Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

තොරතුරු ඉසව්ව - information centre => තාස්සණික විත්ති | tech news => Topic started by: Asha Nanayakkara on October 31, 2010, 11:56:02 AM

Title: පින්තූරෙයි පුස්ඹයි දෙකම එකට Smell-O-Vision Gadgets
Post by: Asha Nanayakkara on October 31, 2010, 11:56:02 AM
අපේ දැරිවියො හරිම ආසයි නෙව රූප පෙට්ටියෙ පෙන්නන සූප ශාස්ත්‍ර වැඩසටහන් බලන්ට,, කෑම වර්ගෙ හදන හැටි බලන අතරේ ඒක සුවඳත් නැහැයට දැනුනොත් කොහොමෙයි ? හරි ජාති නෙව ..!  :045:

ඕං දැන් ඒකත් ලඟදීම ලැබෙන්ටයි යන්නේ. මේ දවස් වල ජපානේ විද්‍යාඥ ගොල්ලො එකතු වෙලා පරේෂණ කොරං යනවයි කියලයි ආරංචි...

රූප පෙට්ටියේ පෙන්නන වැඩසටහන් විතරක් නෙවෙයි ලු, දැන් හිතන්ටකො අපි කොම්පියුටරෙන් චිත්තරපටියක් හරි පින්තූර හරි බලනවා කියාලා, මුහුදු වෙරළක හරි, මල් වත්තක හරි වෙන ඕනෑම තැනක වුනත්, ඒ ඒ තැන් වලට ආවේණික පරිසරයේ පුස්ඹ විඳින්ට පුළුවන් වෙන්ටයි මේ (Smell-O-Vision) මාදිලියේ "ගැජට්" එක හදන්ට තනන්නේ.

මේක හදන්ට ඔය "ඉන්ක් ජෙට්" (ink jet printers ) මුද්‍රණ යන්ත්‍රයේ තාක්සණේලු පාවිච්චි කොරන්නේ. තීන්ත වෙනුවට සුවඳ වර්ග දමලා..

තවම නම් සුවඳ වර්ග දෙක තුනයි ලු යොදල තියෙන්නේ. ඒත් රූප පෙටිටියේ හරි කොම්පියුටරේ හරි පෙන්නන ඕනෑම වැඩසටහනකට අදාල චොකොලට් සුවඳ, මල් සුවඳ, පලතුරු සුවඳ වගේ මේ හැම පුස්ඹක් ම යොදන්ටලු මේ ජපන් විද්‍යාඥ උන්දැලාගේ කල්පනාව..

දැන් එතකොට අපේ සූප ශාස්ත්‍ර වැඩසටහනේ හොද්ද රොස් උනොත් ? ඒකෙ පුස්ඹත් විදින්ට බැරිකමකුත් නැතිවෙයි , නේ ද බොලල්ලා ?  :005:

ජපනා හපනා නෙව,, බලමුකො තව ඉස්සරහට..



සිංහලයා ෆැන්ටසි නිම්නය වෙනුවෙන් මං,
ආශා නානායක්කාර


Image Version :

(http://www.sinhalaya.net/store/smell-o-vision.jpg)