Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => අහිමි වී ඔබ... | i miss you => Topic started by: Musiclover_85 on April 23, 2010, 09:33:36 PM

Title: [i]මගේමැයි සිතෙන නුඹට[/i]
Post by: Musiclover_85 on April 23, 2010, 09:33:36 PM
මගේමැයි සිතෙන නුඹට


සිතක් නෑ ඔබ දමා යන්නට
එහෙත් මා දැන් යායුතුව ඇත
නික්ම යන මුත් නුඹෙන් ඈතට
නුඹේ මතකයෙ සුවඳ මට ඇත


සොඳුරු රැයකදි නුඹ සමග හිඳ
පුංචි තරු කැට ගනින්නට මට
වරම් නැති වග දැන දැනත් මම
මගේ පෙම් සිත පුදමි නුඹටම


ප්රේමයේ දුක පෙලන විට හද
නෙතු කඳුලු කැට කියයි සිත හට
ලබා ගන්නට නොව නුඹට මම
පෙම් පිරූයේ ඈත සිට හිඳ


ඔයාගෙම කවී