Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විවෘත සංවාද - open discussions => සිංහලයා පුවත් ඒජන්සිය | sinhalaya news agency => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on June 30, 2010, 03:04:45 AM

Title: ප්‍රබල එල්.ටී.ටී.ඊ. වෘකයෝ බැටළු සමින් එති..
Post by: w乇乃ᄊム丂イ乇尺 on June 30, 2010, 03:04:45 AM
(http://www.sinhalaya.com/news/sin-unicode/newsgfx/Dr_JekyllMr_Hyde.jpg)
- මාධ්‍යවේදීන්, හිතවතුන් මුවාවෙන් රජයේ උසස් නිලධාරීන්ට හේත්තු වීමට සැළසුම්...

සී ඊ කටුවාවලගේ, සිංහලයා පුවත් ඒජන්සිය:
පරාජිත එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයෙහි ප්‍රබල ක්‍රියාකාරීන් විසින් මෙරට රජය සහ එහි උසස් නිලධාරීන් සමග අළුතින් සම්බන්ධතා ඇති කර ගැනීමේ සැලසුමක් පිලිබඳ නවතම තොරතුරු හෙළි කර ගැනීමට සිංහලයා පුවත් ඒජන්සියට සම්බන්ධ දෙස් විදෙස් ලියුම්කරුවන් සමත් වී ඇත.

දේශීය ව සහ ජාත්‍යන්තර ව විසිර සිටින එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීහු රැසක් විසින් ඉතාමත් සූක්ෂම අයුරින් මෙරට රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ මාධ්‍යවේදීන් සමග හිතවත්කම් පවත්වමින් සිටින අතර ඔවුන්ගේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් සමහරක් මේ වනවිටත් හෙළි ව තිබේ.

රජයට සම්බන්ධ ඇතැම් නිලධාරීන් සමග නිරතුරු "මිත්‍ර වේශයෙන්" කටයුතු කරන මේ "නිහඬ ත්‍රස්තයෝ" මෙරට මාධ්‍ය ආයතන සහ ඒවායේ මාධ්‍යවේදීන් සමග ද විවිධ මාර්ග ඔස්සේ සම්බන්ධකම් පවත්වමින් සිටින අතර මෙරට මාධ්‍ය ආයතන වෙත ඊමේල් පණිවිඩ ඔස්සේ "පුවත් ඊමේල්" ද යවමින් සිටියි. පසුගියද හිරු එෆ්.එම්. නමින් ක්‍රියාත්මක දේශීය ගුවන් විදුලි නාළිකාවක් විසින් ද සිය පුවත් විකාශය සඳහා ඉහත කී ත්‍රස්ත නියෝජිතයින් විසින් එවනු ලැබූ සාවද්‍ය කරුණු කිසිදු සොයා බැලීමකින් තොර ව ම විකාශය කර තිබිණි.
එම සලසුම් සහගත ඊමේල් පණිවිඩය එවා තිබුණේ ස්කැන්ඩිනේවියානු රටක වෙසෙන ප්‍රධාන පෙළේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරිකයෙකුගෙන් බව හිරු එෆ්.එම්. සේවය සහ එහි පුද්ගලයෝ දැන නොසිටින්නට ඇත.

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාලයේ ඊමේල් කැම්පේන්, ෆේස්බුක් පණිවිඩ සහ ෆෝරම් සමාජ ඔස්සේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙලෙහි මූලික අරමුණ වනුයේ, මෙරට මාධ්‍යවේදීන් සහ රජයේ උසස් නිලධාරීන්ගේ විශ්වාසය දිනාගෙන ඔවුනට ලං වීම බව යුරෝපා රටක වෙසෙන ද්‍රවිඩ ආරංචි මාර්ගයක් විසින් සිංහලයා පුවත් එජන්සියේ ලියුම්කරුවෙකු හමුවේ හෙළි කොට තිබුණේ පසුගිය සතියේ දී ය,.

මේ සම්බන්ධ සුවිශේෂ බුද්ධි තොරතුරු රැසක් මේ වනවිටත් ලබෙමින් පවතින අතර ඉදිරි දිනවල දී මේ පුද්ගලයන් පිලිබඳ ව සවිස්තරාත්මක තොරතුරු සිංහලයා පුවත් එජන්සිය විසින් පල කෙරෙණු ඇත.

මේ අනුව මෙරට මාධ්‍ය ආයතන, ආරක්ෂක අංශ සහ රජය විසින් තමන් අසල සිටින "අවංකයින්" සහ "වංකයින්" කවුරුන්දැයි වෙන් කොට හඳුනා ගැනීමට කටයුතු කල යුතු ය..


- සිංහලයා පුවත්


Original News Source:
http://www.sinhalaya.com/news/sin-unicode/2news2lanka2.php?go=fullnews&newsid=82
Title: Hardcore LTTErs now in Sheep Clothing (Sinhala Version)
Post by: w乇乃ᄊム丂イ乇尺 on July 01, 2010, 12:33:09 PM
(http://www.sinhalaya.net/store/30062010.jpg)

Unicode :
http://www.sinhalaya.com/news/sin-unicode/2news2lanka2.php?go=fullnews&newsid=82


Non-Unicode :
http://www.sinhalaya.com/news/sinhala/news.php?go=fullnews&newsid=3125