Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => ජීවිතය වෙනුවෙන්... | inspiring life => Topic started by: J k on October 27, 2010, 04:33:10 PM

Title: ජීවිතයට ඔවදනක්...!!!
Post by: J k on October 27, 2010, 04:33:10 PM
වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

මේක කොච්චර විතර බර ඇද්ද?

ග්‍රෑම් 50ක්; ග්‍රෑම් 100 ක්; ග්‍රෑම් 125 ක් ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.

මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.
මහාචාර්යය වරයා නැවතත් විමසීය.

මුකුත් වෙන එකක් නැහැ සිසුන් පිළිතුරු දිනි.

හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?

ඔබගේ අත කකියන්න පටන් ගනියි සිසුන් නැවතත් පිළිතුරු දිනි.

ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්? මහචාර්යයවරයා නැවතත් විමසීය.

ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.
අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.

හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද?
නැහැ සිසුන් පිළිතුරු දිනි.

එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද?
සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.

වීදුරුව බිමින් තියන්න

හරියටම හරි. ජීවිතයේ ප්‍රශ්න කියන්නෙත් මේවටම තමයි.

මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.

ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්‍රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි.

මතක තියාගන්න. වීදුරුව බිමින් තියන්න
-පරිවර්තනයකි.


~~~~ මට ආපු ඊමේල් පණිවිඩයක් ඇසුරින්.. ~~~~
Title: Re: ජීවිතයට ඔවදනක්...!!!
Post by: J k on October 27, 2010, 07:22:29 PM
මේක මට ආපු E-MAIL එකක්,,
Title: Re: ජීවිතයට ඔවදනක්...!!!
Post by: -NidhA- on November 02, 2010, 03:01:30 PM

වෙලාවකට පාළුයි,,,වෙලාවකට ඔළුව අවුල්
වෙලා වගේ,,,
තවත් සමහර වෙලාවට
හිස හැරුණු අතේ යන්න හිතෙනවා
හැමෝම ඔයා දිහා බලන්නෙ
ලොකු නරකක් කරන්න වගේ දැනෙනවා,,,
හේතුවක් නැතිවම බයයි,,,
ජීවිතේ ලොකු දෙයක්
අහිමි වෙන්න වගේ යනවා වගේ දැනෙනවා,,,
ඇයි මේ,,,
ඔයා නිතරම හිතනවා,,,

ජීවිතේට මොන මොනාද වෙන්න යනවා,,,
ඔයාට එහෙම හිතෙනවා,,
ඒත් මොනවද,,,
ඒකම තමා තෙරෙන්නෙත් නැත්තේ

මම ඔයාට දෙයක් කියන්නද,,,
හොදට හිතන්න,,,
ඇත්තටම ඔයාට මොනව හරි වෙන්නද,,
වෙන්න යනවද,,
ඔයාගෙ ජීවිතේ මොනවා හරි
ඇත්තටම අහිමි වෙන්න යනවද,,
නැත්නම් අහිමි වෙලාද,,
ඔයා කියනවා ඔයාගෙ ඔළුව
අවුල් වෙලා කියලා,,
ඒත් එහෙම අවුල් වෙලා යන්න තරම්
දෙයක් ඔයගෙ ජිවිතේ වුනද,,,
හමොම ඔයා දිහා බලන්නෙ,,
නරකට වගේ කියල හිතුවට
ඇත්තටම එහෙමද,,,
ඒ ඔයට පේන හටි වෙන්න බැරිද,,,
Title: Re: ජීවිතයට ඔවදනක්...!!!
Post by: -NidhA- on November 02, 2010, 03:18:46 PM

සමහර වෙලාවකට,,
ජීවිතේට පුන්චි දෙයක් උනාම
හිත පැල් බැදගෙන එක එක
විකාර හිතනවා
කවදවත් නොවෙන දේවල් හිතනවා
පුන්චි මඳ පවන
මහ සුළි කුනාටුවක් කරගෙන හිතනවා
මේවා මෙහෙම වෙන්න පුලුවන්ද
කියලවත් නොහිතා
හිත මලගෙයක් වගේ රඟපනවා

ඔයාගේ ජීවිතේ මඟුල් ගෙයක්
වගෙ නම් නැතුව ඇති
ඒත් මළ ගෙයක් වගෙත් නැතුව ඇති

හැමදේම හිත,,,

ඔය ඔයාගේ හිත පුරුදු කරල
තියෙන්නෙ මහා
නරක විදිහට
Title: Re: ජීවිතයට ඔවදනක්...!!!
Post by: -NidhA- on November 02, 2010, 04:21:06 PM

දැන් හිතන්නකෝ,,
ඔයාට ජීවිතේ පුංචි
දෙයක් නොලැබී යනවා,,,
හරිම පුංචි දෙයක්,,
ඒක ගණන් නොගත යුතු
තරම් දෙයක්,,
ඕන නම් ඔයාට පුළුවන් ඒක
අමතක කරලා දාන්න,,
ඒත් ඔයා මොකද කරන්නෙ,,,
ඒ නැති වුණ පුංචි දේ
අල්ලගෙන
ජීවිතේම නැති වුණා වගේ හිතනවා

ගොඩක් වෙලාවට
ජීවිතේ වෙන ගොඩක් දේවල්
ඔය වගේ පුංචි දේවල් තමා
මහා නැස්පැත්තියක් වගේ හිත
බාර ගත්තට
ඔය දේවල් ඔය  කියන තරම්ම
නරකත් නෑ,,
ඔයා මිනිස්සුන්ගෙ ජීවිත වල
අහිමි වීම් දැකලා නෑ
මිනිස්සු අහිංසක හදවත්
වලට කරලා තියෙන දේ
නරක දේවල් ගැන
ඔයා දන්නෙවත් නෑ
ඔයාට වගේ නෙමෙයි
සමහර මිනිස්සුන්ට
ජීවිතේ අහිමි වෙලා තියෙන්නෙ
මහා පුදුම විදිහට
Title: Re: ජීවිතයට ඔවදනක්...!!!
Post by: -NidhA- on November 02, 2010, 05:06:37 PM

එහෙම බලද්දි
ඔයාට  මොනාද අහිමි වුණේ
ඔයාට හිතන්නම වෙනවා
පුංචි පුංචි දේවල්
අහිමි නොවෙනවා නම්
මේක ජීවිතයක් නෙමෙයි
රජ මාලිගාවේ උන්න
ඩයනා කුමරිගෙ ජීවිතෙත් අහිමි වීම් තිබ්බා නම්
අච්චර ලස්සන අයිෂ්වර්යා රායිගෙ
ජීවිතෙත් අහිමි වීම් තිබ්බා නම්
ඔයාට අහිමි වෙච්ච දේවල් මොනවද
මේ මම ඔයාව හෑල්ලු කරනවා නෙමෙයි
ඔයා එහෙමයි හිතන්න ඕනි

ඔයා එක වෙලවකට
එක එක දෙවල් වෙන හිත
චුට්ටක් ප්‍රබෝධෙන් තිය ගන්න
ඒක ලෙසි නෑ,,
ඒත් අමාරුත් නෑ,,

ජීවිතේ රැදිල තියෙනේ
ඔයාගෙ හිත මත
හිතේ ගලන සිතුවිලි මත
ඔයා බයෙන් ඉන්නවා නම්
ඔයට දිගටම එන්නෙත් බය සිතුවිලිමයි
ඔය දුකෙන් ඉන්නවා නම්
කුනු ගොඩට කුනු එකතු වෙනවා වගෙ
ඔයාට වෙන්නෙම දුක හිතෙන සිතුවිලි

ජීවිතේ පුංචි පුංචි දෙවල් වලින්
සතුටු වෙන්න ඉගෙන ගන්න
Title: Re: ජීවිතයට ඔවදනක්...!!!
Post by: -NidhA- on November 02, 2010, 08:31:40 PM
මෙය උපුටා ගන්නා ලද්දකි