ඇයට කී කවි:
අඬන්නේ දරුවො කිරි ඕනෑම    වෙලයි
දාඩන්නේ රහස මොකවත් හිතිල   වගෙයි
රජූන්නේ දානෙ ලැබූ එක ඉවර   හැඩයි
බොලන්නේ මඟුල හරි නම් රජූට   විනයි

මෙම කවිය ඇසූ රජ බිසව අඬමින් ගොස් රජතුමාට මේ බව දන්වා සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙසට රජතුමා විසින් අන්දරේ රජ මාලිගාවට කැඳවා මේ පිළිබඳ විමසා බැලීය. එහිදී අන්දරේ ප්‍රකාශ කරන ලද්දේ තමන් විසින් කියන ලද්දේ මෙවන් වූ කවියක් බවය.

අඬන්නේ දරුවො බඩගිනි වූණාදෝ
දොඩන්නේ බිසව මස් වැඩි වෙලාදෝ
රජූන්නේ විමනෙ මඟුලක් අරන්දෝ
බොලන්නේ අපට සෙත දැන් නටන්දෝ

අන්දරේ විසින් වෙනත් අයකු පිළිබඳ තම සිතෙහි ව අසතුට ප්‍රකාශ කළ අන්දම:
තුටූ දේපා කරවන මට නොවන   උපා
දුටූ කෝපා වඩවන තෝ අපට   එපා
තොපට එපා නන් එක වාරයක්   අපා
අපට එපා පන්සිය වාරයක්   තොපා


පොතපත ඇසුරින් සකස් කලේ,
තුෂාර චමිත් උල්විස් හේවා





Image Version:
(http://www.sinhalaya.net/store/Andare_27_10_2010_Sinhalaya.jpg)