Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විත්ති - events => මේ,, දන්නවැයි ? | do you know that ? => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on November 05, 2010, 12:40:39 AM

Title: ගුවනේ යෝදයා ලෙඩ වෙයි.. (an engine failure of a380)
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 05, 2010, 12:40:39 AM
ගුවනේ යෝදයා ලෙඩ වෙයි..!

මෙයට පැය කිහිපයකට පෙර ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටේ සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙත ගමන් ගනිමින් තිබූ A380 වර්ගයේ ගුවන්බසයක (Airbus) එන්ජිමක දෝෂයක් නිසාවෙන් සිංගප්පූරුව වෙත හදිසි ගොඩබැස්වීමක් (Emergency Landing) සිදු කරනු ලැබුවා..
http://www.youtube.com/v/UJN8Paj8I4g?fs=1&hl

http://www.youtube.com/v/P-qcxL8Hp00?fs=1&hl

මගීන් හාර සියයකට වැඩි පිරිසක් රැගත් මේ දැවැන්තයා ඕස්ට්‍රේලියානු "ක්වන්ටාස්" (QANTAS) ගුවන් සේවය සතු වූවක්.. මෙම සිදුවීමත් සමගම ක්වන්ටාස් ගුවන් සේවය විසින් දැනට තමන් සතුව තියෙන සියළුම ඒ380 ගුවන් ගමන් තාවකාලික ව නවතා දැමීමට ක්‍රියා කලා. ඒ මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු ඉවර වෙනතෙක්..

යානයේ ගමන් ගත් මගීන් පවසන්නේ, එකවර දැවැන්ත හඬක් ඇසුනුබවත් යානයෙන් එලියේ එහි තටුව ප්‍රදේශයෙන් දුමාරයක් ද දුටු බව යි..

එන්ජින් 4ක් සහිත මෙම ඒ380 මාදිලියේ මෙම ගුවන් යානා නිපදවනු ලබන්නේ, ප්‍රංශයේ "එයාර්බස් ඉන්ඩස්ට්‍රි" (Airbus Industry) සමාගම විසින්.. තට්ටු දෙකක් සේ නිර්මාණය වී ඇති මෙහි මගීන් 525 දෙනෙකුට එකවර ගමන් කල හැකියි. එමෙන්ම මෙහි එන්ජින් නිෂ්පාදනය කොට ඇත්තේ සුප්‍රකට "රෝල්ස් රොයිස්" (Rolls-Royce) සමාගම විසින්.. එන්ජින් 4ක් ක්‍රියාත්මක වුවත් හදිසියක දී එන්ජින් තුනකින් වුවද ගමන් ගැනීමට හැකි පරිදි නිර්මාණය වී ඇති මෙම ඒ 380 ගුවන් බසය දැනට ලොව මගී ප්‍රවාහනයේ නියුතු දැවැන්තම ගුවන් යානාව වෙනවා.

http://www.youtube.com/v/HvR1Oe6CfoQ?fs=1&hl

කෙසේ නමුත් මෙම මාදිලියේ යානා සම්බන්ධ ව ඉහත සිදුවීම මෙවන් ආකාරයේ පලමු වැන්න නම් නෙමෙයි.

2007 වර්ෂයේ ඔක්තෝබර් 25 වෙනිදාවක මුලින්ම සිංගප්පූරු ගුවන් සේවය විසින් මෙවන් යානාවක් සිය ගුවන් සේවය වෙනුවෙන් මුලින්ම එකතු කර ගත්තා.. එතැන් පටන් මේ වන විට ඒ380 වර්ගයේ ගුවන් බස් 250කට අසන්න ගණනක් ඇණවුම් ලෙස එයාර්බස් ඉන්ඩස්ට්‍රි සමාගම වෙත ලැබී තියෙනවා..


- ෆැන්ටසි රාළ..





Image Version:
(http://sinhalaya.net/store/a380_singpore_landing_4112010.gif)

Title: Re: ගුවනේ යෝදයා ලෙඩ වෙයි.. (an engine failure of a380)
Post by: ###[email protected]@ on November 05, 2010, 12:55:11 AM
 :026: australia plane ommama thamai sure karanna beha owa wala giyama  :046:
Title: Re: ගුවනේ යෝදයා ලෙඩ වෙයි.. (an engine failure of a380)
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 05, 2010, 01:29:28 AM
Laaba unath Kuwait Airways..  :011: karatte vage helli helli avath kohoma hari land karanava..  :52:
SriLankan nam ithin kohomat reliable..!

Title: Re: ගුවනේ යෝදයා ලෙඩ වෙයි.. (an engine failure of a380)
Post by: madusanka420 on November 05, 2010, 03:03:30 AM
http://www.youtube.com/v/lvf_4WEHd-w&hl
Quote
Video captured immediately after the emergency landing ...
Title: Re: ගුවනේ යෝදයා ලෙඩ වෙයි.. (an engine failure of a380)
Post by: iris on November 05, 2010, 05:28:39 AM
අනිත් එක ඉන්දියන් එයාර්ලයින්ස් ! ඇණ මුරිච්චි ටික ඔක්කොම බුරුල්වෙලා වගේ සද්දේ සමහර ගුවන් යානා වල   :031:

චෑස්, චූස් ගගා හෙලවි හෙලවි, ගැස්සි ගැස්සි යන්නේ, කරත්තේ යන එක ඔය තරම් අමාරු නෑ මං හිතන්නේ.
අහසේ තියෙන වල ගොඩැලි ගැන දැන ගන්න නම් ඉතින් ඉන්දියන් එයාර්ලයින්ස් ම තමයි...!!
   :045: