Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විත්ති - events => මේ,, දන්නවැයි ? | do you know that ? => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on November 03, 2010, 02:55:31 AM

Title: "සිරසයි (කොපි කරන්ඩ) පාර කියන්නේ.." (SIRASA - the 1st in copying global creativity)
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 03, 2010, 02:55:31 AM
මේ ඊයෙ පෙරේදා ස්වර්ණවාහිනියෙ "මෙගාස්ටාර්" වැඩසටහන එහැම පිටින්ම වාගෙ කුරුවල් උනා නෙව.. කාගෙ අතිනුත් වැරදි සිද්ද වෙනවා.. පුරස්නෙ නං ඒක නෙමේ..  ඒ සිද්දිය වෙච්චි තකහනියෙම අන්තර්ජාලෙයි, මගතොටෙයි හැමතැනම "මහා හා හූවක්" ඇති කොරන්ට අපේ සමාජෙ එක එක ඈයො කටයුතු කොලා...

"සිරස තමයි ඕර්ගනයිසිං නම්බර් වන්.."
"සිරසට ගහන්ඩ බෑ ස්ටේජ් ෂෝස් වලින්..."
"සිරස කොපි කරන්න ගියම ඔහොම වෙනව..."
"ස්වර්ණවාහිනිය මැක්සා චා...... සිරස තමයි බෙස්ට්.."

මේ ආකාරෙං "සිරස ඉස්සරහ තියාගෙන" හරි හරියට පුරසාරං නෙව...?

අපේ රටේ කොරාපු හැම අළුත් වැඩක් ම සිරස කොලා කියන ඈයො අමතක කොරාපු දෙයක් තමයි, "ලෝකෙ වටේ තියෙන හැම දහ ජරාවක් ම මේ සිරිලකට කුට්ටි පිටිං ලැජ්ජ නැතුව ගෙනාවෙ සිරස" කියන වග...

තවත් විදිහකිං කියනව නං,
සිරස තමා මුලින් ම අනුංගෙ ඒව කොපි කලේ?
ලෝකෙ වටේ තියන වැඩසටහන් ටිකක් අවුස්සල බැළුවොත් ඒ කොපි කිරිල්ලෙ රඟ පෙනේවි..

මේං ඒකට පුංචි පහේ උදව්වක්..
(අපි ඉස්සරහට තවත් මේකට විස්තර එකතු කොරනවා හොඳේ....)
ඒ වගේම ඔයැයිල ලඟත් මේ වගේ "කොපි විස්තර" ඇත්නම් පල කොරනව හොඳා..




Title: Re: "සිරසයි (කොපි කරන්ඩ) පාර කියන්නේ.." (Hina Ina)
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 03, 2010, 02:57:23 AM
Hina Ina From Sirasa TV (ths was the copy)
http://www.youtube.com/v/3d10Y2JW8Zc?fs=1&hl


PopCorn TV/ Mad Boys (this is the original) >>>> for more, http://www.madboys.fr
http://www.youtube.com/v/X76CGipDxCs
Title: Re: "සිරසයි (කොපි කරන්ඩ) පාර කියන්නේ.." (Super Star)
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 03, 2010, 03:14:57 AM
Sirasa Super Star (this was the copy/ very 1st copy)
http://www.youtube.com/v/TyjtpqPuc2A?fs=1&hl

After, (Derana)
http://www.youtube.com/v/bWr6sZr8owI?fs=1&hl

Then after,
Sri Lankan Life by Rupavahini


American Idol (this was the original)
http://www.youtube.com/v/n03B-QHS3L8?fs=1&hl

Title: Re: "සිරසයි (කොපි කරන්ඩ) පාර කියන්නේ.." (SIRASA - the 1st in copying global creativity)
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 03, 2010, 03:51:30 AM
ස්වර්ණවාහිනියෙ මෙගා ස්ටාර් කතන්දරේ පිටිපස්සෙ තවත් හා හූවක් ඇහෙනව නෙව..?

හැබැයි ඉතිං මේ සිද්ද වෙච්චි සන්තෑසි දිහා බැළුවම,
මේව සිරසේ පැලෑනක් දෝයි කියලත් හිතෙනව ඕං..

"මිනිස්සුන්ගෙ අවදානෙ ගන්ටය කියල තමුංම ගිනි තියා ගත්ත නං.."
"බෝම්බෙ පිපිරුනේ නැතිවට පිපිරුනා කියල හිතල ඉස්පිරිතාල වලට ලෙඩ්ඩු ගෙනියන හැටි පරණ වීඩියෝ වලින් පෙන්නල "නිව්ස් ෆස්ට්" වෙන්ඩ හිතුව නං.."
"අපෙං කොපි කරං අර සයිබර් අවකාසෙ සිංහලයා ය කියාගෙන පටං ගත්තු වෙබ් ඇටවිල්ලෙ කොල්ලෙකුගෙ කකුලට උං ම වෙඩි තියාල, "ඒ වෙබ් ඇටවිල්ල එවුංට වෙඩි තියන තරමට ම තර්ජන" කියල මිනිස්සුන්ට පෙන්නන්ඩ ඒ දවස් වල "ළාමක" වුනා නං.."

සිරසට මේකත් "ලැජ්ජවට කාරණයක්" වෙන්ට බැරි නෑ නෙව..?



related post:
http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9344.0.html
Title: Re: "සිරසයි (කොපි කරන්ඩ) පාර කියන්නේ.." (SIRASA - the 1st in copying global creativity)
Post by: madusanka420 on December 06, 2010, 03:20:48 AM
(http://i397.photobucket.com/albums/pp54/madusanka420/photo-2.jpg)