Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

තොරතුරු ඉසව්ව - information centre => තාස්සණික විත්ති | tech news => Topic started by: Asha Nanayakkara on October 30, 2010, 11:56:44 PM

Title: මොනවද මේ "රාශී පරිඝණක" Cloud Computing ?
Post by: Asha Nanayakkara on October 30, 2010, 11:56:44 PM


(http://www.sinhalaya.net/store/cloudComputing.jpg)
අන්තර්ජාලය පදනම් කරගනිමින්, තාක්ෂණික සම්පත්, මෘදුකාංග, තොරතුරු සහ අනෙකුත් අවශ්‍ය උපකරණ අවශ්‍යතාවය මත (on-demand) හුවමාරුවක් තමයි "රාශී පරිඝණක" (Cloud Computing) තුලින් සිදුවන්නේ... එය හරියට කිසියම් විද්යුත් ජාලයක් (grid) වැනියි.

මෙය භාවිත කරන්නන්ට අදාල තාක්ෂණික විධික්‍රම, ශිල්පීය ඥාණය පිළිබඳව හසල දැනුමක් තිබීම අවශ්‍ය වන්නේ නැහැ. එමෙන්ම මේ සඳහා කිසිදු භෞතික යටිතල ව්‍යුහ (physical infrastructure) තමන් සතුව තිබීම අවශ්‍ය නොවන නිසා, ඉතා බරපතල බර පැන දැරීමකුත් (no capital expenditure) අනවශ්‍යයි. 

මෙම රාශි පරිඝණක සේවාවන් සපයන්නෙක් නිර්මාණය කරන තාත්වික පරිසරයක් තුල (virtual environment) ඔබ ආයතනයේ සම්පූර්ණ පරිඝණක ජාලය ම පවත්වාගත හැකියි.
ඔබට අවැසි පරිදි තාක්ෂණික සම්පත් පරිමාණිකව අඩු වැඩි කර ගැනීමේ හැකියාවත්, එම ජාලය වෙත ඉතා පහසුවෙන් පිවිසිය හැකිවීමත්, අවම වියදමත් වශයෙන් වාසි තිබුන ද, තොරතුරු වල ආරක්ෂාව පිළිබඳව නම් එතරම්ම සහතික වන්නට බැහැ. ඔබේ ජාලයට තවත් කෙනෙකු ඇතුළු වීම වැලැක්වීමේ හැකියාව නම් මේ රාශි පරිඝණක තුල අඩුයි.



සිංහලයා ෆැන්ටසි නිම්නය වෙනුවෙන් මං,
ආශා නානායක්කාර



Image Version :

(http://www.sinhalaya.net/store/cloud_comp.jpg)