Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විවෘත සංවාද - open discussions => කතා බහ | general => Topic started by: dagayaİ on March 18, 2009, 10:53:30 AM

Title: *** Dancing Dancing StaR ****
Post by: dagayaİ on March 18, 2009, 10:53:30 AM
(http://img25.imageshack.us/img25/9986/79715731.jpg) (http://img25.imageshack.us/my.php?image=79715731.jpg)
Title: Re: *** Dancing Dancing StaR ****
Post by: Maxi on March 19, 2009, 04:33:57 PM
Moda film ekak.... Katha karannawath watinne ne Dagayo.....
Title: Re: *** Dancing Dancing StaR ****
Post by: Ynot? on March 21, 2009, 03:15:09 AM
මම නෙට් එකේ අවිදින ගමන් මෙ පොස්ට් එක දැක්කේ,
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............. කතා බහ කරන්න, අදහස් හුවමාරැ කරගන්න, සිතිවිලි අත්දැකීම් කිහිපයක් තියනව, මෙ ගැන.

හ්ම්ම්ම් මම ඉතින් ඔය, සිරස බලන්නේ නැහැ. දවස් ගානක් මගේ ලොක්කි, මට ඇවිටිලි කලා, ඩාන්සින් ස්ටාර් කියල ෆිල්ම් එකක් තියනවා බලන්න ඔනේ කියලා, හ්ම්ම්ම්ම් මට කොයින්ද ඉතින් ඔවට වේලාවක්, එම් සී එකේ සැහෙන පොලිමක් තියනවා ෆිල්ම් එක බලන්න, කියල ආරන්චියකුත් තිබුනා, ඉතින් චාටර් වෙන්න බැරි නිසා මමත් වැඩ ගොඩක් මැද්දෙ සිකුරාදා දවසක කිලොමීටර් 15 විතර ගෙවාගෙන ගියා එම් සී එකේ, ෆිල්ම් හොල් එකට, ටිකට් දෙකක් බුක් කරගන්න, වෙලාව හරියටම 4.15 විතර ඇති, ටිකට් කවුන්ටරේ, බුවෙක් හිටියා, මම උට කිවිව, ඉතින් මම අපු කාරනේ, උ එතකොට කියනවා ටිකට් බුක් කරන්න හවස 4 ට කලින් එන්න ඔනේ කියලා, යකො දැන් 4.15 වෙලාව, මම කිවුව, ඔයාට පුලුවන්නේ සපොර්ට් එකක් දෙන්න කියලා, උ එපාර කියනව අපි ටිකට් බුක් කරන්නේ, ඔන් ලයින්, ඔන් ලයින් ටිකට් බුකින් 4 ට ක්ලොස් වෙනවා, ඉට පස්සේ ඉතින් ටිකට් බුකින් බැහැ කියාලා, මට ඉතින් උත් එක්ක මාරයා නැග්ගා, උ ඉතින් මොනවා කරන්නද? පඩියට වැඩ කරන එකෙක්නේ. උ හිතුවෙ මම නෙට් එකේ අවිදින එකෙක් නෙමේ කියලයි, උ කතා කරපු විදිහට මට තේරුනේ
එම් සී එකේ ඩාන්සින් ස්ටාර් ෆිල්ම එක බලන්න ටිකට්ස් බුක් කරන්න තිබුනේ www.etickets.lk වෙබ් සයිට් එක හරහා, වෙබ් සයිට් එකේ මුල් පිටුවේ විස්තර තිබුනා ෆිල්ම් එක බලන්න ටිකටිස් බුක් කරන්න පුලුවන් කියලා හැබැ ඉතින් අඩුම තරමින් ගාන කීයද, වෙලාව කියද, කියන මුලික විස්තරවත් නැහැ, හොම් පේජ් එකේ ලින්ක් එක හරහා කෙලින්ම යන්නේ, පුද්ගලික විස්තර ඇතුලත් කල යුතු වෙබ් පිටුවකට, ඉතින මම නෙට් එකේ වෙබ් සයිට් ටිකක් දන්න නිසා, එක බුක් කලේ නැහැ, මොකද ඉතින් එ www.etickets.lk වෙබ් සයිට් එක කරන්නේ Ceylinco Internet Services Ltd කියන සෙලින්කො සමුහ වියාපාරයට අයිති කොම්පැනි එකකින්, සභාපති රිමාන්ඩ් කරල, තියන, කොම්පැනි එකකට මොන මොඩයද, පුද්ගලික විස්තර දෙන්නේ, නම, ලිපිනය, උපන්දිනය, ක්‍රෙඩිට් කාඩ් නම්බර් දුන්නහම, මගේ මගේ කෙරෙඩිට් කාඩ් එකේ රහස්ය බාවය මොකක්ද? අනික ඔන්ලයින් ටිකට් බුකින් නම්, පැය 24 ම වැඩ කරන්න ඔනේ, හවස 4 ට වහන, ඔන්ලයින් ටිකට් බුකින් මොන බම්බුවක්ද? එක ඉතින් කාටත් තෙරෙනවනේ ඔන්ලයින් ටිකට් බුකින් කිවුවට තාමත් මැනුවල් තමයි, හවස 4 ට ඔෆිස් වහනවනේ, හිහ් හිහ් හිහ්..............
අන්තිමට ඉතින්, මම මගේ ලොක්කි එක්ක ඉරිදා දවසක ෆිල්ම් එක බැලුවා.
ඔන්න දැන්තමයි මගේ ඔලුව මේ තෙරෙට් එකට සේට් වෙන්නේ, හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් ෆිල්ම් එක අන්තිමයි, මොන විකාරයක්ද? රිදී තිරයේ අලුත්ම ගේමක්, ෆිල්ම එකට එ තරම් බජට් එකක් දාලා නැහැ, සේරම කැමාරා ඇන්ගල් අරගෙන තිබුනේ, සාමන්ය ටෙලි නට්‍ය් ඇන්ගල් වලින්, රසයක් නැහැ, කුතුහලයක් නැහැ, සින්දු වැඩක්ම නැහැ අපරාදෙ රුපියල් 700 කියලත් හිතුනා, පහල තියන KFC එකෙන් කැවනම් බඩවත් පිරෙනවා. මට තේරුන විදිහට, ෆිල්ම් එකේ බජට් එකෙන් අඩුම වියදම දරලා තිබුනේ නිශ්පාදනයට, වැඩිම, වියදම, ප්‍රචාරනයට, හිහ් හිහ් හිහ්, තුසාර දිනාල් හොද බිස්නස් මොලයක් වගේ............. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ෆිල්ම් එකේ ඉන්ටර්වල් එක, මමත් එලියෙ තියන කැන්ටිමට අවා, බොන්න මොනවා හරි ගන්න කියලා, ඔන්න එතකොටම මට සෙට් උනේ මගේ පරන ස්කොලේ යාලුවෙක්, උ ඉතින් කතාවත් එක්කම අදලා ගත්තේ සිකරටිටුවක්, මටත් එකක් උරපන් කියලා උ දික් කලේ ස්කොලේ යන කාලේ හොරෙන් ගහපු පරණ පුරුද්දට, හිහ් හිහ්, මම ඉතින් යාලුකම කෙසේ වෙතත් උගේ සිගරට්ටුව ප්‍රතික්සේප කලා, උ පත්තු කලා විතරයි, සිකුරිටි කොලු ගැටයා දුව ගෙන ඇවිත් කියාපි සර් මෙතන දුම් පානය තහනම්, එතනම තියන පඩි පෙලෙන් පහලට බැහැල පානය කරන්න කියල, වරෙන් මචන් පොඩ්ඩක් කියලා මගේ ෆ්‍රෙඩා කතා කල නිසා මමත් උත් එක්කම බැස්සා, අතුලෙන් තියෙන පඩි පෙලන්, ෆිල්ම එක බලන්න අපු කොල්ලො සේරම, එක අස්සේ, හිහ් හිහ් හිහ්.........
මම ඉස්සෙල්ලා කිවුවා වගේ ෆිල්ම එක ඉතින් අන්තිමයි, කතාව අනුව ඉතා උච්ච්තම අවස්තාවලදී, දෙබස් සහ රූප රාමු අන්තිමයි, අන්තිම හරියේ සින් එකක් තියනවා ප්‍රදාන නිලියගේ මුඩුක්කු ගෙවල් වලට ගිනි තියනවා, ඇය ඩාන්සින් ස්ටාර් තරගවලියේ අවසන් තරගයට සහභාගි වෙනකොට, මේක බ්‍රෙකින් නිවුස් වලින් දකින ඇය දුවගෙන එනවා, ගෙදරට, ගෙවල් හරියෙදී සිරස, බ්‍රෙකින් නිවුස් ලයිව් බ්‍රොඩ් කාස්ටින් එකක් ඇයට අවස්තාවක් ලැබෙනවා කතා කරන්න, අන්තිමයි රුප රචනය තියා වචන 10 ක් කියන්න, බැහැ හරියට, මට හිතුනේ තුසර දිනාල්ට වඩා මට ඩිරෙක්ටින් පුලුවන් කියලා, මොකද සාමාන්‍ය වෙඩින් එකක් වීඩියො කරන එකෙක්, ඉට වඩා හොදින්, කපල් (Couple) එකව, ඇක්ට් කරවනවා හිහ් හිහ් හිහ්...... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මට අල්ලපු එකම තැනයි තියෙන්නේ, එ තමයි චිත්‍රපටිය පුරාවටම, මාලනී ෆොන්සේකා (ච්ත්‍රපටියේ, ඩාන්සින්ස්ටාර් වැඩසටහන් නිශ්පාදක ගේ බිරිද ) රවීන්ද්‍ර රන්දෙනිය (ඩාන්සින්ස්ටාර් වැඩසටහන් නිශ්පාදක ) අඹු සැමි යුවල අතර ගැටුමක්, හෙතුව, රවීන්ද්‍ර රන්දෙනිය ප්‍රදාන නිලියට ලන්ව වැඩ කිරීම. රවීන්ද්‍ර රන්දෙනිය ප්‍රදාන නිලියව මොඩ් කරන්න ගිහින් මලිනී ෆොන්සේකගේ යාලුවෙකුට මට්ටුවෙනවා, එක ඉතින් මලිනි ෆොන්සේකාගෙ කනට යන්නේ මොබයිල් එකකින්, රවින්ද්‍ර රන්දෙනිය ගෙදර එනවා, එවිට, ඔවුන් දෙදෙනා අතර සිදුවෙන සන්වාදය හරිම අපුරුයි, තම සැමියා වෙනත් කාන්තාවක් සමග ශොපින් ගිය බව දැනගත් බිරිදක් සහ, බිරිදගේ වැරදි වැටහීම ඉවසා සිටින ස්වමිපුරුශයෙක්, ගැටලුවට වඩා ඔවුන් දෙදෙනා අතර තිබෙන ප්‍රේමය තව තවත් ස්මතු කරන වදන් පෙලක්, එ සින් එක එතරම් ලස්සන උනේ, අධයක්ශනය වත් දෙබස් රචනය නිසාවත් නොව, මාලින් ෆොන්සේකා, සහ රවින්ද්‍ර රන්දෙනිය ගේ පරිනත රන්ගනය නිසාවෙනි..... හිහ් හිහ් හිහ්.....

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් සිංහල අක්ශර විනාසයට මම තාම අලුත්, වැරදි ගොඩක් ඇති.. කියවීමේදි ඇතිවෙන අපහසුතවට සොරි


Ynot?
ඇයි නැත්තේ