Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => අහිමි වී ඔබ... | i miss you => Topic started by: @[email protected] on October 22, 2010, 11:42:07 AM

Title: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 22, 2010, 11:42:07 AM


@pm pQqR qQn
nEBt m` hq
@n`sQwO vQlst
h#rgQhQn\ aq
kqElE yhnk
[email protected]` mm
[email protected]| @pm n#wQ
a[Er# @l`\@kk
nWwQ @p`@w [email protected]
nm @n`lQv|vt
kOl sQrQw\ m#q
sQp @n`gw\wt
[email protected]\ b#qQ
[email protected]\ [email protected]
p#mQnQ sEn\qr
@qvgnyQ nEB
qErs\ vRvw\
gwQn\ m`@vw
s$mq` nEB
[email protected]\ hqwOl
r#v`@gn @pm
hq rq`@gn
bl` imQ mm
ylQ l#@bn wOr#




Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: NIMALI on October 26, 2010, 02:31:10 PM
koo meke mokuth nahane
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: Radical420 on October 26, 2010, 04:44:33 PM
 :52: Nimali akkage as penne na , nice poem machanz ,BOOOOOOOOOOOOOOOT   :dft004:
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 26, 2010, 08:35:00 PM

[email protected]\ qEk [email protected]
@[email protected]\ kqElk\
@vl` @hmQhQt
vw @[email protected]\@n\
@l`vt rhsQn\
kqEl sgvn\
sQn` ml\ mm
pEq krn\@n\
pQqR hqvw
ahQmQvR kl
rQqEm| @qn hq
qEk @[email protected]\@n\
[email protected]| @pm n#wQ
aqEr# @l`\@k\
kQmq m` wv
qQvQ @gvn\@n\ 
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 26, 2010, 08:36:44 PM

ay`@l\ gQy [email protected]\
armEnk\ vR [email protected] pEAcQ [email protected]
ahQmQ kQyl q#@[email protected]`t nEB
a`w\mWy vQl`pykQn\
hq m#qEr @q`\Ak`r @[email protected]`t
kQyn\n
mm @k`@h`mq wvw\ jWvw\ @vn\@n.............
armENk\ n$
jWvQwyk\ n$
hqvwk\ n$
a`w\myk\ n$
iwQn\,
mrNy s#pk\ mt................

jWvw\ @vl` m#rQ m#rQ in\nvt vd`
oy mRN [email protected]
@k`pElw h`qEvkQn\ srsl`
[email protected] a`w\myt
[email protected]| a`w\mWy sEv[ ekwO [email protected]
@m| [email protected]\ a$w\ @vl`
a#s\ pQy`@gn smEgn\nm|....
nEB @vn sErwk
@[email protected] apRr#v
m` @nwQn\ @n`qkQn\n hQw`@gn
h#mq`m [email protected]\ @[email protected]
[email protected]| a`w\myt q#@nn\nt
iwQn\ @qn\n avsr
smEgn\n mt
[email protected]\ pEAcQ [email protected]

Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 29, 2010, 06:02:00 PM

අහිමි බව ඇය මට
දනුනු විට මා හද වෙත
නෙතු කෙවෙනි බොදකල
කදුල සගවමි ලොවෙන් හෙමිහිට
 
නිල් නයන නෙතු මත
සෙව්ව අලය අහිමිව
දුක පිරුනු විරහව
හිමි වුනා මට නොසිතු විලසට

මියෙන මතකය හද රැදෙන විට
නුඹ නමින් මා හද හඩයි
නුඹේ සෙනෙහස අහිමිබව දැන
දස දහස් වර නෙතු තෙමෙයි

සිනා පිරි මුව ලොවට පෙනුනට
හදවතේ මගේ ගිණිගොඩයි
අහිමි විජිතය නුඹ මගේ නොව
සදා වියොවින් හද තැවෙයි

පිදූ දින පූජාව ප්‍රේමයෙ
දැනුනෙ නම් මට නුඹ පෙමයි
අහිමි වූ කල ප්‍රේම විජිතය
ගිණි දවල් මහ කලුවරයි



Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: kingxp2 on October 31, 2010, 09:55:36 PM
 :003:........
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: P®incess_Au®ora on November 01, 2010, 12:30:36 AM
GoDAk LaSSaNai AiYe,,MarU,,,DiGataMa LiYaNNa Suba PaTHaNawa,, :54:
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on November 01, 2010, 08:54:26 PM


පෙර දිනයේ නුඹ අතිනත පටලා
වැව රවුමේ අපි සක්මන් කෙරුවා
පෙරදා වාගෙම යලි එහි ගියදා
නුපුරුදු තනිකම මට තනි රැක්කා

අතිනත පටලා පෙම් සුව විදිනා
යුවලන් දුටු නෙතු කදුලක් පිපුනා
අහිමි සෙනෙහසේ වියෝ ගී ගයලා
සුපුරුදු කදුලක් නෙතු රජ කෙරුවා

මට මුලු ලෝකයේ රැජින හැරගියා
තනිකම පාලුව හිත ලග රැදුනා
අහිමි පෙමට මගේ දුක් ගී ගැයුනා
සසර වසන තුරු තනිවනු පැතුවා

 :044: :044: :044: :044: :044: :044:


Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on November 01, 2010, 08:55:21 PM
GoDAk LaSSaNai AiYe,,MarU,,,DiGataMa LiYaNNa Suba PaTHaNawa,, :54:

thanks nanga
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: NIMALI on November 03, 2010, 01:25:50 PM
klkQn\ psEvyQ ob @mhQ [email protected]|
n#vww\ [email protected] kvQ nQm|[email protected] rF[[email protected]\
kQyn\n [email protected]\ qEk a#yQ @[email protected]@s\
vQrhv ek\@k`t kvQgW w#[email protected]|


 :044: :044: :044: :044: :044: :044:
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: -Ŵ㮜Ħä- on November 08, 2010, 05:40:52 PM
[email protected]\ @l`\[email protected]\ rFjQNQy vR a$ ht
pQn n#w [email protected] @l`\ky srsn\nt
wnQkm p`Uv prq` [email protected] kOtQyt
qQnkqQ a$ env` [email protected] hq mdlt

@n`aVn\ m` @s`[email protected]\ mQn\ mwOvt
a#y env` [email protected] pwQnQy vn\nt
@prq` v`@gm @q`VmlE vn\nt
a$ env` [email protected] wnQy mkn\nt

sQwQn\ nm| nEB @n`v#@tnE m` @s`[email protected]\
@[email protected]`l\ a#@g sQw [email protected] pQr#@n\
ahQmQ @[email protected]@ht @n`krn\ kQsQqQn @@[email protected]\
a#w nEB ht bEqE smQ[[email protected]\ [email protected]\

       :045: :045: :045:
        -vr\;`-
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on November 08, 2010, 06:16:54 PM

හිත ආල කෙරුවට
හිමි නොමැත පෙම් කරන්නට
අහිමියි සරා සඳ
අමාවක රැය දැන් පැමින ඇත

කදුලින් පිරුනු නෙත
නැත ලොවට පෙනෙන්නට
සඳ අහිමි අහස් කුස
සදා කලුවර ලොවට දෙනු ඇත

පෙම් ලොවේ පීනා
මගේ සෙනෙහෙ මම පිදුවා
අහිමි වූ එමදා
ඉකි ගගහ මම ඇඩුවා

පතිනිය විලස ඇය
කෙලෙසින් ලගට එන්නද
වෙනතක රැදුනු ඈ හිත
යලි කෙලෙස මම ගන්නද


Title: අපේ වර්ෂා" ට සුබ පැතුම්..| the 30,000th fn post by WaRsHa..
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 09, 2010, 05:05:42 AM
:047: ෆැන්ටසි නිම්නයේ වාර්තාගත 30,000 වන ෆැන්ටසි සටහන වෙනුවෙන් "අපේ වර්ෂා" ට සුබ පැතුම්..!
:022: එසේ මෙසේ දේකුත් නෙමෙයි නේද?
:004: අනිත් අය තව සටහන් 10,000ක් බලන් ඉන්න එපායැ..?

:dft003: මෙන්න පහලින් Quote කරල ඇත්තෙ ජයග්‍රාහී ෆැන්ටසි සටහන..

[email protected]\ @l`\[email protected]\ rFjQNQy vR a$ ht
pQn n#w [email protected] @l`\ky srsn\nt
wnQkm p`Uv prq` [email protected] kOtQyt
qQnkqQ a$ env` [email protected] hq mdlt

@n`aVn\ m` @s`[email protected]\ mQn\ mwOvt
a#y env` [email protected] pwQnQy vn\nt
@prq` v`@gm @q`VmlE vn\nt
a$ env` [email protected] wnQy mkn\nt

sQwQn\ nm| nEB @n`v#@tnE m` @s`[email protected]\
@[email protected]`l\ a#@g sQw [email protected] pQr#@n\
ahQmQ @[email protected]@ht @n`krn\ kQsQqQn @@[email protected]\
a#w nEB ht bEqE smQ[[email protected]\ [email protected]\

       :045: :045: :045:
        -vr\;`-

Title: Re: අපේ වර්ෂා" ට සුබ පැතුම්..| the 30,000th fn post by WaRsHa..
Post by: -Ŵ㮜Ħä- on November 09, 2010, 01:56:00 PM
nQymyQ............
sn\@w`\@s\ b#r#v`.........
s\wSwWyQ... s\wSwWyQ... @vbQ [email protected]\....

    -vr\;`-
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on November 11, 2010, 11:43:24 AM
klkQn\ psEvyQ ob @mhQ [email protected]|
n#vww\ [email protected] kvQ nQm|[email protected] rF[[email protected]\
kQyn\n [email protected]\ qEk a#yQ @[email protected]@s\
vQrhv ek\@k`t kvQgW w#[email protected]|


 :044: :044: :044: :044: :044: :044:

කලකට පස්සේ මා මෙහි ආවා
විරහව කවිකර නිම්නයෙ ලිවා
මිතුරන් අතරේ කවි සිත පෙන්වා
පරන මිතුරුදම් සිහියට නැගුවා
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on December 05, 2010, 05:27:10 PM
(http://img253.imageshack.us/img253/193/virahava.jpg)
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on September 24, 2011, 10:48:15 AM
පියා සලා සමනලියක් අහසේ
මුවා වුනා වලාකුලක රහසේ
නෙතු රැවටී අඩවන්වී දැහැනේ
පෙම් සිතුවිලි දහසක් නේ පිපුනේ

නොහිතූ කල මහ වැස්සක් වැටුනේ
තටු තෙමිලා ගුලිවී ඇද වැටුනේ
නිලබර ඇයි කදුලු සලා හැඩුවේ
අහිංසක පෙමක මිලිනව මියැදේ
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on September 24, 2011, 01:33:56 PM
නොසිතූ මොහොතක ඇද හැළුනා වූ
මහ වැස්සට මා තෙමුන ද මිහිරේ
නිලඹර හිරු රැස් දරින් නහවා......
හිරු කුමරුන් හිනැහුන මේ මොහොතේ
තෙත් වී හැකිළුන මා අත්තටු සැම
වියලී ඇත නැවතත් පෙරලෙස.....
මිලිනව යන්නට ඔබ පෙම ඉඩ නැත
තටුසලමින් ඉගිලිය හැක යලි මට
ඔබ සිත ඉපදුන පෙම් සිතිවිලි හා
ඉගිලෙමු අපි හිස් අහස පුරාවට.....

....මුතු....


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 01, 2011, 02:30:18 PM
හිස් අහස හොදයි හැමදා වැසි නැත්තම්
හිරු කුමරු හොදයි ගිනිදලු රැස් නැත්තම්
පියඹනු රිසියි තටු තෙමිලා නැත්තම්
නුඹ පෙම හොදයි තව අහිමිව නැත්තම්
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 06, 2011, 11:52:11 PM
වැහි නැති දාට හඬනවා වැහි         ඉල්ලාලා
හිරු රැස් නොමැති තැන කළුවර      රජවීලා
අත් තටු හොඳයි යමු ඈතට           පියඹාලා
මගෙ පෙම හිඳියි නුඹ වෙනුවෙන් වෙන්වීලා

.....මුතූ.....


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 07, 2011, 02:17:02 PM
තිමිර මීදුම් වලා නෙතු කෙවෙනි සරසලා
සිනාමල් වියකිලා සිත් අහස කලුවෙලා
පියනැගූ මග දිගේ ගල් බොරලු ඉහිරිලා
බිදි පෙමක මිහිරි බව සිත කොනේ තනිවෙලා

පුරහදට පෙරාතුව අමාවක පැමිනිලා
නිසල වූ විසල් දිය සසල වී කැළබිලා
වසන්තය හැරගිහින් වස්සානෙ පැමිනිලා

නැවුම් පිවිතුරු පෙමක කදුලකට අත වනා
ජීවිතේ රැදි සතුට වියැකිලා බොදවුනා
අසරනවු මගේ හිත හැමදාම තනිවෙලා
නුඹට පෙම් කල පවට කටු ඉබුල හිමි වෙලා

Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 07, 2011, 02:29:28 PM
වැහි නැති දාට හඬනවා වැහි         ඉල්ලාලා
හිරු රැස් නොමැති තැන කළුවර      රජවීලා
අත් තටු හොඳයි යමු ඈතට           පියඹාලා
මගෙ පෙම හිඳියි නුඹ වෙනුවෙන් වෙන්වීලා

.....මුතූ.....


muthu-Araliya mala

පියඹා යන්න එක්වී අත්තටු සලලා
හැමදා ඉන්න මදහස මා ලඟ පාලා
කියනා ලෙසින් තනිකර නොම මා දාලා
පොරොන්දු වන්න තනි නොකරන බව කියලා
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 08, 2011, 12:46:43 AM
පියඹා එන්න සිතුවේ යලි යන්න          නොවේ
හදවත දෙන්න සිතුවේ යලි ගන්න         නොවේ
සෙනෙහස සමග ලැබුනොත් ඔබෙ අදර     සුවේ
කිසිදින නොයන බව පවසමි අත තබා    පපුවේ

.....මුතූ.....


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 10, 2011, 02:32:47 PM
පෙරදින පියාඹා යනවිට හැරදමා මා
කදුලු බිදු පිසලා මා නුඹට සමු දුන්නා
නැවතත් ඇවිල්ලා නොයන බව දිවුරාලා
හැර නොයයි කියලා කියන්නේ කෙලෙසා

කූඩුව සදා මා නුඹට ඇරයුම් කෙරුවා
වෙන හිතක් දැකලා නුඹම පියමන් කෙරුවා
යලි මා සොයාලා ඇවිත් පෙම පුදාලා
තනි නොකරයි කියලා සිතන්නට මට බැරුවා
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 11, 2011, 03:00:56 PM
පෙරදිනක වූ වරද මතු දිනෙක නොවෙන   ලෙස
දිවුරා සපථ වෙමි හැර නොයමි ඔබ           පහස
පා නමැද යලිත් මා ඉල්ලන්නෙ අද       මෙලෙස
ඔබ හදෙහි නවතින්න යලිත් ඉඩ ලැබෙන    ලෙස

.....මුතූ.....


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 12, 2011, 12:05:08 PM
බිදුනු බදුන කෙලස කලත් යලි තනවනු බෑ
හැරගිය නුඹෙ නිකැලල් බව මට ලැබෙන්නෙ නෑ
දෙපා නැමැද ලංවන්නට එපා කියනු බෑ
මගේ හදේ රැදුනු මතක අමතක වී නෑ
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 12, 2011, 02:20:01 PM
දෙමව්පියනට අවනතව ඔබෙන් සමු       ගත්ත ද
පිවිතුරු කම මගේ ඔහු උදුරා            අරගත්ත ද
පිවිතුරු සෙනෙහස සමග ඔබහට දුන් මගේ    හද
තවමත් ඔබ ලඟයි පෙරදින සේම                 අද

ඔබ දෙපා නමැද මට ඔය හදට           තුරුළුවන්න
ඔබට බෑ කිසි දිනක එපා යැයි               පවසන්න
අපේ සොඳුරු අතීතයේ මතකයෙන් සැනසෙන්න
යලිත් මා ඔබ ලඟයි ඉතින් මට තුරුළු        වන්න

.....මුතූ.....     


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 12, 2011, 02:30:30 PM
පෙරදින තනිවෙලා මා ඉල්ලා සිටියා
ආදරේ පෙරට දාලා නුඹ වැලකූවා
පිවිතුරු කම නුඹේ ඔහුවෙත පිදුවා
පෙම් කල නිසා මට අහිමිව ඇත ඒවා

සෙනෙහස මුලට ගෙන සැමදා රවටනවා
මට හිමි දෙත් අනුනට නුඹ පුද දෙනවා
දෙපා නැමද මගෙ සෙනෙහස රවටනවා
පෙම කල නිසා මම හැමදා පරදිනවා
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 12, 2011, 09:49:16 PM
ඔබ මා හා පෙමින් සිටි ඒ සොඳුරු කාලයේ
සැඳෑ අඳුර හා තනි වූ ඒ සොඳුරු නිමේශයේ
ආදරෙන් තුරුළු වී සුපෙම් හාදු දුන් මොහොතෙ
ඔබ මගෙන් අයැද සිටි ඒ මගේ පිවිතුරු බව
ඔබ නමින් පුද දෙන්න ඒ මොහොතෙ මැලි උනේ
ගුණවත් දෙමාපියන්ගේ ඒ ගුණවත් බවට
ඔබ හා මා ගරු කල නිසාවෙනි.............
පූජනීය ආදරයේ අරුත දත් නිසාවෙනි
මා පිය කැමත්තට ඔහු හා ගිය දිනේ
අකමැත්තෙන් වුවද ඔහු හට මම අවනත උනිමි
පෙරදිනක මා එලෙස ඔබට අවනත වී තිබුනි නම්
මව් පිය මගේ වහ කනු නොඅනු මානය.......

අද දිනේ මා මෙසේ ඔබ ලගට පැමිනියේ
ඔහු හා ගෙන ගියේ මගෙ ගත පමනක් බැවිනි
ඔබ ලඟ තැබූ මසිත ඔබ මට නොදුන් බැවිනි
සිත නැතිව මගේ ගත මැරී ඇතුවා සේය අද
වූ සැම දන්නා ඔබ කිමද අද
විරසක වෙලා මා හා දොස් නගන්නේ මට.....
ඔබ හදේ කිරුළුපලන් මා ආදරයට
ඔබ ලොවෙහි රජ වෙන්න අවසරද අද.....

.....මුතූ.....
   

muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 13, 2011, 09:22:13 AM
මාහට පෙම් කලා නම් නුඹ ඔය කියන තරම්
මා හැර යයිද වෙනතක වී තුරුලු වෙමින්
මා පිය කිව් නිසා හැකිනම් මකනු සිතින්
මා වෙත යලිත් ආවේ ඇයි මවුට හොරෙන්

කිතුල් ගසක යන මිනිහා තණ සෙව්වා
ගොනා අරන් යන මිනිහා ලණු ගත්තා
අහිමි පෙමට මම දුක් කවි කෙරුවා
මට හිමි නොවී පිවිතුරු බව ඔබ පිදුවා

පෙරදින මවෙත පිදුවානම් ඉල්ලු කල
නුඹ මාපියන් දෙන්නේ නෑ කාර බැඳ
කරගත්තනම් යන්නට දේ මගේ ලොවට
නුබ පෙම් කලේ බොරුවට මා හිතට පෙර

මා පිය කිව් නිසා ඔහු හා යන්න කියා
නුබහට තිබුනි පවසන්නට බෑම කියා
ඒ ලෙස වුනානම් අද නෑ මෙලෙස කතා
මම හොද නිසා යලි නුඹ මා ලගට වෙලා

නුඹ හැර ගියත් මම නෑ කවුරුත් පැතුවේ
මදු බඳුනටත් මගෙ ලොව තුල ඉඩ නැත්තේ
කවිකම් කලෙමි විරහව මම හද මැදුරේ
චපල නුඹ නිසා තාමත් හිත පෑරේ
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 13, 2011, 11:26:15 PM
මා දිවියට වඩා මා ඔබට පෙම් කලෙමි
එය මටත් වඩා හොඳින් ඔබ දැන සිටියේය
එහෙත් මහ මෙරක් දුක් උහුලා
මා වෙනුවෙන් යුතුකම් කල.....
දෙමාපිය වෙනුවෙන් මා කල කැපකිරීම
චපල කමක් ලෙස දැකීමට
කෙසේ නම් සිත් වුනිද එසේ මට පැවසීමට
අනේ මට දැරිය නොහැකිය ඔබෙ ඒ වදන්
මගේ හිත මට වඩා හැඳින්නේ ඔබය
බොහෝ විට හොඳ නරක කියා දුන්නේ ඔබය
මගේ තීරනයට කඳුළු පිරි දෙනෙතින් සමුදුන්නෙ ඔබය
එහෙත් අද ඔබට කුමක් සිදුවුනිද...........

ජීවිතේ එක දිනක තමන් ගත් තීරණය
වැරදි බව මා පියන් දත් නිසා අද මා නිදහස් වුනි
එදා මට සමුදී විරහ ගී ලියූ ඔබ
අදත් තනිව සුසුම් ලන බව මා දැන උනිමි
ඔබ මුවින් පිට කල සැම සුසුම් බිඳක්ම
මා පපුව දවා හළුකල බවද ඔබ නොදනී
රෑ එලිවෙන තුරාවට කඳුළු ගඟක ගිලී
මරණයට අඬ ගැසූ බව ඔබ නොදනී
ඔබ ලඟ පුද දෙන්න නිකළැල් බව අද දින
මා සතු නොවෙන බව පමනක් ඔබ දනී
ඒ ගැන පමනක්ම ඔබ කතා කිරීමට උනන්දුවේ
එහෙත් මා ඔබට පෙරදින පිදූ ආදරයේ පිවිතුරු බව
එලෙසින්ම මා සතු වන බව ඔබ නොදනී
කෙසේ නමුත් ඔබ මෙසේ................
මට වැරදුන ඒ මොහොත ගැන පසු තැවේ නම්
මා ඔබට පිදූ ප්‍රේමයේ නාමයෙන් මා දිවියෙන්
සමුගන්න පතමි අවසර ඔබෙන් මෙලෙසට

.....මුතූ.....


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 14, 2011, 09:42:11 AM
දිවියට වඩා පෙම් කරනා බව සිතුවත්
වෙනතක වෙලී නුඹ ගියෙ මා හැර කොහෙවත්
කදුලැල් මගේ හිත් මල තාමත් සැරුවත්
බැදි පෙම මාලගයි නුඹ මා තනි කෙරුවත්

නිකැලල් පෙමක් මා පිදුවේ නුඹ නමටයි
පිවිතුරු බව නුඹේ සොයනුයෙ ඒ හින්දයි
පෙම් කල දිනේ දිවුරුවෙ නුබ මා නමිනුයි
අන්සතු නොවී මා වෙත එනවා කියලයි

පෙරදින මතක මා හදවත හඩවනවා
නෙතු කදුලකින් දුක හෙමිහිට මතුවෙනාවා
අන්සතු වෙලා නුඹ මාවෙත යලි එනවා
දුක් පිරි හදට තව දුක් ගින්නක් දෙනවා

මියයනු රිසිනම් නුබහට මා නැතුව
මරනය වැලද ගත්තද මා කී දවස
මවු පියො පෙරට දා පෝරුවෙ රැදි අරුම
තාමත් හිතට වද දෙනවා හැමදාම
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 16, 2011, 02:22:33 PM
ඔහු හා එදා මා පෝරුව මත               උන්නේ
සිත නැති ගතක් අරගෙන ඔබ             දන්නේ
සිත නැති ගතට ජිවිතයක් නැති           වන්නේ
එනිසයි සිත ඇති තැනට ගත අරගෙන   එන්නේ

මගේ පැමිණීම ඔබ හට දුක ගෙන         දේනම්
මට හිමි නැති පිවිතුරු බව                අයදීනම්
ඔබ නැති තැනක මරණයටත් ඉඩ නැති      නම්
තනිවම හිඳින්නට උව මම අද             සූදානම්

.....මුතූ..... 


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 21, 2011, 03:44:22 PM
පෙම් කව ලියූ පෙරදින සිහිවේ ආයේ
නලලත අත තබා කිම ඔබ දිවුරූවේ
අහිමි වුනොත් පෙම් කල ඔබ මගේ ප්‍රේමේ
සත්තයි මිය යනව පැනලා මම මුහුදේ

කාලය ගෙවී තනිවීලා මම ඉන්නේ
පෙරදින මතක මගෙ තනියට ලග ඉන්නේ
හදවත් රිදී කදුලක් නෙත සරසන්නේ
පෙම්කල පවට මම ඇයි මේ විදවන්නේ

මා පිය නමින් මා තනිකර ඔහු පතලා
පුදදුන් සෙනේ මාලග පොඩිකර තලලා
අසරන හදවතේ දුක් ගිනි දල්වාලා
නැවතත් කිමද මා ලග නුඹ පෙම පතලා
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 21, 2011, 06:23:32 PM
පෙම් කව පෙර දිනක ඔබ ලියූ මා      නමින්
නලලත අත තබා දිවුරුවේ ඔබ         නමින්
කිසි දින තනි නොකරන බව මා       පෙමින්
මියදෙන්න ඉඩ නොදී මා හිඳිමි          ලගින්

කාළය ගෙවී ගියමුත් ඔබ තනි           කරලා
පෙර දින මතක සමගින් ඔබ ලඟ       හිඳලා
නෙත රැඳි කඳුල ඔබගේ මා           පිසදාලා
ඔබ විඳි දුකින් මුදවමි ඔබ             සනසාලා

මග වැරදුනේ මගෙ වරදින්      නොමවන්නේ
මව් පිය බහට කීකරු වීලයි            උන්නේ
එනමුදු ඔබට පිදු පෙම එලෙසින්       තිබුනේ
පෙර කල පවට මේලෙස මා        විඳවන්නේ

නුඹ හට සතුට සැනසුම මම ගෙනෙමි    මෙදා
දිවි ඇති තුරුම ඔබ ලඟ මා හිඳිමි          සදා
පෙරදින වැරදි මතු දින නොම වෙන්න හොඳා
ඔබ ලඟ සපථ වෙන්නෙමි ඔබෙ දෙපා   වැඳා

.....මුතූ.....


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 22, 2011, 07:20:17 PM
බිදුනු වීදුරු බදුනක් කෙලෙස කරනුද පිලියම්
රිදුනු පෙම් සිතකුත් එවැනි වේ හැම කලකත්
නුහුරු දුක් කදුලක් උරුම කල ඒ අදුරු දිනයත්
හැම විටම හදටත් ඒම නවතනු කෙලෙසත්

හැරෙන දිව නැටවෙන තාලයට කියමින
මා පිය ගාවගෙන කරන අරුමය කිම වෙද
අහිංසක මා හද තවත් රිදවනු සිතුනිද
පෙරදිනේ සේ නුබ මා පියන් වෙත යනවද

පෙරදින නුබේ වදනින් ඔය ලෙස ඇසුනා
මා තනි නොවනු ඇත කියලා මා පැතුවා
මා පිය ගාවලා මගෙ පෙම වල දැම්මා
ආපහු ඇවිත් හදවත ලග පෙම ඉල්ලා

තනිවුන මතක සමගින් මම තනි වෙන්නා
අහිමි පෙමට මම කදුලැල්  වල දැම්මා
ජීවිත සාගරේ තනිවම පැද යන්නා
පෙම් කල පවට තනිවී ජීවත් වෙන්නා
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 23, 2011, 12:32:45 AM
නුඹ හා වාද කෙරුමට සිත්  නොදේ          අද
මාගේ වරද වූයේ කොතැනද මම සොයමි    අද
හදවත් අපේ මියයන්නේ කෙලෙසක            ද
කුළුඳුල් පෙමක අරුමය දුක් විඳින            සඳ

මා හට අවැසි නුඹ තුරුලේ         සැනසෙන්න
නුඹහට මගේ ආදර උනුසුම               දෙන්න
පරවූ මලක් වුව ඔබ ලඟ යලි        පිබිදෙන්න
බලවත් නුඹේ ආදරයට ලං               වෙන්න

තනිවූ මතක සමගින් තනිවම              ඉන්න
ඔබ හට අවැසි නම් එලෙසට ඔබ         ඉන්න
එනමුදු ඔබට පිදු මගෙ හදවත           මෙන්න
ඔබ ලඟ තබා මම යමි දුර     නොපෙනෙන්න

.....මුතූ.....


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 24, 2011, 12:31:45 PM
පරසතු මලක් වීලා ඔබ පිය මැන්නා
හද මන්දිරේ පුද දුන් පෙම වලදැම්මා
ආදර නදිය ඉරි තලලා වියලෙව්වා
කුලුදුල් පෙමක් ඉකි බිද බිද දුක් වින්දා

තනිකම කලුවරේ හැමදා මම හෙව්වා
හිරු ඇති දහවලෙත් කලුවර මම දැක්කා
බොදවූ කඳුල නෙතු මා ලග රජ කෙරුවා
හද මන්දිරේ මිය ගිය පෙම ඉකි බින්දා

හීනෙන් හැමදාම නුඹ රූ මම සෙව්වා
මියගිය පෙමක දුක හැමදා ඉකිලෑවා
තනිවූ දිනේ මිය යන්නට මා පැතුවා
සිත නැති මල කදක් වීලා තනි වූවා

මියගිය හදවතේ තනිකම මකනු කියා
පරසතු මලේ නුඹ ආවේ කිමද සොයා
අසරන හදවතේ දුක් ගිනි මවා තියා
ඇයි රිදවන්නේ තවමත් මා ඔබේ කියා
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 24, 2011, 01:55:44 PM
පරසතු මලක් වූයේ මව් පියො      හන්ඳා
ඔබ පුද දුන්න සෙනෙහස හද තුල  රන්ඳා
මා පෙම නමින් ඔබ දුක් ඉහිළු      හන්ඳා
නුඹටත් වඩා මගේ හදවත දුක්      වින්ඳා

සිහිනෙන් නුබ සෙවූ රුව නුඹ ලඟ      ඇතුවා
ඔබ පුද දුන්න පෙම මිය දෙන්නේ      නැතුවා
මා තනිකරලා මියදෙනු ඔබහට          බැරුවා
ගත උන හැම මොහොතෙ මම ඔබවම පැතුවා

තනිකම නැවත ඔබහට යලි නොම   වෙන්නයි
හිරු නැති කලුවරෙත් නුඹ ලොව එලිවෙන්නයි
අපේ ආදර නදිය පිරි ඉතිරී           ගලන්නයි
මගේ ආදරේ ලඟ නුඹේ හිත        නිවෙන්නයි

යලි කිසි දිනෙක නුඹ හට දුක නොම වේවා
ආදරෙ පිරුන නුඹේ සිත සුවපත්       වේවා
බැලු බැලු හැම තැනම පෙම් මල් පිබි දෙවා
දිවි ඇතිතුරුම ඔබ මාගෙම              වේවා

.....මුතූ.....


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 24, 2011, 02:13:18 PM
සිහිනෙන් නෙවේ පැතුවේ හැබහින් නුඹව
පෙම හැර ගියේ  නුඹ කිසි  ගානක් නැතුව
මා තනි වුනේ හඩවත මත දුක් ගින්න
තවමත් දැනේ මා තනිවුන ඒ දිනය

හඩමින් ඉකි ලමින් කිව්වේ නවතින්න
අසරන නිසයි නුබ නැති කල මා ලොවම
පරසතු වෙන්න මා හැරගියෙ කවුරුන්ද
තවමත් හද දවයි සිහිවන විට ඔන්න

කුලුදුල් පෙමක තැවරුනු මගෙ ආත්මය
සතුටින් පුද දුන්නේ පතමින් ජීවිතය
හිමි වුනෙ ඒත් කදුලින් පිරි රාත්‍රිය
වැනසී ගියා මගෙ ලෝකය අනාතය

ගිනි දල්ලකින් කෑවම බැට පෙර දිනක
කන මැදිරි එලියත් බයකට මුලය
තනිවුන මාසිතත් තාමත් ඒ වගෙය
පෙම් කව කියන්නට හදවත බය වැඩිය
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 24, 2011, 08:29:48 PM
සිහිනෙන් නොවේ හැබහින් සෙව් බව දන්නේ
ඔබ හට තුරුළුව ගෙවූ පෙරදින     සිහිවන්නේ
පෙරදින හෙළු කඳුලැලි හද          හඬවන්නේ
එනමුදු නැවත මා ඔබ තනි      නොකරන්නේ

මව් සෙනෙහස ලඟ මා අසරණ වූ       පෙරදිනක
තුරුලට ගෙන ඔබ කීවේ කීකරු වෙන      ලෙසක
සැමටම නැතිව මිය යන්නට සිතු              දිනක
ඔබ නොව ලඟ සිටියෙ සැනසුම් බස් දී       නේක

ඔබ කී ලෙසට මා ජීවිතයට ජීවත්           වෙන්න
අවසර දුන්න මට අද විය දුක්              උහුලන්න
පෙරදින කී ලෙසට වැරදුනහොත්            එන්න
එනිසයි සිතුවෙ නැවතත් ඔබ වෙත          එන්න

කුළුඳුල් පෙමක තැවරුන ඔබෙ            ආත්මය
සමගින් එක්ව ඇත තාමත් මගෙ           ආත්මය
පෙර කී ලෙසට ගොඩනගනට               ජීවිතය
පරසතු වුවත් අද ඔබ ලඟ මගේ           ලෝකය

.....මුතූ.....
     


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: -Ŵ㮜Ħä- on October 26, 2011, 10:37:02 AM
කිව්වට කවියෙන් ආදරයේ විරහව කවි     කරලා
කව්රුද දන්නේ කොයි කාටද වැරදුනෙ    කියලා
හේතුව නොසෙව්වේ ඇයි ඇය ගියෙ කිමද   කියා
දොස් නැගුවේ ඇගෙ යෙහෙළිය හට තමයි    එදා

Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 26, 2011, 05:43:41 PM
වැරදුනෙ මටයි ඔහු ආදරෙ දමා           ගොසින්
පණමෙන් ආදරෙන් ඔහු සිටියේ මා      අසලින්
එනමුදු පිටු පෑ නොහැකි විය මාපියන්ට   ඉතින්
මග වැරදිලා අද අපි දෙදෙනා          විරහවෙන්

මුතූ


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: menu2290 on October 27, 2011, 04:04:05 PM
(http://www.sinhalaya.com/userimages/imgs/viha1.jpg)
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 27, 2011, 06:20:28 PM
(http://www.sinhalaya.com/userimages/imgs/imagescas5.jpg)

muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 27, 2011, 07:03:06 PM
සින්නක්කර ලියා අරගෙන මගේ හද
මා හැර ගියා කදුලක් මට උරුම කර
බහදෙන දිනේ අමතකවිද මවුගෙ ගුණ
අසරන වුනේ පෙම්කල මම පුදපු පෙම

නුඹෙ ඔය හදේ දුක් ගිනි ගලනව දැකලා
කෙලෙසද ඉන්නෙ අවසර නොම දී කිපිලා
මා හද ගලක් කරගෙන දුක් ගිනි දරලා
අවසර දුන්නෙ පියබා යන්නට මිදිලා

පරසතු මලක් ලෙස මා ලග හද පුදලා
මගේ ආත්මය රිදවයි නුබ හඩලා
පෙරදින සේම තාමත් මා හද දවනා
අවසර මෙන්න පෙම ගන්නට රිසි ලෙසිනා
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 27, 2011, 07:07:13 PM
කිව්වට කවියෙන් ආදරයේ විරහව කවි     කරලා
කව්රුද දන්නේ කොයි කාටද වැරදුනෙ    කියලා
හේතුව නොසෙව්වේ ඇයි ඇය ගියෙ කිමද   කියා
දොස් නැගුවේ ඇගෙ යෙහෙළිය හට තමයි    එදා


කාටද වැරදුනේ කියලා මම නොදනී
විරහව හදේ සිරවී ඇත මට දුකිනී
නෙතු මත ගලන කදුලක උනුසුම පේවී
දොස් පැවරීම නොහිතම සිදු වේවී
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 28, 2011, 12:23:09 AM
මට වැඩි හොදට මගෙ හදවත දන්නෙ  නුඹ
මව් පිය අනට කීකරු වෙනු කිවෙ        නුඹ
වැරදුන දිනක ආපසු එනු කිවෙ           නුඹ
වැරදුන දිනේ ආපසු දොස් කීවෙ          නුඹ

සින්නක්කර ලියා ගත් ඔබගේ හද       මඩල
තාමත් එලෙස තියෙනව මගෙ හද      මඩල
යාමට නොහැකි වූ දින බිඳ පෙම්     කැකුල
යන්නට කීවෙ ඔබ සකසා සිත්           මඬල

දිවි ඇති තුරුම ඔබ පෙම ලඟ ණය   ගෙවමි
කුළුඳුල් පෙමින් සිටි ලෙස ඔබ ලඟ     හිඳිමි
සසර සරන තුරු ඔබ පමනක්             පතමි
යලි කිසි දිනක දුක් ගිණි ඔබ හට   නොදෙමි

පරසතු මලක් වුව යලි                   පුබුදාලා
ආදර සුවෙන් ගත සිත                නහවාලා
ඉන්නට ඔබේ තුරුලට වී             සැනසීලා
දුන් අවසරය පිළි ගමි මගෙ හිස        නමලා

.....මුතූ.....


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 28, 2011, 09:07:31 AM
වැරදුනු මගක ගොස් ආපහු හැරිලා
නිවැරදි මාවතේ එන නුඹ පා සලලා
දුක් ගී ගැයූ හදවත මගෙ සනසාලා
අවසර දුනිමි නවතින්නට මා ගාවා

අමිහිරි මතක හද මලුවට රිංගනවා
පෙරදින සේම යලි යාදෝ සිත් වෙනවා
උරුමය අරුම කරුමය දෝ ලතැවෙනවා
ආපහු ගියොත් පෙම වලලා මම යනවා

වරදට සමා දෙන්නේ ආලය හින්දා
රිදවූ මත්ක අමතක කර යලි කැන්දා
පෙම් කල හිතේ වයිරය ඇත දුක හින්දා
ආපහු වැරදුනොත් මොනවා වේ විද මන්දා
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: menu2290 on October 28, 2011, 09:47:11 AM
(http://www.sinhalaya.com/userimages/imgs/aliya1.jpg)
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 28, 2011, 10:08:41 AM
(http://www.sinhalaya.com/userimages/imgs/aliya1.jpg)

උඩවැඩියා උඩ පිපුනම ලන්වෙන්නට බෑ
පරසතු මලේ රොන් ගන්නට අසරන මට බෑ
වදනින් කෙසේ සැනසෙන්නද කියන්න මට බෑ
අහිමි සුවද විද ගන්නට මට අවසර නෑ
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on October 29, 2011, 01:48:12 PM
වැරදුනු මගක ගොස් ආපහු හැරිලා
නිවැරදි මාවතේ එන නුඹ පා සලලා
දුක් ගී ගැයූ හදවත මගෙ සනසාලා
අවසර දුනිමි නවතින්නට මා ගාවා

අමිහිරි මතක හද මලුවට රිංගනවා
පෙරදින සේම යලි යාදෝ සිත් වෙනවා
උරුමය අරුම කරුමය දෝ ලතැවෙනවා
ආපහු ගියොත් පෙම වලලා මම යනවා

වරදට සමා දෙන්නේ ආලය හින්දා
රිදවූ මත්ක අමතක කර යලි කැන්දා
පෙම් කල හිතේ වයිරය ඇත දුක හින්දා
ආපහු වැරදුනොත් මොනවා වේ විද මන්දා


මඟ වැරදුනේ කෙළෙසකදැයි නුඹ   දන්නේ
නිවැරදි මඟත් නුඹමයි මට     පෙන්වන්නේ
දුක් ගී ගැයූ හදවත අද          සැනසෙන්නේ
කිසිදා නොයන ලෙස නුඹ ලඟ මා  ඉන්නේ

අමිහිරි මතක කිසිදින සිහි      නොකරන්න
පෙරදින ලෙසින් කිසිවිට යලි බැහැ  යන්න
කරුමෙට උරුම දුක් ගිනි වලළා      ඔන්න
ආපසු නොයන ලෙස ආවේ මෙහි   ඉන්න

වරදට ඔබෙන් මම ලද මේ             සමාව
අමතක නෙවෙයි පෙර දින වූ         පමාව
වයිරය තවත් ඇතිනම් නුඹේ සිත       ගාව
පිළිගත් හැකිද ආදරයෙන් යලි          මාව


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on October 31, 2011, 05:11:01 PM
ජය පැරදුම නිතරම මේ උරුම ලොවේ
පෙරටයි යා යුත්තෙ අප පසු පසට නොවේ
නිවැරදි මග බලා පායුග නගන දිනේ
කෙලෙසද හැරයන්නේ මතකයි බැදපු පෙමේ

කරුමය උරුම කරගත් දුක් ගිනි වලලා
තනිවූ හදවතේ තනිකම මග හරවා
ආපසු නොයන ලෙස ආවම මා සොයලා
හදවත ඉකිබිදියි නුබ පෙම ඉල්ලාලා

දුක් ගී ගැයූ හදවත මගෙ සනසාලා
බොදවුනු සිරියහන මා වෙත ලැබදීලා
පෙරදින ලෙසේ ප්‍රේමෙන් මුසපත් වීලා
උනුසුම විදිමු අපි එක යහනක සැතපීලා
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on November 04, 2011, 12:15:57 AM
ජය නොව සදා පැරදුම හිමි මේ         මාහට
මග වැරදුන දා මා ලඟ සිටි              ඔබහට
පෙර බැඳි සෙනේ වැඩි වී ඇත    මේලෙසට
හැර යා නොහැක සිහිනෙන්වත් යලි මෙමට

කරුමය උරුම යැයි නුඹෙ සිත        සිතුවාට
තනි වී ඇතැයි හැම විට නුඹ             කීවාට
ආපසු යති ඔබේ සිත ඉකි              ගැසුවාට
කිසි දින යන්නෙ නෑ මම පිටුපා         නුඹට

දුක් ගී ගැයූ හදවත නිති              සනසාලා
බොඳ උනු සිරියහන යලි හැඩ වැඩ   කරලා
පෙරදින සේම ආදරයෙන් යලි       වෙලිලා
උනුසුම විඳිමු හැම දින අප          සැනසීලා 


muthu
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: @[email protected] on November 14, 2011, 09:03:56 AM
පෙරමග පිය නගන දින මා අත් හැරලා
සිතුවිලි මෙලෙස ඇයි නාවේ මල් පිපිලා
වැරදුනු දිනේ මගේ ආදරේ මතු වීලා
සරනක් වුනිද හද මඩලම සනසාලා

පිය නැගු මාවතේ කිරුලට හිමිකාරී
උරුමය නුබේ වී නම් අද කිම වේවී
හැමදා උරුම තනිකම මගෙ ලගපේවී
නුබ තුටු සිතින් බුදු පහනත් දල්වාවී

වුනදේ සිදු වුනා ලෝකය කැරකෙනවා
ආලය නිසා හදවත ගිනි උහුලනවා
ඒ ගිනි නිවන්නට නුබ ආපහු එනවා
වියකුනු සිරියහන තුටුවී දගලනවා
Title: Re: tanivela ma,,,,,,,,,,,,,,,,,,,,
Post by: araliyamala on November 16, 2011, 11:09:25 PM
පෙරමග පිය නැගුවෙ යායුතු වූ        හන්දා
සිතිවිලි හැම දිනම තිබුනේ ඔබ ලඟ රන්දා
වැරදීමට පෙරද ඔබෙ ආදරෙ හද     රන්දා
මගෙ ජීවිතය ඔබ වෙනුවෙන් දුක්    වින්දා

පිය නැගු මාවතේ කිරුළට         හිමිකාරී
වුව හැකි උනා සිටියානම් වී        සිරකාරී
ඔබ හද නොවෙන ලෙස දුක් ගිණි   බේරී
බුදුනට කීවෙ වෙන්නට ඔබෙ     හිමිකාරී

ලෝකය කැරකුනත් ඔබ මා එක  සිතිනේ
ආලය නිසා ඇයි නුඹ දුක්     උහුලන්නේ
නුඹ හට අවැසි සැනසුම මා සතු  වන්නේ
වියකුනු සිරියහන සැමදින හිනැහෙන්නේ   


muthu