Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

තොරතුරු ඉසව්ව - information centre => තාස්සණික විත්ති | tech news => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on October 29, 2010, 09:26:02 PM

Title: අන්තර්ජාල ගවේශකයාගේ 9වෙනි අනුවාදය එළි දකී..
Post by: w乇乃ᄊム丂イ乇尺 on October 29, 2010, 09:26:02 PM
මයික්‍රොසොෆ්ට් අන්තර්ජාල ගවේශකයාගේ 9වෙනි අනුවාදය එළි දකී..
Microsoft Internet Explorer 9 (beta)


(http://sinhalaya.net/store/I_E_9_technews_fn_29102010.png)

:dft003: Microsoft Internet Explorer කියන්නෙ මොකක්දැයි ඔයාල දන්නවනෙ..?
මේ ඊයෙ පෙරේදා Internet Explorer හි නිෂ්පාදකයා වන මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් Microsoft Internet Explorer හෙවත් මයික්‍රොසොෆ්ට් අන්තර්ජාල ගවේශකයාගේ 9වෙනි අනුවාදය එළිදක්වනු ලැබුවා..

:024: වැඩිදියුණු කල බ්‍රව්සරයක් ලෙසින් අළුත්වෙන Microsoft Internet Explorer 9 හි ක්‍රියාකාරීත්වයේ වේගවත් (Browsing Speed) බව වගේම, වෙබ් අඩවි වල පාට, රූප වැනි දෑ (High Quality Graphic Appearance) වඩාත් තියුණු ලෙස මනාව දර්ශණය වීමටත් සලස්වා තිබෙනව..

ඒ අතරින් රූප වල දර්ශණ ගුණාත්මකභාවය නම් ඉතා උසස්..  :045: ඒ වගේමයි වෙබ් අඩවි ඉක්මනින් පරිගණකය වෙත භාගත වීමටත් පහසුකම් සලසල තියෙනව වුනත්, මයික්‍රොසොෆ්ට් අන්තර්ජාල ගවේශකයාගේ 9වෙනි අනුවාදය කියන්නෙ වර්තමානයේ තියෙන ගිනි නරියා (Firefox), ක්‍රෝම්(Google Chrome), සෆාරි(Safari) වගේ වෙබ් ගවේශකයන්ගේ ආවේණික විධි ක්‍රම එහෙම (Exclusive Features, Tips & Tricks) ටික ටික කොපි කරල කියල නම් කියන්න පුළුවනි..  :005:

තාමත් අත්හදාබැලීමෙ (Beta) මට්ටමේ තියෙන මයික්‍රොසොෆ්ට් අන්තර්ජාල ගවේශකයාගේ 9වෙනි අනුවාදය මෙන්න මේ පහල යොමුවෙන් භාගත කරගන්න පුළුවං.. ඒ වගේම මේ කිව්වට වඩා වැඩි විස්තර එහෙමත් එහි තියේවි..  :dft003:
http://www.microsoft.com/windows/internet-explorer/default.aspx

- වෙබී
Title: Re: අන්තර්ජාල ගවේශකයාගේ 9වෙනි අනුවාදය එළි දකී
Post by: iris on October 29, 2010, 10:08:03 PM
බොහොම ස්තුතියි අයියේ මේ විස්තර වලට,,, තව පුංචි දෙයක් එකතු කරන්න හිතුනා,,
මේ අත් හදා බැලීමේ (Beta) අනුවාදය ක්‍රියාත්මක වෙන්නේ "වින්ඩෝස් විස්ටා" සහ "වින්ඩෝස් 7" සමග පමණක් බවත් අන්තර්ජාලයේ සඳහන්ව තිබුණා. වැඩි විස්තර හොයලා කියන්නම්....
Title: Re: අන්තර්ජාල ගවේශකයාගේ 9වෙනි අනුවාදය එළි දකී
Post by: iris on November 01, 2010, 10:31:51 PM
හොයාගත්තා තව විස්තර ටිකක්...

අන්තර්ජාල ගවේශකයාගේ මේ 9 වන අනුවාදය හොඳින්ම ක්‍රියා කරන්නේ "වින්ඩෝස් විස්ටා" සහ "වින්ඩෝස් 7" එක්ක ලු.. "වින්ඩෝස් XP" එක්කනම් ක්‍රියා කරන්නේ නැහැ.

මේ අනුවාදය, මයික්‍රොසොෆ්ට් අන්තර්ජාල ගවේශකයාගේ කලින් තිබුනු අනෙකුත් අනුවාද හැම එකකටම වඩා වේගවත්ව ක්‍රියාකාරී වෙන්නේ එය මගින් ඔබේ පරිගණකයේ දෘඩාංග වලින් උපරිම ක්‍රියාකාරීත්වයක් ලබාගන්න නිසා.

මේ අළුත් අනුවාදයෙන් දැන් වෙබ් අඩවිත්, යෙදුම් (Applications ) හැටියට පාවිච්චි කල හැකියි. ඒ කියන්නේ ඔබේ ප්‍රියතම වෙබ් අඩවි (favorite websites) දැන් කාර්ය තීරුවේ (taskbar) පුරන නිරූපක (launch icon) බවට පත් කරන්න පුළුවන්. එතකොට ඒකත් අනික් යෙදුම් වගේ තමයි. කාර්ය තීරුවේ ඒ යෙදුම දිස්වෙන්නේ පුංචි රූපයක් වගේ.."වින්ඩෝස් 7" වලදි අපි කිසියම් යෙදුමක් හකුළලා (minimize) තැබුවම කාර්ය තීරුවේ දිස්වෙනවනෙ පුංචි පින්තූරයක් ? අන්න ඒ වගේ තමයි...

ඒත් පොඩි කොස්සක් තියෙනවා,, එකම බ්‍රව්සරයේ පටිති (tabs) කිහිපයක් තියෙද්දි ඒ හැම එකක්ම වෙන වෙනම යෙදුම් හැටියට ගත්තට මොකද, ඒකේ අනික් පැත්ත - යෙදුම් කිහිපයක් නැවත එක් බ්‍රව්සරයකට ගන්න වැඩේ නම් කරන්න බැහැ..

ඒත් මෙහෙම නිරූපක බවට පත් කරගත්තම, ඒ නිරූපක මත දකුණු මූසික බොත්තම එබීමෙන් (right-click)ඒ හැම වෙබ් අඩවියකම මෙනු වලට කෙටිමග (selection of shortcuts) ලබාගන්නත් මේ අළුත්ම අනුවාදයෙන් පුළුවන් ලු.

තවත් දෙයක්,  මේ 9 වන අනුවාදයේ දී (home) නිරූපකය, පිටුසන් නිරූපකය (bookmarks icon) සහ  සිටුවම් නිරූපකය (settings) බ්‍රව්සරයේ උඩ දකුණු කෙළවරට අරන්.. ඒ වගේමයි, අපි පිටුසන් (bookmark) කරපු හැම වෙබ් අඩවියකටම, පිරික්සුම් ඉතිහාසයට (browsing history) සහ RSS සංග්‍රහයට වෙන වෙනම පටිති මේ පිටුසන් නිරූපකයට අදාල තරුවේ (star icon) තියෙනවලු.


Image Version :

(http://www.sinhalaya.net/store/ie9-part2.jpg)